පෙසප විසින් ජවිපෙ නැටවීම හෙවත් වලිගය විසින් බල්ලා වැනීම

මෙවර මහ මැතිවරණය ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර වෙනස පෙන්වූ අවස්ථාවකි. 

ජවිපෙ ඡන්ද ලක්ෂ පහකට වඩා ලබා ගත් අතර පෙසප ඡන්ද දහදාහක්වත් ලබා ගත්තා ද නො දනිමි. පෙසප ඉලක්කම් හතරේ ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් එක ම දිස්ත්‍රික්කය ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටි ගාල්ලයි. ඔවුන් පදනම් වී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ ඔවුන්ට ඡන්ද 500ක්වත් නැත. 

දේශපාලන පක්ෂයක වැදගත්කම මැනීම සඳහා තිබෙන එකම නිර්ණායකය ඡන්ද පදනම නො වේ. එහෙත්, දිළිඳු හා පීඩිත ජනයා අතර ජනප්‍රිය වාමාංශික පක්ෂයක් වූ ජවිපෙ යටිතලය බිඳ දමා පෙසප විසින් නිර්මානය කර තිබෙන දෙය කණගාටුදායක ය. පෙසප පසුගිය වසර කීපයක මහා සංවාදය තුළ ජවිපෙන් බිඳී ආ කේඩරය දිය කර හැරියේ ය. ඉන් පසු ඡන්දය ඉල්ලීම ප්‍රධාන කාර්යය බවට පත් කර ගත් කුඩා කල්ලියක් නිර්මානය කරගෙන තිබේ. යම්, යම් කුඩා ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධ නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා සමාජවාදී සමානතා පක්ෂය වැනි ව්‍යාපෘති පක්ෂයක් බවට පත් වීමේ ලක්ෂණ දැන් පෙසප වෙතින් මතු වී තිබේ. වත්මන් සංකීර්ණ සංදර්භය තුළ මෙවැනි පක්ෂයකට සිය විප්ලවීය ෆැන්ටසිය නඩත්තු කර ගැනීම සඳහා එය ප්‍රමාණවත් විය හැකි ය. 

හිරු කණ්ඩායම මෙවැනි තෘප්තිමත්, මූලධාර්මික වශයෙන් සුපිරිසිදු, දේශපාලනික කන්‍යාවන්ගෙන් සැදි ආගමික කල්ලියකට කදිම උදාහරණයකි. ඔවුන් සිතන පරිදි ඔවුන්ට කිසිදා වරදින්නේ නැත. මන්ද, ඔවුන් වැඩ කරන්නේ ද නැත.  කලකට ඉහතදී රෝහිත භාෂණ මෙවැනි කල්ලි හැඳින්වූයේ කාමලයිට් නිකාය පන්නයේ කණ්ඩායම් ලෙසයි. 

අපට කුමන විවේචන තිබුණත්, ජවිපෙ ඒ අතින් ගත් කල ඉතා ප්‍රායෝගික පක්ෂයකි. ඒ පක්ෂය පෙසප දෙස බලාගෙන පෙසප අතින් විවේචනය විය නො හැකි තීරණ ගන්නට යාම සමාන වන්නේ වලිගය විසින් බල්ලා වැනීමටයි. 

ජවිපෙට පාර්ලිමේන්තු බලය ඉතා වැදගත් බව ජවිපෙ නායකයන්ගේ ප්‍රකාශ හා සාමාජිකයන්ගේ හඬා වැලපීම්වලින් පෙනේ. පාර්ලිමේන්තු බලය වෙනුවෙන් අනුගමනය කළ යුතුව තිබුණු හොඳ ම උපායමාර්ගය වන්නේ එක්සත් ජාතික පක්ෂය සමග කොන්දේසි සහිත සන්ධානයකට යාමයි. එහෙම කළා නම් ජවිපෙ ඉතා ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ගොඩනගා ගන්නවා නිසැක ය. පෙසපෙන් ආ විවේචනය මූලික කරගෙන අපි නම් කිසිදාක ධනපති පක්ෂ සමග සන්ධානගත නොවෙමු යි කළ ශපථ කිරීමේ අරුත්සුන්බව දැන්වත් ඔවුන් තේරුම් ගත යුතු ය. 

දේශපාලන පාරිශුද්ධත්වයට වඩා අද දවසේ දේශපාලනික පැවැත්ම සඳහා අවශ්‍ය වන්නේ උපායශීලිත්වයයි. 

එසේම, වර්තමානයේ පක්ෂ දේශපාලනයට වඩා වැදගත් වන්නේ අරමුණු වෙනුවෙන් දේශපාලනය කිරීමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. para moko me Bhashana ekka thawamath awula, machan Bhashana jathiwadayata erehiwa voice ekak dunna ela buwek. Uba 2009 indan dena nonimi aragalaya 90 dashakaye dunna lankawe radical waama deshapalanaye athideepthimath thaarakaawa Bhashana. Para poddak sathuraa hariyata target karala gahamu neda? hathara wate nelanna epa ban. Uba Mahinda Abeysubdara hari Hudson Samarasinghe hari wenawata api kemathi ne. Api Parata thawamath ledie.

    ReplyDelete
    Replies
    1. මාධ්‍යකරුවෙක් හැටියට මම මොකාට ද නෙළලා නැත්තෙ? අනෙක් හැමෝට ම වගේ ම භාෂණටත් විවේචනය පොදුයි. ඇත්ත දැක, දැක ගේමට බොරු කියන දේශපාලනය අපි නැවැත්විය යුතුයි.

      කොන්දේසි විරහිත පක්ෂපාතිත්වයන් ආරක්ෂා කරගෙන මාධ්‍යකරණය බැහැ. මං කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නෙමෙයි නේ. ඒ නිසා මං මම දකින දේ කියනවා.

      අනෙක, අපි ඉඳ හිටලා පොඩි පබ්ලිසිටි එකක් අරන් දුන්නේ නැතිනම් මුං පිටරටට වෙලා, රස්සාවක්වත් නො කර අනුන්ගෙන් කකා බිබී ඉඳිල්ලටයි, තම තමන් අතර තෙල බෙදා ගැනිල්ලටයි විතරක් සීමා වෙනවා. මෙහෙම පුක කෙනිත්තුවා ම ආපහු වැඩ කරන්න මතක් වෙනවා. ඒක නරක නැහැනේ.

      Delete
    2. ඉටු කොට කළ යුතු යුතුකම්
      ලැබුණත් ලෝකෙන් ගැරහුම්
      ඉවසන්නට පුළුවන්නම්
      නුඹයි මගේ පුතා උතුම්

      (සැ.යු. - අපි මහින්ද හිමියන්ගේ ඊනියා වර්ගවාදී කවි ප්‍රතික්ෂේප කරමු. ලෙබ්බෙගේ මස් කපන පිහිය ගැන මහින්ද අපට අදාළ නැත. එහෙත් මේ කවිය පැරාට උපහාර වේවා!

      Delete
  2. //දේශපාලන පක්ෂයක වැදගත්කම මැනීම සඳහා තිබෙන එකම නිර්ණායකය ඡන්ද පදනම නො වේ. එහෙත්, දිළිඳු හා පීඩිත ජනයා අතර ජනප්‍රිය වාමාංශික පක්ෂයක් වූ ජවිපෙ යටිතලය බිඳ දමා පෙසප විසින් නිර්මානය කර තිබෙන දෙය කණගාටුදායක ය//

    එයාල කන්‍යාභාවයත් එක්කම වල පල්ලට යයි තව අවුරුදු කිහිපයක් ගිය තැන. බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ වගේ වැඩක්නෙ කලේ.

    ReplyDelete
  3. By the way the latest news is that Lal Kantha has resigned from WPC. It seems JVP is crumbling in pieces slowly but steadily.

    JVP is a spent force now in Sri Lanka's political landscape! Its gradual decline over the years was basically caused by its policy of becoming lackeys of the White Western Imperialists who are primarily capitalists. It is now paying the price for committing that unpardonable sin. JVP sold it founding principles such a shameless and ignominious manner that it can no longer be named as a socialist party!



    ReplyDelete
  4. පරිසරයට අනුගත වන සේ වෙනස්වීම් වලට ලක් විය නොහැකි සත්වයන් වඳ වී යනු ඇත...

    ReplyDelete
    Replies
    1. That's a bit funny statement! Has JVP been able to prevent itself from extinction If you say it has adopted to the changing environment?

      Delete
    2. මානවයා දැන් පරිසරයට අනුගත වනවාට වඩා පරිසරය තමාට අනුගත කර ගැනීමට සමත් වී ඇත.

      Delete
    3. අශුචි නපුන්සකයා....උබ බ්ලොග් එකේ ඇනෝ කොමෙන්ට් නැවැත්තුවේ ඕමා එක්ක වුන සීන් එක වහන්නද ? ඒවා නම් වාන ප්‍රියන්තයා....ඩුබායි එකේ උබ කරපුව හිටන් අදිනවා එකින් එක...ඇනෝ කොමෙන්ට් වහල නවත්තන්න බෑ යකෝ ඇත්ත....

      Delete
  5. ජවිපෙ දැන් අවුරුදු 10-15 තිස්සේ කරන්නේ, කකුල් දෙක පාරවල් දෙකක තියාගෙන ඉස්සරහට යන්න හදන එක. පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්නත් ඕනේ, හැබැයි සංධාන ගතවෙන්න කැමතිත් නෑ. ඔය පාරවල් දෙකේම එකසැරේ ජවිපෙට යන්න පුලුවන් දුර තමයි ඔය. පෙරෙට්ටො කැඩෙන්න කලින් ඉඳලම ජවිපෙට ඔය අවුල තිබ්බ නේද?

    ReplyDelete
  6. ජවි පෙරමුණ එජාපය සමග සන්ධානගත නොවීම නිසා ඔවුනට ලැබුනු ආසන සංඛ්‍යාව අඩු බව ඇත්තකි. මෙහිදී සැළකිල්ලට ගත යුතු තවත් කරුණක් තිබේ. එනම්, 2015 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය බලවත් වී යනු ඇතැයි බියෙන් සිටි ඇතැම් පිරිස් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීමේ අභිලාෂය මඳකට අමතක කර එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දුන් බවයි.

    වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීම හෙවත් ජනප්‍රියත්වය මෙන්ම, දේශපාලනික නිර්මලත්වයද එක සේ වැදගත් වේ. ජනතා විමුක්ති පෙරමුණ දැන් දෝලනය වන්නේ මේ අන්ත දෙක අතර ය. ප්‍රායෝගික තලයේදී මෙසේ දෝලනය වෙමින් සිටීම එක් අන්තයකට යාමට වඩා හොඳය. ස.ස.ප. වැනි පක්ෂ නිර්මලත්වය ආරක්ෂා කරගනිමින් ජනප්‍රිය නොවී සිටී. පැරණි වාමාංශක පක්ෂ නිර්මලත්වය අතහැර දමා ජනප්‍රියත්වය කරා යන්නට ගත් උත්සාහය අවසන් වී ඇති අයුරු අප කාටත් පැහැදිළිව පෙනෙන්නට තිබේ. පෙරටුගාමීන්ට බිය වීම නිසා නොව එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් ධනපති පක්ෂයක් සමග සන්ධානගත නොවීමට ජනතා විමුක්ති පෙරමුණට සාධාරණ හේතු පවතී.

    ReplyDelete
  7. ඔයා කලින් ලිපියක සඳහන්කල අන්දමට පීඩිතයන් යනු සාපේක්ෂ දෙයක් ඒ අනුව රජයේ සේවකයෙක් පීඩකයෙක් ලෙස ගත හැකියි.
    ධනවත් ස්ත්‍රියක් පීඩිතයෙක් වියහැකියි.
    ධනවත් බලවත් උගත් සමලිංගික ආශා ඇත්තෙක් පීඩිතයෙක් විය හැකියි.
    දැන් එතකොට ඔය විදියට බැලුවාම විමල් වීරවංශ මහතා පීඩිතයෙක් බව පැපැදිලියි.
    ඔබත් මමත් මහින්ද රාජපක්ෂ මහතාත් ඇතුළු බොහෝ දෙනෙක් විවිධ ප්‍රමාන වලින් ඔහුගේ පීඩකයන් වුනා.
    එබැවික් විමල් වීරවංශ මහතාගේ ජයග්‍රහණය පීඩිතයෙකුගේ ජයක් ලෙස සැලකිය යුතුයි.

    තව දෙයක් දෙමළ ජාතික සංධා‍නය‍ට යාපනය දිස්ත්‍රික්කයෙන්ම ලැබූ චන්ද ප්‍රමාණයට වඩා විමල් වීරවංශ තුමාට ලැබුන මනාප ගණන වැඩියි
    එමනිසා ජනවාර්ගික අරිබුදයට විසඳුමක් සෙවීමේදී මේ ජනතා පනිවිඩය අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. පීඩිතයා යනු සාපේක්ෂ දෙයක්...........
      ඒත් දේශපාලනයේදී පීඩිතයා යන්නෙන් අදහස් කර ඇත්තේ පාලකයාගේ පීඩනයට යටත් වූ තැනැත්තා යන අර්ථයෙනි. දේශපාලන ව්‍යවහාරයේදී ධනපතියා, සූරාකෑම යනාදී සියළු වචන වල තේරුම ඒවායේ සාමාන්‍ය තේරුමට වඩා වෙනස් ය. (මේ බව මා කළින් කොහේ හෝ ලිව්වෙමි.) ඒ නිසා, දේශපාලන සාකච්ඡාවකට මැදිහත් වීමේදී ප්‍ර වේශම් විය යුතුය. නැතිනම් පවිත්‍රාට මෙන් නෝන්ඩි වීමට සිදු වනු ඇත.

      Delete
    2. යාපනය දිස්ත්‍රීක් චන්ද ප්‍රමාණය = කොළඹ දිස්ත්‍රීක් චන්ද ප්‍රමාණය.
      :o :v

      Delete
  8. මහින්දවාදීන්ගේ අපේක්‍ෂාව
    සංධානයේ මහින්දගේ පිළට සිය ඡන්දය පාවිච්චි කල මෙරට ජනතාව නුගේගොඩ රැලියේ සිට මැතිවරණය දක්වාම සිටියේ එකම මතවාදයකය. එනම් දෙමළ ත්‍රස්තවාදය පරදවා දිනාගත් නිදහස යලි පාවා නොදිය යුතුය යන තැනය. තමන්ට දේශපාලන නායකත්වය දීම සඳහා ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කලේද තමන්ගේ මතවාදය වෙනුවෙන් ක්‍රියාත්මකවේ යැයි අපේක්‍ෂාකල හැකි එකම නායකයා ඔහු වීම නිසාය.

    මැතිවරණයේදී මේ ඡන්ද දායකයෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් කල්පණාකාරීව ඡන්දය පාවිච්චි කලහ. මැතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය පරිදි පිල් මාරුකරතැයි ජනතාව විසින් හඳුනාගත් අපේක්‍ෂකයින්ට මනාප ලැබුනේ නැත. ඒ නිසා ජනතාව සංධානයෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට යැවුවේ මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය පරිදි එක්සත් ජාතික පක්‍ෂය සමඟ හවුල් ආණ්ඩුවක් සැදීමට නොවේ. ඊට එක හෙලාම විරුද්ධවය. එක්සත් ජාතික පක්‍ෂය සමඟ හවුල් ආණ්ඩුවක් නොගැසීමෙන් සංධානයේ ඡන්ද දායකයන් බලාපොරොත්තු වූයේ එජාපයට අවශ්‍ය පරිදි රට බෙදීමට ඉඩ නොදීමටය.

    අගමැති වශයෙන් දිවුරුම් දුන් සැනින් රනිල් වික්‍රමසිංහ විසින් නැගෙනහිර සහ උතුරු පලාත්වලට රාජ්‍ය බලය බෙදා දීමට ක්‍රියාකරනු ඇත. හවුල් ආණ්ඩුවකට යන සංධානයේ මන්ත්‍රීවරුන්ට ඒ ගැන කිසිවක් කල නොහැකි වනුඇත.

    මහින්ද නායකයා ලෙස පත් කර ගැනීම, මෛත්‍රීපාල සිරිසේනගේ හෙංචයියන්ට මනාප නොදීම, එජාපය සමඟ හවුල් (කැමතිනම් ජාතික) ආණ්ඩුකට නොයාම යන දේශපාලන ස්ථාවර මහින්දවාදීන් විසින් ගනු ලැබුවේ ඒ තීරණ තමන්ගේ මූලික පදනමවූ බෙදුම්වාදයට විරුද්ධවීම හා සංගතවූ බැවිනි.

    ඒ නිසා සංධානයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්‍ෂය හා හවුල් (ජාතික) ආණ්ඩුවකට යාමට ජන වරමක් නැත. එමෙන්ම සංධානයෙන් මනාප නොලැබ පැරදුනු අපේක්‍ෂකයින් ජාතික ලැයිස්තුවක් හරහා පාර්ලිමේන්තුවට යැවීමද ජනතාවගේ අපේක්‍ෂාවන්ට විරුද්ධව ක්‍රියා කිරීමකි.

    නමුත් මේ දෙකම සිදුවනු ඇත. එහිදී මෛත්‍රීපාල සිරිසේන පක්‍ෂ නායකයෙකු වශයෙන් නොව විධායක ජනාධිපතිවරයා වශයෙන් තමන්ට ඇති බලය පාවිච්චි කරනු ඇත. ඒ බලපෑම ප්‍රජාතන්ත්‍රවිරෝධී යැයි කිසිවෙකු නොකියනු ඇත. සංධානයට ඡන්දය දුන් මහින්දවාදීන්ට කලහැක්කේ එය තමන්ගේ අපේක්‍ෂාව නොවන බව හඬනගා ප්‍රකාශ කිරීමය.

    ReplyDelete
    Replies
    1. එහෙත් සිදුවෙමන් පවතින්නේ කුමක්ද? සංධාන චන්දදායකයින් හිතූ දේ නොවේ. මහින්දගේ ද පූර්ණ අනුග‍්‍රහය ඇතිව හෝ නැතිව ජාතික ආංඩුව පිහිටවනු ඇත. එහෙත් කිසිදා රට බෙදිමට කිසිවකුට නොහැකිවනු ඇත. හේතුව ඒතුල ජාතිකවාදීන් ද සිටින නිසා හා එවැනි අමන පියවරකට යාමෙන් රනිල් අන්ත පරාජයක් ලැබීමය. 2001 බලයට පත්ව 2004 සිට ලැබු පරාජය රනිල් දනී. එබැවින් රට බෙදීම යන බිල්ලා ගැන බිය විය යුතු නැත. ජනතාවාදී තීන්දු තීරණ මත රට දිනවන දිශාවට රට ගෙන යාමට මේ පිරිසට හැකිවේදැයි අපි බලා සිටිමු

      Delete
  9. බැසිල්ට හා මහින්දට හොරන් කඩේ ගිය පෙරටුගාමීන් දැන් යු.එන්.පියට ප්‍රසිදියෙ කඩේ යයි,(උදුල් විජෙදාසට පොස්ටර් ගැසීම )අර ගලහිටියාව සෙන්ටර් එකට ගියපු පොරටොක් කාරයා කොහේ ගියාද?,කුමාර් කොහේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා