චම්පිකගේ අභියෝගය මහින්ද භාර ගනීවි ද?

රටේ ආරක්ෂාව අර්බුදයට පත් වී ඇතැයි ද, කොටි ත්‍රස්තවාදය හිස ඔසවමින් ඇතැයි ද, රට දෙකඩ වනු ඇතැයි ද කියමින් මහින්ද රාජපක්ෂ විසින් ගෙන යමින් තිබෙන ප්‍රචාරයට ප්‍රතිප්‍රහාරයක් චම්පික රණවක විසින් එල්ල කර තිබේ. 

මහින්ද රාජපක්ෂ රාඩා සංවිධානයේ ව්‍යාපෘති මුවාවෙන් කොටි සංවිධානයට මුදල් ලබා දුන් බව චම්පික රණවක පවසයි. 

මේ පිළිබඳ විවෘත විවාදයකට එන්නැයි චම්පික, මහින්ද රාජපක්ෂට අභියෝග කර තිබේ. 

මෙම විවාදය සඳහා රූපවාහිනී සංස්ථාව අද රාත්‍රියේ කාලය වෙන් කර තිබේ. 

මහින්ද එම අභියෝගය භාර ගැනීමට සූදානම් ද?

මහින්ද බිය විය යුතු නැත. මන්ද, මෙම රූපවාහිනී සාකච්ඡා දෙස නරඹන්නන් බලන්නේ තමන් දමාගෙන සිටින කණ්ණාඩියේ තිබෙන පාටෙනි. පසුගියදා දෙරණ රූපවාහිනිය රනිල් හා මහින්ද සමග පවත්වන ලද සාකච්ඡා පිළිබඳ අදහස් විමසා බලන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා විහිළු කරනවද මංද.......

    ReplyDelete
  2. මම චෝදනාවේ බලපතලකම නම්, 2006 හී ගෝටාභය මහතාට බෝම්බය තබනකන්, ඔහු සහ ඔහුගෙ පවුලේ ආරක්ශාව සඳහා මහජන මුදල් වලින් බිලියන දෙකක් කප්පම් ගෙවූ බව හෙලිවීමය. අනික් අහිංසක මිනිසුන් බෝම්බ වලට ගොදුරු වෙද්දී එම අහිංසක මිනිසුන්ගේ මුදල් පාවිච්චි කොට තමන් සහ තම පවුලේ ආරක්ශාව 'මිලදී' ගැනීමය. ඒ අතින් බලන කල පර්සිට වඩා ත්‍රස්තවාදය මර්ධනය කිරීමට සහ රට සංවර්ධනයට දැවැන්ත දර්ශණයක් සහ විශාල ඕනෑකමක් තිබූ ගාමිනී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, රන්ජන් විජෙරත්න, රණසිංහ ප්‍රේමදාස වැන්නවුන් රට වෙනුවෙන් අවධානම භාරගෙන එල් ටී ටි යට ගෙන කප්පන් හෝ ඔවුන් සමග ඩීල් නොදමා තම ජීවිතය රට වෙනුවෙන් පරිත්‍යාග කිරීම හා සංසංධනය කිරීමෙනි.

    තවද 2005 මැතිවරණයේදී රනිල් එල් ටී ටිය සමඟ ඩීල් එකක් දමා ඇතැයි ඔහුගේ ප්‍රකාශයන් උතුරේ චන්ද නොමැතිව ඔහුට ලැබුන 140000 ක බහුතරය ලබා ගැනීමට ඉවහල් වන්නට ඇත. තමන් රට පාවාදී වෙන කෙනෙකු එය කරනවා යැයි ප්‍රචාරය කර දිනූ බොරුකාරයෙකු පමණක් බව ඔප්පු වී ඇත. 2006 දීත් රතන ස්වාමීන් වහන්සේ, චම්පික රනවක ආදීන්ගේ බල කිරීම සහ ගෝඨාභයගේ බෝම්බය නොවන්නට අදටත් ඔහු කප්පන් ගෙවමින් එම මුදල් තමන්ගේම ජාතියේ සොල්දාදුවන් සහ අහිංසක මිනිසුන් ඝාතනයට යොදා ගන්නවා දකිමින් සිටින නිවටයෙකු පමණක්ම වනු ඇත. මීට වඩා 'සංවේදී අප්පච්චියෙකු' මෙතෙක් ලංකාවේ පහල වී නැති බව හා ඉදිරියේදීත් පහල නොවන බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. කවුන්ටර් ඇටෑක් එක අපූරුයි. අනෙක් අයට කොටි චෝදනාව කරන කොට ඒක ආපිට කරන්න මෝඩ උත්සාහයක්. 2006 වෙනකොට යුද්දෙ පටන් අරන්. ,මහින්ද කපටිය බව අපි දන්නව. ඒත් එජාප නායකයන්ට නැති උවමනාවක් නම් ඔහුට තිබුන. මොකද එජාපයට මෙන් දෙමළ ඡන්ද මටහ් යැපීමක් නොවූ නිසා.
      ප්‍රේමදාස යුගයේදි කොටි ශක්තිමත් වුනා. ලලිත් ට පමනක් යුද්ධය අවසන් කිරීමට උවමනාවක් තිබුන.
      රණසිංහ ප්‍රේමදාස ගැන ඔබ කියා ඇති දේ විලිලැජ්ජාසහගතයි.ඔපමන ඉක්මනින් මිනිසුන්ට ඉතිහාසය මතක කරවන්න බෑ.කොටින්ට ආයුධ මුදල් දීපුව පොලීසියෙ 600 ක් මරපුව අහල නැද්ද
      රන්ජන්ට විශාල ආසාවක් තිබුනෙ දකුණෙ මිනී මරන්නයි.උතුර ගැන උනන්දුවක් තිබුනෙ නෑ.

      Delete
    2. අනේ ගොන්බිජ්ජො.. උබ හිතන්නෙ කොටින්ට ගැහැව්ව කියල දෙමල චන්ද නොලැබෙන්න දෙමලු ඔක්කොම කොටි කියලද? එහෙනම් කල්පනාකරල බලපන් 2010 දි මාස 6කට කලින් යුද්ධ කරපු ෆොන්සේකා උතුරු නැගෙනහිර දිනන්නෙ කොහොමද කියල?
      මරා කොටින සල්ලි දුන්න තමා... ඔහුටත් ඔනෙවුනේ සාමසාකච්ජා කරන්න, නැතිව උබල හිතාගෙන ඉන්නව වගේ මැදමූලන ඉදන් සරම කැහැපට ගහගෙන යුද්ද කරන්න හිතාගෙන අරලියගහ මන්ධිරයට ආවෙ නෑ....
      මරා යුද්ධයට දැක්කීමේ ක්‍රෙඩිට් එක යන්න ඔනෑ ජෙප්පන්ට සහ හෙල උරුමයට

      Delete
    3. චම්පික විවාදයකට ආරාධනා කරේ සහ රනිල් දෙරණ නාලිකාවේ ප්‍රසිද්ධියේ කීවේ ගෝඨාභයට බෝම්බය තියනතුරු එනම් මහින්ද ජනාධිපති වී වසරක් පමණ යනතුරු රාඩා ආයතනය හරහා මහජන මුදල් බිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් එල් ටී ටියට ගෙවූ බවත් එසේ ගෙවූවේ තමා සහ තම පවුල ඝාතනයට උත්සාහ නොකරණ ලෙස පැවති එකඟතාවයක් මත බවයි. මෙම ගෙවීම උතුරේ චන්ද වර්ජනය සඳහා ගෙවූ මිලියන 170 වැනි මුදලට අමතර මුදලක් බව පැහැදිලිව කියා ඇත. මගේ තර්කය වන්නේ ජනාධිපති සහ පවුලේ අයට සෙබළුන් 4000 ක් යොදවාගෙන ආරක්ශාව ගත් අවස්ථාවක, මහජන් මුදල් යොදවා එල් ටී ටිය සමඟ එකඟ තාවයකට ඒම එවන් ආරක්ශාවක් හිමි නොවන මහජනයාට කරන ද්‍රෝහී කමක් බවයි. මුදල් ගෙවා එකඟතාවයක් ගන්නේ නම් එය මහජනයා නොමරන බවට ගත්තානම් එය වෙනම එකකි. එය තමා සහ තම පවුලට සීමාවේ. ඊට අමතර සෙබළු 4000 ක ගේ ආරක්ශාව නොලැබූ යූ එන් පී නායකයින් එවන් මහජන මුදල් ගෙවූ එකඟතාවයන් වලට නොයා සැබවින්ම රට වෙනුවෙන් අවධානම ගෙන ජීවිතයෙන් වන්දි ගෙවූ බව සංසංධනයකි.

      මා දක්වා ඇති අනික් කරුණ වනුයේ 2005 දී මහින්ද දිනුවේ චන්ද 140,000 කිනි. එනම් එයින් 71,000ක් අනිත් පැත්තට චන්දය දුන්නේ නම් ඔහු පරාජය වේ. රනිල් එල් ටී ටිය සමඟ ගිවිසුම් ගසා ඇතැයි යන්න 2005 මැතිවරනයේ ප්‍රධානම සටන් පාඨයක් විය. එය අදටත් ලැජ්ජා නැත්තවුන් පාවිච්චි කරයි. ඇත්ත වශයෙන්ම 2005 දී මහින්ද සහ එල් ටී ටී ය චන්ද වර්ජනය සඳහා ගිවිසුමක් තිබූ බවත් ඒ සඳහා මුදල් ගෙවූ බවත් අද ඔප්පු වී හමාරය. මගේ තර්කය නම් තමන් ගිවිසුම් ගසා අනික් තරඟකරුවා ගිවිසුම් ගැසුවා යයි බොරුව කීම නිසා චන්ද 71000 කට වඩා ප්‍රමානයක් ඔහුගේ පැත්තට හැරවී එම බොරුව උතුරේ චන්ද නොමැතිවත් ඔහුගේ පරාජයට හේතුවන්නට තිබී බවය.

      එල් ටී ටී ය සැමවිටම මරා දැමුවේ ඔවුන්ගේ සිහිනයට හානියක් කල හැකි අයය. එබැවින් රන්ජන් විජෙරත්න මරා දැමුවේ ඔහුගේ දැඩි අධිස්ථානය 88/89 දකුණේ කැරැල්ලේදී පෙනීයාමත් ඔහු විසින් රාජ ආරක්ශක නියෝජ්‍ය ඇමති ලෙස උතුරේ කරන ලද කාර්‍යාබාරයත්ය.

      Delete
    4. ප්‍රේමදාස ජනාධිපති වරයා කොටින්ට මුදල් සහ ආයුධ දුන්නේ එම අවස්ථාවේ උතුරු නැහෙනහිර සිටි ඉන්දීය හමුදා සමඟ එල් ටී ටී ය සටන් කරමින් සිටින විටය. එමඟින් ඉන්දීය හමුදා ලංකාවේ සිටීම ගැන ඔහුගේ නොකමැත්ත පැහැදිලිව ප්‍රකාශ කිරීමකි. තවද එම අවථාවේ ශ්‍රී ලංකා හමුදා උතුරේ ක්‍රියාන්විතවල නොසිටියේය. 1987 සිටම ඉන්දීය හමුදා ගැන ඔහු ඔහුගේ ස්ථාවරය එයම විය. මහින්ද බිලියන ගණනින් මුදල් ගෙවන විට එල් ටී ටිය සාමාන්‍ය මිනිසුන් ඝාතනය කරමින් ලංකා හමුදා සමඟ යුද්ධයකට අර අඳිමින් සිටියේය. අනික් ප්‍රධානම කරුන වන්නේ කදිරගාමර් ඝාතනයට පසුව යුරෝපයේ කොටි සංවිධානය තහනම් වීමත් 2001 ඇමෙරිකාවේ සිදුවූ 9/11 සිද්ධිය නිසා ත්‍රස්තවාදීන් ලෙස බටහිර රටවල් නම් කර තිබූ එල් ටී ටී සංවිධානයට අරමුදල් අතින් ඉතා අමාරු අඩියක සිටීමත්ය. එබැවින් මහින්ද දුන් මුදල් එල් ටී ටිය ප්‍රතිසංවිධානය වීමට කෙලින්ම බලපෑ බව පැහැදිලිය.

      Delete
    5. මාවිල් ආරුව සොරොව්ව වසන අවස්ථාව වන විට සරත් ෆොන්සේකා මහතාට තිබූ බෝම්බයත් , ගෝඨාභය රාජපක්ශ මහතාට තිබූ බෝම්බයත් යන සිද්ධීන් දෙකම අවසන් වී තිබිණි. එම අවස්ථාවේ යුධමය ක්‍රියාමාර්ගයකට යන ලෙස රතන ස්වාමීන් වහන්සේ සහ චම්පික රණවක යන අය එම ප්‍රදේශයේ සිට බල කරන විට මහින්දගේ පිලිතුර වූයේ කුමක්ද යන්න එම දෙදෙනාම ප්‍රසිද්ධියේ කියා ඇත. තුවාල සම්පූර්ණයෙන්ම සුව නොවී පෙරමුණට පැමිණි සරත් ෆොන්සේකා වැනි වීරයනුත් චම්පික සහ රතන ස්වාමීන්වහන්සේ යන දේශමාමක අයවලුනුත් නොවන්නට යුද්ධය අවසන් කිරීමට මහින්දට ඕනෑකමක් තිබුණේද යන්න මීට වඩා පැහැදිලි වීමට තිබිණි. එවැනි දායකත්වයක් දී යුද්ධය ඉදිරියෙන් සිට මෙහෙයවූ සරත් ෆොන්සේකා මහතාට මහින්ද විසින් කළගුණ සැලකූ ආකාරය තේරුම් ගැනීමට නම් සුවකල නොහැකි නාසිසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් (Narssisitic Personality Disorder (NPD) ) යන දරුණු මානසික ව්‍යාධිය ගැන අවබෝධයක් තිබෙන අයකුට මිස වෙන අයකුට අසීරු විය හැක.

      Delete
  3. පැරා නම් විහිලු කරනව. මහින්ද කවද්ද මේවගෙ අභියෝග භාර ගත්තෙ. මතක නැද්ද ජනාධිපතිවරණයෙදි මෛත්‍රිගෙ අභියෝගෙ විධායක සභාව කැමති නෑ කියල ලිස්සල ගියහැටි. අනික චම්පික එක්ක???

    ReplyDelete
    Replies
    1. මට මතකයි 1994 ඉලෙක්ක්‍ෂන් කාලේ ටීඑන්එල් එකේ ජන හඬ වගේ නමක් තිබුණු දොඹගහවත්ත මෙහෙයවපු විවාදයකට සිරීලංකා එකෙන් මහින්දයි, යූඇම්පී එකෙන් ඔසී අබේගුණසේකරයි සහභාගී වුනා.

      ඒ විවාදය කොච්චර හරබර ද කියනවා නම් ඒක ප්‍රසිද්ධ වුනේ හබරල ගාලේ කබරගොයි විවාදය නමිනුයි!

      මෙන්න ඒ ගැන ජාලයේ තිබී හමුවුණු කතාවක්.
      http://kathandara.blogspot.com/2010/10/blog-post_13.html

      Delete
  4. What a farce! LTTE was destroyed by Mahibda! Today Champika is back licking the guy who offered north and south to LTTE ! When pigs challenge lions, the latter don't care of them! Lion is a lion and a pig is a pig! LTTE was militarily destroyed by Mahinda, but still this moron talks of money given to tigers! Champika in his book doesn't write anything that would hint on this matter. Lies! Lies.

    ReplyDelete
  5. ඉතිහාසයේ කවද්ද මහින්ද වාදයකට ආවෙ ප්‍රසිද්ධියේ ? එයා දන්න ඉටි ගෙඩියක් නෑ බලෙයෙ ඉන්න මිනිස්සු රවට්ටන එකයි හොරකම් කරන එකයි මිනීමරන එකයි ඇර..

    ReplyDelete
  6. ඔය චෝදනාව ඇත්තක්ම කියමු. නමුත් එල්ටීඊය ගිවිසුම කැඩුවට පස්සේ මහින්ද ඒක විනාශ කලා.
    වෙන එකෙක් එහෙම කරයිද?

    ReplyDelete
  7. මේ කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරි අතේ පලවෙන පල් බොරු. මේ පැරකුම් කරය මේවා ඩ ඩ ගොන් අතල් දෙනවා. ඔය විවාදෙට අබියෝග කරපු එකනේ ලෙස්ටෙර් ජේමිස් පිරිස් ගේ පොටෝ එක බට් කරලා කුමාරන් පත්මනාදන් ගේ මුණ දල මහින්දට මඩ ගහන්න ගිහිල්ල චෝර උනේ. අනේ පැරෝ උබලත් කඩේ යන්නේ ඒවගේ පින්ගුත්තරයන්ට තමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා