යුද්ධයේදී මහින්ද හා සාමයේදී රනිල්

ඇත්ත ය. මහින්ද යුද්ධය අවසන් කළේ ය. කොටි සංවිධානය මුලිනුපුටා දැමුවේ ය. නිල නො වන අන්දමින් බෙදී තිබුණු රට යළි එක් සේසත් කළේ ය. සංචලනයේ නිදහස ඇති කළේ ය. උතුරු නැගෙනහිර පසුගාමී ආර්ථික කලාප කොළඹ කේන්ද්‍රීය ප්‍රාග්ධනයත් සමග ගැටගැසුවේ ය. ලංකාවේ සමාජ-ආර්ථික-දේශපාලන සංදර්භයේ සුසමාදර්ශීය වෙනසක් සිදු කළේ ය.

යුද්ධය යුද්ධයෙන් අවසන් කිරීම මහින්දගේ උපායමාර්ගය විය. එහෙත්, ජාතික වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද යුද්ධය සම්බන්ධයෙන් මත දෙකක් පැවතිණි. ලංකාවේ සිවිල් යුද්ධයට හේතුභූත වූ ජාතීන්ගේ ප්‍රශ්නයට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා දී යුද්ධය අවසන් කළ යුතු ය යන්න වඩා ප්‍රබුද්ධ මතය විය. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය 2005 වන විට සිටියේ එම ස්ථාවරයේ ය. එයට ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා ජපානය වැනි රටවල සහාය ලැබිණි.

එහෙත්, කොටි සංවිධානය යනු දැඩි ජාතිවාදී, වෙනම රාජ්‍යයක් හැර වෙනත් විසඳුමක් පිළිගැනීමට කැමැත්තක් නො තිබුණු, අනම්‍ය සංවිධානයකි. එවන් සංවිධානයක් සමග සාකච්ඡා ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම පහසු වූයේ නැත. රනිල් වික්‍රමසිංහ රජයේ හා ජාත්‍යන්තර බලවේගවල උපායමාර්ගය වූයේ කොටි සංවිධානය සාම ක්‍රියාවලිය තුළ සිර කර, දුබල කර, බලය බෙදා ගැනීමේ සාකච්ඡාමය විසඳුමක් වෙත තල්ලු කිරීමයි. එය කිසියම් දුරකට සාර්ථක විය. කොටි සංවිධානය සිය මාධ්‍ය ඒජන්තවරයකු වූ සිවරාම්ගේ ලේඛන හරහා මෙම උපායමාර්ගය හෙළිදරව් කළ අතර එය හඳුනා ගනිමින් යුදමය වශයෙන් එයට මුහුණ දීමට කටයුතු කරන බව ද පැවසුවේ ය. සිවරාම් පැවසුවේ කොටි සංවිධානය මිලිටරි වශයෙන් ශක්තිමත් වීම සඳහා නව බඳවාගැනීම්, පුහුණුවීම් හා ප්‍රසම්පාදන කටයුතු කරමින් සිටින බවයි. එය සත්‍යයකි.

එහෙත්, රනිල් වික්‍රමසිංහ රජයේ උපායමාර්ගයේ ප්‍රතිඵල වැඩි කලක් යන්නට පෙර ලැබිණි. සාම ක්‍රියාවලිය අතරතුර කොටි සංවිධානයේ අභ්‍යන්තරයේ තිබුණු ගැටුම් පුපුරා යමින් සංවිධානය දෙකඩ විය. නැගෙනහිර පළාතේ කොටි සංවිධානය දුබල වූ අතර, යුද්ධය ආරම්භ වීමෙන් පසු එම පළාතේ කොටි පාලන ප්‍රදේශ පහසුවෙන් අත්පත් කර ගැනීමට ආණ්ඩුවට හැකි විය.

රනිල් වික්‍රමසිංහ රජයේ උපායමාර්ගය සාර්ථක වෙමින් පවතිද්දීත්, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය හා ශ්‍රීලනිපය බලලෝභිත්වය නිසා රනිල් කොටි සංවිධානයට පක්ෂව රට බෙදීමට කටයුතු කරමින් සිටින්නේ ය යන ප්‍රලාපය නිර්මානය කළේ ය. මෙය කොටි සංවිධානය ද සාකච්ඡා මාර්ගයෙන් පිට පැනීමේ උවමනාව ඉෂ්ට කර ගැනීම සඳහා මාර්ගයක් කර ගත්තේ ය. කොටි සංවිධානය විසින් ගන්නා ලද සටන් විරාම උල්ලංඝන ක්‍රියාමාර්ග හැමෙකක් ම දකුණේ සිංහල ජාතිවාදයට තල්ලුව දුන්නේ ය. ඩග්ලස් දේවානන්දා ඝාතනය කිරීමට කොළඹදී බෝම්බ ඇටවීම, බුද්ධි අංශ නිලධාරීන් ඝාතනය කිරීම වැනි සිද්ධි සමග සටන් විරාමය මෙන් ම සටන් විරාමයට මුල් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ද දැඩි අර්බුදයකට තල්ලු විය. අවසාන ප්‍රතිඵලය වූයේ රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂය 2004 මහ මැතිවරණයෙන් හා 2005 ජනාධිපතිවරණයෙන් පරාජය වීමයි. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට වැඩි ම දායකත්වයක් සැපයුවේ සිංහල ජාතිවාදයේ සරණ ගොස් සිටි ජනතා විමුක්ති පෙරමුණයි. රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට වැඩි ම දායකත්වයක් දුන්නේ දෙමළ ජාතිවාදී කොටි සංවිධානයයි. ඒ උතුරු - නැගෙනහිර පළාත්වල ජනයා ඡන්දය දීම වර්ජනය කිරීමට පෙළඹවීමෙනි. මහින්ද රාජපක්ෂ ටිරාන් අලස් සභාපතිත්වය දැරූ රාඩා සංවිධානය හරහා කොටි සංවිධානයට මුදල් ලබා දෙන්නේ ඒ වෙනුවෙන් කෘතගුණ සැලකීම පිණිස ය.

මහින්ද සාකච්ඡා ක්‍රියාමාර්ගය හා එයට සහයෝගය දැක්වූ ජාත්‍යන්තර බලවේග අතහැර දැමුවේ ය. සිංහල ජාතිවාදී බලවේගවල බලපෑමට නතු වෙමින් යුද්ධයක් ආරම්භ කළ අතර එය කොටි සංවිධානය විසින් ද අපේක්ෂා කරන ලද දෙය ම විය. එහෙත්, ඒ වන විට කොටි සංවිධානය දුර්වල වී තිබිණි. ඔවුන් අවි ආයුධ විශාල ප්‍රමාණයෙන් රැස් කරගෙන තිබුණත්, පිරිස් බලය, පුහුණුව හා පිරිස්වල ආත්ම ශක්තිය පැවතියේ දුර්වල මට්ටමකයි. කරුණාගේ කැඩී යාම නිසා ඇති වූ අභ්‍යන්තර බිඳ වැටීම මෙන් ම, සටන් විරාම සමයේ දකුණ සමග ඇති වූ සම්බන්ධතා නිසා ජීවිතවල සිදු වූ වෙනස්කම් ද එයට හේතු විය.

මහින්ද ක්‍රම, ක්‍රමයෙන් යුද්ධය පිළිබඳ අධිෂ්ඨානශීලී විය. සිංහල ජාතිවාදී බලවේග ඔහු යුද්ධයට තල්ලු කළේ ය. එය සත්තකින් ම දෙමළ විරෝධී යුද්ධයක් විය. යුද්ධයේ ගොදුරු බවට පත් වී සිටි දෙමළ ජනයාට කිසිදු සානුකම්පාවක් හිමි වූයේ නැත. හමුදාව කටයුතු කළේ කොටි සංවිධානය සමූලඝාතනය කිරීමේ අරමුණෙනි. අවසානයේදී රජය යුද්ධය ජයග්‍රහණය කළේ ය. කොටි සංවිධානයේ යටත් වූ සටන්කරුවන් හා කොටින්ට සම්බන්ධ යයි සැක කරන ලද සිවිල් වැසියන් ද, සාමාන්‍ය දෙමළ වැසියන් ද විශාල පිරිසක් ඝාතනය කළ බවට හමුදාවන්ට චෝදනා එල්ල වී තිබේ.

අද වන විට මෙම චෝදනා ලංකාවේ ජාත්‍යන්තර දේශපාලන ඉරණම විසඳන සාධකයක් බවට පත් වෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ලංකාවට එරෙහි ක්‍රියාමාර්ග වෙත තල්ලු වීමේ අවදානමක මුවවිට අපි අද සිටිමු. අපගේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා රටවල් ආදිය ලංකාවට එරෙහිව සම්බාධක පැනවුවහොත් බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට අපට සිදු වනු ඇත. මහින්ද රාජපක්ෂ බලයෙන් පහ වීම නිසා අද වන විට මෙම අවදානම යම් තරමකට අවම වී තිබේ.

යුද්ධයේ ජයග්‍රහණය තමන්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස අලෙවි කරමින් මහින්ද රාජපක්ෂ බලය තහවුරු කර ගත්තේ ය. ලංකා ඉතිහාසයේ අන් කිසිදු රාජ්‍ය නායකයකුට වඩා ඔහු බලවත් විය. එසේම, සාමය හා සංහිඳියාව ගොඩනැගීමටත්, ආර්ථික හා සමාජ සංවර්ධනය වෙත රට යොමු කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටත් ඔහුට ලැබුණු අවස්ථාව ඉතිහාසයේ අන් කිසිදු පාලකයෙකුට ලැබුණේ නැත.

එහෙත්, ඔහු ජනතාවගේ ඒ පැතුම් ඉටු කිරීමට අවාසනාවන්ත ලෙස අසමත් වූයේ ය. ඔහු කළේ තමන්, තම පවුල, විස්තෘත පවුල, ඥාතීන්, හිතවතුන්, අනුගාමිකයන් සමග එකතු වී සංවර්ධනයේ නාමයෙන් රට ම සූරාකෑමයි. ගිනි පොළියට ණය ගනිද්දී ද, ඒ ණයවලින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී ද, කොන්ත්‍රාත් දෙද්දී ද, මිළ දී ගැනීම් කරද්දී ද, රජයට අයත් වත්කම් හා දේපල පරිහණය කරද්දී ද, පෞද්ගලික අංශය සමග ගනුදෙනු කරද්දී ද, සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී ද, සහනාධාර බෙදාහරිද්දී ද ඔවුහු අසීමිත අන්දමින් මහජන දේපල සූරා කෑ හ.

අගෝස්තු 18 දින බලයට පත් වන ආණ්ඩුවට පාලනය කරන්නට සිදු වන්නේ රාජපක්ෂවරුන් විසින් වවුල් හපයක් බවට පත් කරන ලද රටකි. මේ වන විටත් ලංකාවේ මහා භාණ්ඩාගාරය හා මහ බැංකුව විසින් කරමින් සිටින්නේ ගත් ණය පියවීම සඳහාත්, එදිනෙදා වියදම් සඳහාත් තව තව ණය ගැනීමයි. පරම්පරා ගණනාවක් උගස් කර ඉදි කරන ලද හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, අධිවේගී මාර්ග වැනි ඉදිකිරීම් ව්‍යාපෘති අතිශය අසාර්ථක ය. ඒවායින් ණය ගෙවීම සඳහා අවශ්‍ය විදේශ විනිමය නිපදවෙන්නේ නැත. ලංකාවේ ආර්ථිකය ගමන් කරමින් සිටින්නේ මහා අගාධයක් දෙසටයි. ආනයන පාලනය කර නො ගතහොත්, අපනයන සංවර්ධනය කර නො ගතහොත් සහ ඍජු විදේශ ආයෝජන මේ රටට ගෙන්වා ගැනීමට රජය අසමත් වුවහොත් මහා ආර්ථික අර්බුදයක් අත ළඟ ය.

මෙවන් අර්බුදයක් කළමනාකරණය කර ගැනීමේ කිසිදු හැකියාවක් මහින්ද රාජපක්ෂට නැත. ඔහුට කළ හැක්කේ අලි මදිවාට හරක් කිව්වා සේ ආර්ථික සම්බාධක ද දමාගෙන රටේ ආර්ථිකය අවුලෙන් අවුලට පත් කිරීම හා චීනයෙන් ලබා ගන්නා ණයට හිලව් පිණිස රට චීනයේ පිළිකන්නක් බවට පත් කිරීමත් පමණි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //"කදිරගාමර් වැනි දේශපාලකයන් ඝාතනය කිරීම"// කදිරගාමර් ඝාතනය වුනේ රනිල්ගේ රජය පෙරලුනාට පසුව ඇතිවුණු පොදු පෙරමුණු රජය පවතිනකොට නේද?

    ReplyDelete
  2. ඔබ හරි. නිවැරදි කළෙමි.

    ReplyDelete
    Replies
    1. හැබෑට? දැන් එතකොට ප්‍රභාකරන් හරිම අහිංසකයි. පොර රනිල් එක්ක සෙට්වෙලා සාමය ගෙන්න හදද්දී දුෂ්ට මරා මිනිස්සු රවට්ටලා ඌට සල්ලි දීල දිනලා ආපහු ඌව යුද්ධයට තල්ලු කරලා යුද්ධය කිය කිය මිනී මැරුවා. එහෙමද? නිකන් පලයන් පොල් බූරු කතා නොකිය. යකෝ අවුරුදු විසිපහක් සාම සාකච්චා තියල හැමදාම දුෂ්ට විදිහට පොල්ල තියපු ප්‍රභාගේ කල්ලිය ස්වයන් පාලනේ දුන්නම හැදෙයි. අනේ තොගේ කුණු බයිලා උබම තියාගනින්. උන් ලෝකේ මොකාටවත් කන්ට්‍රෝල් නැති කුරිරු මිනීමරුවෝ සෙට් එකක් බව ඇමරිකාව පවා සදහන් කළා. දුෂ්ට මරා කල්ලිය 2010න් පස්සේ රට කෑබව ඇත්ත. නමුත් ප්‍රභා ඉවරකලේ ඌට දෙන්න තිබ්බ එකම බෙහෙතින්. වෙන කිසිම ක්‍රමේකින් ඌව පාලනය කරන්න බැහැ මරණයෙන් හැර. ඒක ලොවම පිළිගන්න සැබෑ යථාර්තයයි. නමුත් උතුරේ සාමාන්‍ය දමිල ජනතාවගේ සැබෑ ගැටළු වලට විසදුම් දීම දැන් කලයුතුයි. කපටි මරා එක කලේ නැතිබව ඇත්ත.

      Delete
    2. why do u have to use filth and insult the writer.You have a valid point but u fail to convince because of ur language.
      If ur response is this violent,I see no differece betweeen u and Prabakaran

      Delete
    3. මං හිතන්නෙ ඇනෝ ඉතිහාසය නොදන්නා නිසා මෙහෙම කෑ ගහනවා කියලයි. රනිල්ගෙ සාම වැඩපිළිවෙල හරහා කොටි සංවිධානයේ අධිෂ්ටාන බලය බිඳුනයි කියන එක පැහැදිළිව පේන දෙයක්. හැබැයි ඒ කාලය තුළ කොටි සංවිධෘනය තව තවත් සන්නද්ධ වුනා. කොච්චර සන්නද්ධ වුනත් හමුදාවකට (නිල හෝ නොනිල) යුද්ධයක් දිනන්න බෑ අධිෂ්ඨානය නැතුව. පිල්ලෙයාන්, කරුණා අම්මාන් පිරබාකරන්ගෙන් කැඩෙන්නෙත් නැගෙනහිර පහසුවෙන් පරදින්නෙත් මේ නිසාමයි. ඒත්, එල් ටී ටී ඊ එක අවංකව සටන්විරාමය පවත්වාගන යන්න අපොහොසත් වුනා.
      අනිත් එක මේ රටේ අවුරුදු විසිි පහක් සාම සාකච්ඡෘ තිබ්බෙ නෑ කවුරුවත්. හිටපු හැම නායකයම උත්සාහ කළෘ ප්‍රශ්නය විසඳන්න. ඒත් 2995 වෙනකොට ජාත්‍යන්තර ජනමතය ත්‍රස්තවාදියට එරෙහිව පැවතීම විශාල පිටුවහළක් වුනා එල් ටී ටී ඊ එක කුඩුපට්ටම් කිරීම සඳහා.
      අනිත් එක ආණ්ඩුවෙ හමුදාව ශක්තිමත් කළේ චන්ද්‍රිකා විසින්. මහින්ද කරපු දෙයක් නෑ එතන. මාවිල් ආරු සොරොව්ව වැහීමෙන් කොටි ඉල්ලං කෑවෙ නැත්නම් මහින්ද වුනත් යුද්දයට බහින්නෙ නෑ. එයා පටන් ගත්ත හැටි 2005දි මතකයි නේද?

      Delete
  3. ලිබියාවට දිනා දුන් යහ පාලනය
    ඩේවිඩ් කැමරන්ලාගේ දේශපාලන ක්‍රියාමාර්ග මොන තරම් විශිෂ්ට ද කියලා පසු ගිය අවුරුද්දක දෙකක ඉතිහාසය අමතක නොකර David Cameron orders plans for military intervention in Libya to take the fight to 'death cult' ISIS ලිපිය කියෙව්වා නම් අවබෝධ කර ගන්න අමාරු නෑ.

    ලිබියාව කියන්නේ ගඩාෆිගේ කාලයේ අප්‍රිකාවේ තිබුණු ධනවත් ම රාජ්‍යය. එකල ලිබියාව හැඳින්වූයේ අප්‍රිකාවේ ස්ව්ට්සර්ලන්තය නමින්. ඇත්තට ම ගඩාෆි තමන්ගේ ජනතාවට ලබා දුන් පහසුකම් ධනවත් යුරෝපා රටවල් පවා තම ජනතාවට ලබා දී තිබේ ද යන්න සැබවින් ම ප්‍රශ්නයක්.

    බටහිරට සිතු සේ ලිබියාවේ තෙල් සම්පත කොල්ල කෑම සඳහා පැවති ලොකුම බාධකය ගඩාෆි. ඉතින් එහෙව් ගඩාෆි ඒකාධිපතියා කියලා ඒ රටේ ජනතාව අන්දනවා.

    ඉතින් ගඩාෆිගෙන් ලිබියාව බේර ගන්න ලිබියා ජනතාව ගැන උතුරා යන සෙනෙහසින් ජිහාඩ් කල්ලිවලට සියලු අවි ආයුධ සහ ආධාර ලබා දෙන්නේ බටහිර. ගඩාෆි අයින් කළා. අද ලිබියාව කියන්නේ අමු සොහොනක්.

    එදා ජිහාඩ් කල්ලිවලට බටහිර ලබා දුන් අවි ආයුධ සහ පහසුකම්වලින් උපන් ISISගෙන් ලිබියාව බේර ගන්න දැන් බටහිර නව සටනක් සුදානම්. එදා ගඩාෆි ඒකාධිපතියා කීවා. අද ISIS කියන්නේ ලෝකය හමුවේ ඇති විශාලතම තර්ජනයක්ලු.

    බටහිර යම පාලන ඇම ගිල්ල ලිබියානුවන්ට තව කල්පයකට ඉන් ගොඩ ඒමක් නම් නැත. ඔවුන් තමන්ගේ රට දිව්‍ය විමානයක් කළ නායකයා පමණක් නොව ඒ සියලු සම්පත් සමඟ සිය රටේ අනාගතය ද අහිමි කර ගෙන අවසන් ය.

    බටහිර ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, යහ පාලනය ආදි සියල්ල තමන්ට අවනත නොවන රටවල් ශිෂ්ටාචාර පිටින් මිහිපිටින් අතුගා දමන පරමාණු බෝම්බ පමණි.

    මේ යහ පාලන පරමාණු බෝම්බ එදා ඇමරිකාව ජපානය මතට හෙළු පරමාණු බෝම්බවලටව වඩා භයානක ය. ඒ මේ යහ පාලන පරමාණු බෝම්බ පිපිරීමෙන් විනාශයට පත් වන, ඊට ගොදුරු වන රටවල ජනතාව විසින් සතුරා ලබා දෙන බෝම්බ දෝතින් ම බදා ගෙන තමන් විසින් ම පුපුරුවා ගැනීම ය.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ඔයා ඒ කාලෙ මේව ලිව්වා නම් ගඩාෆිගේ සිංහල මාධ්‍ය ප්‍රකාශක විදියට පත් කරන්න තිබුණා.

      අර ‘එකල ලිබියාව හැඳින්වූයේ අප්‍රිකාවේ ස්ව්ට්සර්ලන්තය නමින්' කියන කෑල්ල පට්ට නිර්මානාත්මකයි. ගඩාෆිවත් එහෙම කිව්වෙ නැහැ.

      මෙහෙමත් කියන්න පුළුවන් නේ ද? ‘මහින්දගේ කාලෙ ලංකාව හැඳින්වූයේ දකුණු ආසියාවේ ස්ව්ට්සර්ලන්තය නමින්.'

      Delete
    2. ඔය 'ලිබියාව/ ඉරාකය සදාම්,ගඩාෆි වගේ අය යටතේ මිනිස්සු ආතල් එකේ ඉන්න මාර ශෝයි රටවල් විදිහට තිබ්බනෙ' කියන එක බොහොම කොමන් ගොන්පාට් එකක්...
      ඔය රටවල් හැමදාම තිබ්බේ ඒකාධිපති ගුබ්බෑයම් විදිහට.. ඉරාකෙ සදාම් කුර්දි මිනිස්සු දාස් ගානක් ගෑස් ගහල මරන්නෙත් ගඩාෆි තමන්ට විරුද්ධව උද්ගෝෂනය කරපු මිනිස්සුන්ට ගුවනින් බෝම්බ දාන්නෙත් ඒ නිසා...
      අවසානයේ මිනිස්සු ගඩාෆිට විරුද්ධව ආයුද අතට ගන්නව..(මුලින්ම අරගල පටන්ගන්නෙ බෙන්ගාසි නගරයේදි )
      ගඩාෆි බටහිර රටවල පොදු සතුරා නිසාත් ඔහුව පැරැද්දුවේ නැතිනම් තමන්ට විරුද්ධව නැගිට්ට ලක්ෂ ගනනක් සමූලඝාතනය කරන නිසාත් නේටෝ රටවල් ඔහුට එරෙහිව ගුව්න් ප්‍රහාර එල්ල කරනව..
      අවසානයේ ගඩාෆි පරදිනව...

      නමුත් දශක ගනනක් ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් නොමැති කමත්, ගඩාෆි එලව්න සටනට එක්වෙච්ච ඉස්ලාම් අන්තවාදීන් නිසාත්, ලිබියාව තුල පවතින ගෝත්‍ර අතර ගැටුම් නිසාත් තවම ඒ රට ඇතුලේ ගැටුම් ඉවරයක් නෑ...
      නමුත් ඒ කියන්නේ ගඩාඉ මාර සිරා පොරක් කියන එක නෙමේ..

      Delete
    3. Your ?NATO is not against Saudi Arabian democracy! Do you know 1700000 Libyan people demonstrated against NATO in tripoli city itself!

      Delete
    4. යම් ඒකාධිපතිවාදයක් තිබුණත් ඒ රටවල් එම ඒකාධිපතිවරුන් යටතේ සෞභාග්‍යමත්ව පැවතුණා. දැන් වගේ අමු සෙහොන් පිටි නෙවෙයි. නමුත් ඊනියා සමාජවාදීන් ඒ ඇත්ත පිළිගන්න කැමති නැහැ. ඔවුන්ට අවශ්‍ය මිනිසුන් දුෂ්කරත්වයට පත් කොට එයින් තමාගේ මතවාදය වපුරාලීම පමණයි.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. /Do you know 1700000 Libyan people demonstrated against NATO in tripoli city itself! /

      1700000 = 1.7 million

      Wikipedia:
      Tripoli is the de jure capital city and the largest city of Libya. Tripoli, with its metropolitan area, has a population of about 1.1 million people.
      Age structure; 0-14 years: 27.7%, 5-64 years: 68.4%, 65 years and over: 3.9%
      Wikipedia

      Delete
    7. අජිත් පැරකුම් අතිපණ්ඩිතයාණනි ,

      //අර ‘එකල ලිබියාව හැඳින්වූයේ අප්‍රිකාවේ ස්ව්ට්සර්ලන්තය නමින්' කියන කෑල්ල පට්ට නිර්මානාත්මකයි. ගඩාෆිවත් එහෙම කිව්වෙ නැහැ. //

      මෙම ලින්ක් එක වත් බලා තමුන්ගේ මොට්ටභාවය අවබෝධ කරගනු.

      http://www.rt.com/news/interview-libya-nato-intrusion-127/

      ‘Before NATO intrusion, Libya was African Switzerland’

      මේක කියන්නේ ගඩාෆි මළාට පස්සේ බටහිර ඇතැම් මාධ්‍යමයි. හරකෙක් වුනාට කමක් නැහැ තප්පුලාල නෝන්ඩි වෙන්න එපා.

      Delete
    8. RT කියන්නෙ බටහිර මාධ්‍යක් වෙන්නෙ කොහොමද මැටි ඇනෝ..
      RT (Russian Television) කියන්නේ පුටින්ගෙ ආන්ඩුවෙ සල්ලි වලින් දුවන උගෙ හොරනෑවනේ.. ඕකයි මරාගෙ කාලෙ ITN නුයි වැඩි වෙනසක් නෑ

      Delete
    9. rt is not recognized as western media.

      Delete
    10. RT කියන්නේ Russia Today කියන එකට.

      RT යනු ව්ලදිමීර් පුටින්ගේ අප්පාගේ කාලයේ තිබුණු සෝවියට් දේශයේ, "නොවොස්ති" පුවත් සේවය වැනි වරකට සත්‍යය පවසන, වරකට පච හලන, බටහිර විරෝධී පුවත් සපයන්නෙකි.

      "Libya was African Switzerland" යන්න උවමනා වූ විට කබරගොයා තලගොයා බවට පත් කරන RT හි පචයකි. RT හැරුණු කොට වෙන කිසිවෙක්වත් Libya was African Switzerland යනුවෙන් නොකිය යි.

      "Libya was African Switzerland" යැයි කීමට ලිබියාවේ, ස්විට්සට්ලන්තයේ මෙන් හිම සහ ග්ලැසියරවලින් වැසුණු කඳු තිබේ ද? ස්විට්සර්ලන්තයේ මෙන් විශාල ස්වාභාවික විල් තිබේ ද? ස්විට්සර්ලන්තයේ මෙන් පළිඟු මෙන් පිරිසිදු දිය දහරාවන් ගලන, සාරවත් හරිත මිටියාවත් තිබේ ද? ස්විට්සර්ලන්තයේ මෙන් ලෝක ප්‍රසිද්ධ ඔරලෝසු, කේජු සහ චොකලට් නිෂ්පාදනය කෙරෙයි ද? ස්විට්සර්ලන්තයේ මෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනතන්ත්‍රයක් තිබේ ද? ස්විට්සර්ලන්තයේ මෙන් භාෂණ සහ ආගමික නිදහසක් තිබේ ද? ස්විට්සර්ලන්තයේ මෙන් දියුණු හැකියාවන් ඇති ජනතාවක් ඇද්ද? ----- මේ සෑම ප්‍රශ්නයකටම උත්තරය 'නැත' යන්න යි. ඉතින් කෙසේද ලිබියාව අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය වන්නේ?

      Delete
    11. පුටින් පප්පා RT (Russia Today) එකෙන් ප්‍රවෘත්ති මවන හැටි බලාගන්න මෙතෙන්ට යන්න:

      How to create a story - The RT way

      Delete
    12. අකිල කාර්වවසම් ඇතුළු සමහර අය හිතාගෙන ඉන්නෙ ලංකාවෙ ඉන්න මිනිස්සු ඔළුවක් නැති පඹයෝ රූකඩ වගේ වැනෙන. කවුරුවත් (ඇමරිකාව නැත්නම් ඔබාමා) කියන විදිහට වැඩකරන මෝඩයෝ කියල. අඩු වශයෙන් ලක්ෂ 62ක් මෝඩයෝ කියල. ලිබියාවට ජ්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඇමරිකාව කරපු වැඩේ ලංකාවෙත් කළා කියල තමා උන් හිතාගෙන ඉන්නෙ.
      එතකොට ඔබ තුමාලට ප්‍රජාතන්ත්‍රවාදයක් යහපාලනයක් ඕනැම නැද්ද?
      රටේ නීතියක් ඕනැ නැද්ද?
      රජතුමාගෙ කැමැත්ත අපෙත් කැමැත්ත විය යුතුද?
      උස්සන්න බැරි කෙල්ලන්ගෙ ඇඟිල්ලක් කපන, රාජ ශරීරයට අත තිබ්බොත් මරල දාන, කිසිම දෙයක් ප්‍රශ්න කරන්න බැරි රජෙක්ද ඔබලාට අවශ්‍ය වෙලා තියෙන්නෙ?

      Delete
    13. But these gentlemen should know CNN Larry King joined Russian Television or RT! Most viewed TV station of today! Many American intellectuals are giving interviews to RT knowing that BBC , Aljazeera and CNN give only blatant lies to the world.
      You people still worshiping these liars!

      Delete
    14. @ Anonymous August 2, 2015 at 1:28 AM

      The claim that RT is the most viewed TV channel is their own. While it is true that it has gained popularity in big US cities over other foreign TV channels, it is by no way the most viewed TV channel, simply because it does not reach a wide swath of the US population. In most suburban and rural areas RT is not available. The most viewed TV station in the USA is NBC.

      It is your assertion that BBC, Al Jazeera and CNN give only blatant lies to the world. Keep it for yourself. There are lots of people who don't agree with you. Even if your assertion is true, it by no means makes your demigod Mahinda a saint. He of course is a pathological liar. Go, worship him.... that would make you float in cloud nine!

      Delete
  4. Your western democracies have killed fourteen hundred thousand civilians(14, 00000) in Iraq! They went into that country "in order to protect human rights"!!!! That is what they want to do in SL. You guys are blind! You can't sleep sans attacking Mahinda who won the war against "most dangerous terrorist group" in the world! You honest guys can't see how Ranil and Arjuna plundered central bank! According to your small brain " fighting against LTTE is racism!"

    ReplyDelete
    Replies
    1. Well said. But this idiot, Ajith P. is just a Sirikotha spokesperson not a leftist. Blind useless cheater & a traitor to all real leftist activists. Shame on this bloody rascal.

      Delete
    2. [western democracies have killed fourteen hundred thousand civilians (14, 00000) in Iraq! ]

      get your facts straight about Iraq you moron..
      Its anti western Iraqi insurgents groups that are responsible for 90% of those killings in Iraq, and even out of the rest 10% most of them who were killed by western troops are not civilians but members of islamist armed groups..

      read: How many died in Iraq? How many lives did the Iraq war save?

      http://markhumphrys.com/iraq.dead.html

      Delete
    3. This link given (Mark Humphrey) is simply a western false propaganda to cheat people against western state terrorism on other countries. Do not believe such rubbish published by the west. Some of my friends worked in Libya under Ghaddafi regime until the libyan civil war & expelled to SL back during war. They explained that though MG is a dictator, such person only could rule such unmatured tribal communities. He was killed only to fulfill the Western needs & that made that country worst. Same thing happen to Iraq as well.

      Delete
    4. first of all, this is a site run by an independent blogger, NOT by a govt.

      2ndly you must be an idiot, *(judging by your pro MaRa views infact you are) to believe that a community or a country is a success just because a dictator builds some roads and buildings by oil money, while of course enjoying most of it on his family...

      and you further proves that are a weerawansa type A-hole by saying things like "west wants to make countries worst".. Not much different from Weerasangili Panikkiya's rants

      Delete
    5. මං මේ කල්පනා කළේ මහින්ද රාජපක්ෂගේ පස්ස ලොවින බයියන්ට ලංකාවේ ඉන්න හම්බයින්ව පෙන්නන්න බෑ; අරාබියට පලයවු කියනවා; පර්දාව තහනම් කරපියව් කියනවා; හම්බ කඩ වර්ජනය කරපියව් කියනවා; මුස්ලිම් පල්ලිවලට ගල් ගහනවා; ඉඳලා හිටලා හම්බ කඩ ගිනි තියනවා (අලුත්ගම දී වගේ)......

      ඒ වුණාට මේ බයියන්ට ලිබියාවේ, ඉරාකයේ, සිරියාවේ ඉන්න හම්බයින් ගැන පුදුම කැක්කුමක් නොවැ තියෙන්නේ...... පව් අප්පා......

      Delete
  5. ආර්ථික සම්බාධක ගැන කීමේදී මතක තබාගත යුතු වැදගත්ම කරුණ නම් ලංකාව සහ ඇමරිකාව අතර කරන වෙළදාමෙන් ලංකාවට මෙන්ම ඇමරිකාවටද ලාබ සිදුවන බවයි. ඇමරිකාව ලංකාවට ආර්ථික සම්බාධක දමයිනම් ඇමරිකානුවන්ට ලංකාවෙන් අඩුමිලට ලබාගතහැකි භාණ්ඩ සහ සේවාවන් වැඩිමිලක් ගෙවා වෙනත් රටකින් මිදී ගැනීමට හො නිපදවා ගැනීමට සිදුවෙයි.

    ReplyDelete
  6. @jagath Pathirana

    ඇමරිකාවට ලංකාවෙන් විතරක් අඩුවට ගන්න පුලුවන් බඩුව මොකක්ද? ලංකාවෙන් අපනයනය කරන නිමි ඇදුම්, කුලු බඩු වගේ දේවල් ඇමරිකාවට බංග්ලාදේශයෙන් හෝ ඉන්දියාවෙන් මේ මිල ගනන් වලටම ගන්න පුලුවන්...
    ලංකාවට කෝටා එකක් දීල තියෙනෙනි ඇමරිකානු නීති වලට අනුව සමාගම්වලට එක රටකට පමනක් විෂාල වශයෙන් මිලදීගැනීම් කිරීමට නොහැකිවනසේ නීති ඇති නිසා..

    ReplyDelete
  7. ප්‍රභාකරන්ගේ මරණයෙ අභිරහස හෙලිවේ !!!
    ලඟදීම ලංකා චී නිව්ස් හී පළවීමට නියමිත ලිපියක් මට අහම්බෙන් ලැබුනු අතර ඔබගේ දැන ගැනීම පිණිස එය මෙසේ පල කරමි. මෙහි සඳහන් කිසිදු දෙයක් ගැන මාගේ වගකීමක් නැති බව කරුණාවෙන් සලකන්න
    ------------------------------------------------------------------------------------
    ප්‍රභාකරන්ගේ මරණයේ අභිරහස නිරාකරණය කරගනු පිණිස ලංකා චී නිව්ස් පර්යේෂණ කණ්ඩායම හා ගොන්ජා ඉන්ටෙලිජන්ස් ඒජන්සි (GIA) එකමුතුව ඉමහත් වෙහෙසක් දරා මාස ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණයක ප්‍රතිපල මෙසේ ඔබට ඉදිරිපත් කරමු.
    2009 මැයි මස මුල් භාගයේ දී චම්පික රණවක මැතිතුමාට උතුරු යුධ බිමේ සිටි හිතවත් මේජර් ජෙනරාලවරයෙක් ගෙන් හදිසි පණිවිඩයක් ලැබිණි. පණිවිඩයෙන් කියවුනේ ආක්‍රමණික ශ්‍රී ලංකා හමුදාව සමග දීර්ඝ කාලීන සටනින් වෙහෙසට පත්ව සිටි ප්‍රභාකරන් මැතිතුමා කෙටි විවේකයක් පිණිස නන්දිකඩල් කලපුව අද්දර නිවාඩු නිකේතනයකට පැමිණ සිටින බවයි. පණිවිඩය දුන් මේජර් ජෙනරාල්වරයා ප්‍රසන්න සිල්වාය. ඔහු ඒ වන විට සිය සේනාංක සමග 'මැදවච්චියේ' රැඳී සිටියේය.
    පණිවිඩය ලැබුණු විගස නිදා සිටි සිංහයෙකු නැගිටින්නාක් මෙන් නැගී සිටි චම්පික "මේ ප්‍රශ්ණය අද කෙලවරක් කරමි" යනුවෙන් ගර්ජනා කොට වහා රතන හිමියන් හමුවීමට ගියේය. රතන් හිමියන් චම්පිකට පිරිත් නූලක් බැඳ, ආරක්ෂක මන්ත්‍රයක් කොලයක ලියා උඩ සාක්කුවේ දමා ගන්නට දුන්නේය. පිරිත් නූලෙන්, මන්ත්‍රයෙන් දුන්නෙන් හා හක්ගෙඩියෙන් සන්නද්ධ වූ චම්පික කෙලින්ම ගොස් නැවතුනේ නන්දිකාඩල් කලපු තීරයේය. එහිදී කොට කලිසමකින් පමණක් සැරසී බාබෙකියු පාරක් දමමිණ් සිටි ප්‍රභාකරන් ඔහුගේ දුර දක්නා නෙතට හසු විය. වහා එතනට ගොස් බොටුවෙන් අල්ලා, දෙවරක් සොලවා, බඩට එකක් ඇන ප්‍රභාකරන්ගේ ඔද බිඳ යටත් කර ගත්තේය.
    ඉන්පසු ප්‍රසන්න සිල්වාට දුරකතනයෙන් කතා කොට ප්‍රභාකරන් ගෙන යාම පිණිස වාහනයක් ගෙන එන ලෙස දැනුම් දුන්නේය. මැදවච්චියේ සිටි ප්‍රසන්න සිල්වා සුදු පාට වෑන් රථය සූදානම් කොට ගෙන නන්දිකඩාල් යන්නට පිටත් උනත් පාර වරද්දා ගත්තේය. අවසානයේ රවී කරුණානායකට කතා කොට හරි පාර අසාගෙන නන්දිකඩාල් යන විට බොහෝ ප්‍රමාද වි ඇත.
    සුදු වැන් රථයේ දමා ගෙන පැමිණි ප්‍රභාකරන් කෙලින්ම ගෙනගොස් ඇත්තේ අරලිය ගහ මන්දිරයටය.
    ප්‍රභාකරන්ව බලන්නට මැදමුලන මරාත්, සහොදර ගෝඨාත් දඩිබිඩියේ දුව විත් ඇත. මර්වින් සිල්වා කොහෙන්දෝ කඹයක් ගෙනවිත් ප්‍රභාකරන්ව ගස් බැන්දේය. නාමල් දුවගෙන විත් ගස්බැඳ සිටින ප්‍රභාකරන් සමග සෙල්ෆියක් ගත් බවද අපට අනාවරණය කරගත හැකිවිය. "මූව මරමු" යයි ගෝඨා යොජනා කල අතර මරා ඊට එකඟ වී නැත. "මුගෙන් අහගන්න දෙවල් ටිකක් තියෙනවා...ඒක නිසා ටික දවසක් තියාගමු". යනුවෙන් කියා ඇත . "කොහෙද තියන්නේ ?මෙතන තියා ගන්න බෑනේ ඉස්කෝලේ ලමයිනුත් එනවා නේ.." කියා ශිරන්ති කල ගොරණාඩුවට බය වූ මරා වහා රනිල්ට එන්න යයි කියා පණිවිඩයක් යවා ඇත.
    රනිල් පැමිණි පසු කලු කෝපි කෝප්පයකින් සංග්‍රහ කොට ඇති මරා, ප්‍රභාකරන්ව තියා ගන්නට තැනක් දන්නවාදයි අසා ඇත. තම දේශපාලන විරුද්ධවාදියාට උනත් මහත්මා ගුණයෙන් සලකන රනිල් මදක් කල්පනා කොට "බටලන්දේ මගේ ගෙයක් නම් තියෙනවා...කාලෙකින් පාවිච්චි කරලා නෑ...ඕනෙ නම් එතන මකුළු දැල් කඩලා දෙන්න පුලුවන් යයි කියා ඇත..". අවසානයේ ප්‍රභාකරන්ව බටලන්දට ගෙනියන්නටත් සිදු වී ඇත්තේ චම්පිකටය. ප්‍රභාකරන්ව බටලන්දට ගෙනගොස් දැමූ චම්පික "ඔන්න රට වෙනුවෙන් මගේ යුතුකම කලා..." යනුවෙන් පවසා, තම යාවජීව මිතුරා වූ ප්‍රගීත් එක්නැලිගොඩ සමග අඩියක් ගැසීමට එතනින් නික්ම ගොස් ඇත.

    ReplyDelete
    Replies
    1. @ Anonymous August 1, 2015 at 2:22 PM

      උඹේ මාසික ගිගා බයිට් ප්‍රමාණය නාස්ති කරන්නේ නැතුව හිටපං.

      Delete
  8. පසුදින බටලන්දට පැමිණි මරා ප්‍රභාකරන්ගෙන් සගවා ඇති වස්තුව ගැන විමසා තිබේ. ප්‍රභාකරන් මරා ගේ කිසිදු ප්රශ්ණයකට පිළිතුරු නොදීම නිසා දැඩි ලෙස කෝපාවිෂ්ඨ වූ මරා අතමිට මොලවා ප්‍රභාකරන්ගේ මුහුණ හරහා පහරක් එල්ල කොට තිබේ. ඒ අවස්ථාවේදී මරාගේ ඇඟිලි අතර සිරකරගෙන සිටි සර්වජන වශිය ප්‍රභාකරන්ගේ හිස් කබල පසාරු කරගෙන ගොස් මොලයට දැඩි හානි පමුණුවා ඇති අතර, ප්‍රභාකරන් සැනෙකින් මරණයට පත්වී තිබේ. ඡායාරූප වල දැක්වෙන ප්‍රභාකරන්ගේ මල සිරුරේ හිසෙහි ඇති සිදුරත්, මරාගේ සර්වජනවශියේ විශ්කම්භයත් මැනීමෙන් මෙම කරුණු සත්‍ය බව පාඨකයාට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැක.
    මෙම සිදුවීමෙන් දැඩි ලෙස බිය වූ මරා, "දැන් මොකද කරන්නේ යයි.." රනිල් ගෙන් අසා ඇත. "අපරාදේ....මම හිටියේ අපේ ආණ්ඩුවක් ආපු කාලෙක මේ මනුස්සයා යහ පාලන කටයුතු පිළිබඳ ඇමති කරන්න. දැන් ඉතින් කරන්න දෙයක් නෑ… හරි අපි මිනිහව බොරැල්ලේ කනත්තට අරන් ගිහිල්ලා පුච්චලා දාමු. එතකොට අවුලක් නෑ.." යයි කියා ඇත. ඒ වන විටත් බියෙන් ගැහෙමින් සිටි මරා අසා ඇත්තේ.."ෂුවර් ද? අවුලක් වෙන එකක් නැද්ද..?" කියාය. "නෑ නෑ බය වෙන්න එපා..මීට කලිනුත් අපි එකෙක්ව කනත්තෙදි පිච්චුවා..දැන් ඌ ගැන, උගේ ගෝලයින්ටවත් මතක නෑ.."යයි කියා රනිල්, මරාව අස්වසා ඇත.
    හරියටම මේ අවස්ථාවේදී චීනයේ සවාරියක ගොස් සිටි එවකට හමුදාපති වෙන්ඩ මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දඩිබිඩියේ එතැනට පැමිණ තිබේ. "මේ මොකද වෙන්නේ...මේ කලවැද්දව අල්ලන්න හිටියේ මමනේ...දැන් මම කොහොමද රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලා යන්නේ..." කියමින් දැඩි ලෙස කණගටුවට පත් වී තිබේ. ඒ අවස්ථාවේ එතැන සිටි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා "ඕක ඉතින් ඕනේ ගොනෙකුට කරන්න පුලුවන් දෙයක්නේ..සරත්...ඔයා කණගාටුවෙන්න එපා..."කියමින් සරත් ෆොන්සේකාව අස්වැසීමට තැත් කලත් එය සර්ථක වී නැත.
    අවසානයේ තම කෘතහස්ත බුද්ධිය මෙහෙයවා තත්ත්වය සංසිඳුවීමට නැවතත් ඉදිරිපත් වූයේ රනිල්ය. "හරි හරි මෙහෙම කරමු. අපි මිස්ටර් ප්‍රභාකරන්ගේ බොඩි එක ආපහු ගිහිලා නන්දික්ඩාල් කැලේට දාමු. සරත් ගිහිල්ලා ඒක අරගෙන එන්න. මේ වැඩේට ටීවී කෲ එකකුත් අරගෙන යන්න.." යනුවෙන් කියා ප්‍රශ්ණය විසඳා ඇත.
    ඒ වන විටත් දෙගිඩියාවෙන් සිටි මරා "එහෙනම් අර මගේ ලඟ ඉන්න කරුණා ලමයවත් අරගෙන යන්න..ඌට කීයක් හරි දුන්නහම ඕන එකෙකුට මරණ සහතික දෙනවා.." කියා කරුණා අම්මාන්වත් පිටත් කොට තිබේ. ප්‍රසන්න සිල්වාගේ සුදු වෑන් රියෙන්ම නැවත නන්දිකඩාල් වලට ප්‍රභාකරන් ගේ මෘතදේහය නැවත රැගෙන ගිය අතර..එතැන සිට දිග හැරෙන්නේ ඔබ සැම දැක පුරුදු නාටකයයි.
    අප විසින් මහත් පරිශ්‍රමයක් දරා සොයා ගන්න ලද මෙම කරුණු වලින් මැදමූලන මරා විසින් ජාතික නයකයෙක් වීමට හැකියාව තිබූ පුද්ගලයෙකු නිරපරදේ මරා දැමූ බව සනාථ වේ. අප විසින් පිහිටුවන ලද යහ පාලන ආණ්ඩුව අසාර්ථක වීමට මූලිකවම හේතු වූයේ, එම ඇමති තනතුරට පත්වීමට සිටි ප්‍රභාකරන් මැතිතුමා, මැදමූලන මරා විසින් ඝාතන කරනු ලැබීම නිස බව වගකීමෙන් යුතුව කියා සිටිමු.
    ඉදිරියටත් මෙවැනි අභිරහස් අනාවරණය අප කැපවීමෙන් කටයුතු කරන බව අපගේ පාඨකයින්ට දන්වා සිටිමු.
    විශේෂ ස්තූතියට GIA නිර්මාතෘ රන්ජන් රාමනායක මැතිතුමාට.
    ඔබගේ ආධාරයෙන් තොරව චී නිවුස් පවත්වගෙන යා නොහැක. එබැවින් ආධාරයක් කරන්න..

    ReplyDelete
    Replies
    1. Patta oyi. Obanam maarayi !

      Delete
    2. @ Anonymous August 1, 2015 at 2:22 PM

      උඹේ මාසික ගිගා බයිට් ප්‍රමාණය නාස්ති කරන්නේ නැතුව හිටපං.

      Delete
  9. මං මේ කල්පනා කළේ මහින්ද රාජපක්ෂගේ පස්ස ලොවින බයියන්ට ලංකාවේ ඉන්න හම්බයින්ව පෙන්නන්න බෑ; අරාබියට පලයව් කියනවා; පර්දාව තහනම් කරපියව් කියනවා; හම්බ කඩ වර්ජනය කරපියව් කියනවා; මුස්ලිම් පල්ලිවලට ගල් ගහනවා; ඉඳලා හිටලා හම්බ කඩ ගිනි තියනවා (අලුත්ගම දී වගේ)......

    ඒ වුණාට මේ බයියන්ට ලිබියාවේ, ඉරාකයේ, සිරියාවේ ඉන්න හම්බයින් ගැන පුදුම කැක්කුමක් නොවැ තියෙන්නේ...... පව් අප්පා......

    ReplyDelete
  10. If Ranil comes to power some says we will become a Amerivan colony.Is it true?
    I really like that idea,then we do not have to apply Green card anymore.We will not have to go to Australia either that saves lot of boats for fishing
    People around the world would try to come to Srilanka and we will have to streangthen our coast guard
    Will they? but we are a very primitive country
    Let us hope

    ReplyDelete
    Replies
    1. Yes, all those anti-imperialist Bayiyaas will be the first to pack their suitcases and leave for the USA, if Sri Lanka becomes an American colony under Ranil.

      During the British colonial rule, people of Sri Lanka were citizens of the British Empire, and they could travel the world over without visas. Likewise, when we become an American colony in the near future, hassle-free travelling will be possible for all Sri Lankans.

      My fervent hope is that Ranil will win this election, so that we can become an American colony.

      Delete
    2. Are we good enough to be 51st state of America or a usa territoriy.
      What about 5.8m Bayiass shall we give them a another country since I love this beautifull country(not its primitive inhabitants)

      Delete
  11. “දූෂිත රාජපක්ෂ සහ චෞරයන් යලි පාර්ලිමේන්තුවට එපා“ - නිව්යෝර්ක් සිංහලයෝ හෙට (2.8.15) වීදි බසිති.

    බයියන්ට සනීපද දැන්?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා