ඝාතන සංස්කෘතිය ගැන වැඩිදුරටත්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වූ ජානක බණ්ඩාර ඒකනායක හා සිසිත ප්‍රියංකර යන සිසුන් දෙදෙනා 2012 සැප්තැම්බර් 27දා ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මිය ගිය හ. ඔවුන්ගේ මරණවලට හේතුව මෝටර්සයිකල් අනතුරක් බව පොලිසිය පවසයි. එහෙත්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම මරණ ඝාතන බව දැඩිව අවධාරණය කරයි. ඒ පිළිබඳ සාධක රැසක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබේ.

මෙම මරණ පිළිබඳ මෙවැනි බරපතල සැකයක් මතු වී තිබෙන මෙම සන්දර්භය තුළ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අනිවාර්යයෙන් ම කළ යුතු ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මුල් අවස්ථාවක් වූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදහන් වූයේ 2011 වසරේ මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදී ය. පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවීම විශේෂත්වයක් විය. ආරක්ෂක අංශ ඔවුන් නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින බව පෙරටුගාමී පක්ෂය කලක් තිස්සේ පැවසී ය. එහෙත්, ඔවුන් ආපසු ආවේ නැත.

මොවුන් දේශපාලනයට සම්බන්ධ අයයි. එහෙත්, 2013 වර්ෂයේ සැප්තැම්බර් 2දා සුදු වෑන් රියකින් පැහැරගෙන යාමෙන් පසු අතුරුදහන් වූ අනුරාධපුරයේ මදුෂ්ක හරිස් ද සිල්වා කිසිදු දේශපාලනයකට සම්බන්ධ අයෙක් නො වේ. සිය සැමියා සොයා දෙන්නැයි ඔහුගේ බිරිය හා දරු දෙදෙනා අදත් මහ මග සිට උද්ඝෝෂණය කරති.

උතුරේ සිදු වූ මෙවැනි ඇතැම් ඝාතන හා අතුරුදහන් කිරීම් ආවරණය කළේ කොටි සංවිධානය නැවත පණගන්වනවා ය යන තර්කයට ය.

මේ කුමන නම් ඝාතන සංස්කෘතියක් ද? ඒ ගැන පරීක්ෂණ පවත්වා, නූතනත්වයට කිසි සේත් අනුගත නැති මේ ම්ලේච්ඡ සංස්කෘතිය අවසන් කළ යුතු ය. එය පැතිරවූවන්ට දඬුවම් කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඕක අර හැමදාම රෑ නිවුස් වලට දෙමලු මරන පාටිය (යුද්ධෙ යුද්ධෙ ඔවු ඒක තමා ) පෙන්න පෙන්න මිනිසුන්ගෙ ඔලු කුරුවල් කර එකේ ප්‍රථිඵලය තමා..
    මිනිස්සුන්ට දකුනේ මිනිහෙක්ව සුදුවෑන් වලින් උස්සන එක, ආයුධ පෙන්නන්න එක්ක ගිහින් මරන එක එහෙමත් ආතල් එකක් වුනා...

    ReplyDelete
    Replies
    1. එල් ටී ටී ඊ කාරයෙකුත් කොමෙන්ට් කරල. උබල බස් පුපුරුවන පාටි දැම්ම හින්ද අපි හෙන පරෙස්සමෙන් පාරෙ ගියෙ.
      දෙමළු මැරුවෙ කවුද ?

      Delete
  2. දැන් මේ කරුණු ගැන පොලිස් පරීක්‍ෂණ පවත්වන්න දේශපාලන බලපෑමක් ඕනෑද නැති නම්, හබයාස් කෝපස් (Habeas corpus) වැනි දෙයකින් අරඹන්න හැකිද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  3. හලෝ පැරා තුමා

    ‘වෙබ් ගොඩේ ෆාදර්‘ යයි තමා විසින්ම හඳුන්වා ගන්නා පෘතුගීසි වාසගමක් තියන බුවා කවුද කියලා හරියටම කියන්න පුලුවන්ද නොදන්නා කමටමයි අහන්නේ

    ReplyDelete
    Replies
    1. රුවන් ෆර්ඩිනැන්ඩස්

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා