දේශප්‍රේමී හා මාක්ස්වාදී චව් චව්ලාට ටයි මාමාගෙන් සෙනෙහසින්

උතුරට කණ දීගෙන බෝම්බ පුපුරනවා ද අසා සිටින, හීනෙන් ඩයිනමයිට් පෙනෙන මිනිසෙක් ඔබ අසල සිටින්නේ නම් ඒ වනාහි ‘දේශප්‍රේමියෙකි'. 

යූඇන්පීකාරයන් හොරකම් කරනතුරු හා ආර්ථිකයට කෙළ වී ජනතාව කන්න බොන්න නැතිව හාමත් වනතුරු බලා සිටින කෙනෙක් සිටියි නම් ඒ අනිවාර්යයෙන් ම 'මාක්ස්වාදියෙකි'. 

පළමුවැන්නා මහින්දට කෙළින් ලව් කරයි. දෙවැන්නා හොරෙන් ලව් කරයි. 

ඔබට ටයිටස් තොටවත්තයන් විසින් හඬකවන ලද දොස්තර හොඳහිත මතකද? එහි චව් චව් කියා චරිතයක් සිටියා මතක ද? 

චව් චව් නිතර කියන දෙයක් වන්නේ “මං කිව්වනෙ. ඕක හරියන්නෙ නැහැ," යන්නයි. ඉහත දක්වන ලද දේශප්‍රේමියෝ හා මාක්ස්වාදියෝ ද නියම චව් චව්ලා ය. 

වාමාංශික හා දේශප්‍රේමී චව් චව්ලා වෙනුවෙන් අපි මේ ගීය බෙදා දෙන්නෙමු. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සින්දුවට පට්ට ලයික් :)

    ReplyDelete
  2. චව් චව් නෙමෙයි ගලිවර්ගේ සුවිසැරිය කතාවේ කුරුමිට්ටෙක් ඕක කියන්නේ.

    ReplyDelete
    Replies
    1. True. Parakum made a botch due to his absurdness & now the whole post has been spoiled.

      Chaw Chaw is just a joker in "Dosthara Honda Hitha" as a gang member of Diyarakuz's pirates team. He used to say "Anagathe Ape Athe" which means future is in our hand in Sinhala and he does everything in a wrong way. Because of his dumbness, Diyarakuz has failed many missions (as a result of Chaw Chaw's blunderous behaviour).

      The guy who used this words is a Liliputan guy who is a member of Gulliver's explorer team in "Gulliverayange Suvisariya".

      Delete
  3. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පළාත් සභා මන්ත්‍රී තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව අප උදෑසන වාර්තා කළෙමු. එහෙත් මේ වනවිට සිදුවී ඇත්තේ කුමක්ද යන්න හෙළිවී තිබේ.

    ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තු යාමේ සිහිනයෙන් කටයුතු කිරීම නිසා ඔහුට පළාත් සභා රැස්වීම්වලට යාම සහමුලින්ම අමතක වී ගොස් තිබේ. නොකඩවා රැස්වීම්වලට මාස තුනක් සහභාගි නොවීම නිසා ඉබේම ඔහුගේ මන්ත්‍රී තනතුර අහෝසි වී තිබේ. ඉන් අනතුරුව පළාත් සභා කාර්යාලයෙන් මේ බව ඔහුට දන්වා ඇත.

    මෙම සත්‍ය තත්වය මාධ්‍යවලට අනාවරණය වීමට ප්‍රථම ඔහු කර ඇත්තේ මන්ත්‍රී තනතුරින් ඉල්ලා අස්වන බව මාධ්‍යවලට ප්‍රකාශ කිරීමයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සිහිනය තුළ ජීවත් වෙමින් දේශපාලනය කරන ලාල්කාන්තලාට සහ ජවිපෙට සත්‍ය ලෙසම සිදුවී ඇත්තේ මෙයයි.

    - Lankanewsweb

    ReplyDelete
  4. Thank you & Good-bye MR

    It didn't occur to MR to revoke the 13th amendment, when the war was won as he was at the peak of his popularity. The 2/3 control in the parliament was never used to strengthen the constitutional and other protection against any future attempts to divide Sri Lanka. The (acquired) majority was only used to remove the term limits and to become an everlasting king. It was also used to take over the powers of Independent Commissions and create a dictatorial regime.

    MR couldn’t comprehend the fact that the end of LTTE is not the end of Separatism. He didn't have any understanding of how the new states like South Sudan or Kosovo were created by the separatists. He didn't understand that as the West has been instrumental in separating these countries and if Sri Lanka wants to safeguard her territorial integrity she has to be on the good side of the West.

    The UNHRC commission's report was depicted as the West is trying to crucify him. He 'sold' the nationalistic feeling and the sympathy the investigations created, to get votes. He didn't know or didn't want to say that the intention of the separatists, who were trying to establish a separate homeland for Tamils, is to get economic sanctions based on that report. He interpreted the hype of activity on war crimes (at the end of the war) as a witch hunt of the West. He didn’t have the ability to see that the next step would be an UN sanctioned referendum.

    The country is now in safer hands of Ranil & Maithree. Ranil will be able to isolate the separatists and get the West to take the side of the country. He has already succeeded in this. TNA resurrecting the ‘Federal’ demand which was there since 1952 to help Rajapakse get the chauvinist vote, is proof that they do not like the fact that after the January 8th the separatists lobbies are losing the 'influence' with the Western governments.

    MR Please accept the fact that you now been defeated twice by the majority of Sri Lankans. You should let the country progress in peace without your idiotic and corrupt cohorts.

    Nevertheless we are grateful for your leadership in winning the war.

    ReplyDelete
    Replies
    1. The stupidest analysis I read after a quite some time! So Sri Lanka is now in safe hands of Ranil and SIrisena eh?

      Delete
  5. චව් චව් කියන්නෙ 'අදත් නෑමක්' කියලා...
    ඒක නං... ගැලපෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
  6. අපගේ දෝෂය පෙන්වා දුන් සැමට ස්තුතියි. මා එය සඳහන් කළේ මතක තිබුණු ආකාරයට ය.

    මූලික සටහන වෙනස් නොකර තැබුවෙමි. අදහස් දක්වන්නන්ගේ මග පෙන්වීම අනුව නිවැරදි කර ගන්න.

    ReplyDelete
    Replies
    1. පැරා ඔබට ශාස්ත්‍රීය චර්යාවක් තියෙනවා මචං. ඔහොම යං. වැරදුනාට කමක් නෑ. වැඩක් කරන එකාට තමයි වරදින්නේ.

      Delete
  7. මහින්දවාදීන්ගේ අපේක්‍ෂාව
    සංධානයේ මහින්දගේ පිළට සිය ඡන්දය පාවිච්චි කල මෙරට ජනතාව නුගේගොඩ රැලියේ සිට මැතිවරණය දක්වාම සිටියේ එකම මතවාදයකය. එනම් දෙමළ ත්‍රස්තවාදය පරදවා දිනාගත් නිදහස යලි පාවා නොදිය යුතුය යන තැනය. තමන්ට දේශපාලන නායකත්වය දීම සඳහා ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කලේද තමන්ගේ මතවාදය වෙනුවෙන් ක්‍රියාත්මකවේ යැයි අපේක්‍ෂාකල හැකි එකම නායකයා ඔහු වීම නිසාය.

    මැතිවරණයේදී මේ ඡන්ද දායකයෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් කල්පණාකාරීව ඡන්දය පාවිච්චි කලහ. මැතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය පරිදි පිල් මාරුකරතැයි ජනතාව විසින් හඳුනාගත් අපේක්‍ෂකයින්ට මනාප ලැබුනේ නැත. ඒ නිසා ජනතාව සංධානයෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට යැවුවේ මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය පරිදි එක්සත් ජාතික පක්‍ෂය සමඟ හවුල් ආණ්ඩුවක් සැදීමට නොවේ. ඊට එක හෙලාම විරුද්ධවය. එක්සත් ජාතික පක්‍ෂය සමඟ හවුල් ආණ්ඩුවක් නොගැසීමෙන් සංධානයේ ඡන්ද දායකයන් බලාපොරොත්තු වූයේ එජාපයට අවශ්‍ය පරිදි රට බෙදීමට ඉඩ නොදීමටය.

    අගමැති වශයෙන් දිවුරුම් දුන් සැනින් රනිල් වික්‍රමසිංහ විසින් නැගෙනහිර සහ උතුරු පලාත්වලට රාජ්‍ය බලය බෙදා දීමට ක්‍රියාකරනු ඇත. හවුල් ආණ්ඩුවකට යන සංධානයේ මන්ත්‍රීවරුන්ට ඒ ගැන කිසිවක් කල නොහැකි වනුඇත.

    මහින්ද නායකයා ලෙස පත් කර ගැනීම, මෛත්‍රීපාල සිරිසේනගේ හෙංචයියන්ට මනාප නොදීම, එජාපය සමඟ හවුල් (කැමතිනම් ජාතික) ආණ්ඩුකට නොයාම යන දේශපාලන ස්ථාවර මහින්දවාදීන් විසින් ගනු ලැබුවේ ඒ තීරණ තමන්ගේ මූලික පදනමවූ බෙදුම්වාදයට විරුද්ධවීම හා සංගතවූ බැවිනි.

    ඒ නිසා සංධානයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්‍ෂය හා හවුල් (ජාතික) ආණ්ඩුවකට යාමට ජන වරමක් නැත. එමෙන්ම සංධානයෙන් මනාප නොලැබ පැරදුනු අපේක්‍ෂකයින් ජාතික ලැයිස්තුවක් හරහා පාර්ලිමේන්තුවට යැවීමද ජනතාවගේ අපේක්‍ෂාවන්ට විරුද්ධව ක්‍රියා කිරීමකි.

    නමුත් මේ දෙකම සිදුවනු ඇත. එහිදී මෛත්‍රීපාල සිරිසේන පක්‍ෂ නායකයෙකු වශයෙන් නොව විධායක ජනාධිපතිවරයා වශයෙන් තමන්ට ඇති බලය පාවිච්චි කරනු ඇත. ඒ බලපෑම ප්‍රජාතන්ත්‍රවිරෝධී යැයි කිසිවෙකු නොකියනු ඇත. සංධානයට ඡන්දය දුන් මහින්දවාදීන්ට කලහැක්කේ එය තමන්ගේ අපේක්‍ෂාව නොවන බව හඬනගා ප්‍රකාශ කිරීමය.

    ReplyDelete
  8. It's not good to keep
    Tie uncles effects to politics because its all about children. Not for politics

    ReplyDelete
  9. AnonymousAugust 19, 2015 at 8:35 AM
    යූඇම්පිය ගත් සෑම ඡන්ද 48,000 කට ම ආසනයක් ලැබී ඇත.

    බුලත් කොළය ගත් සෑම ඡන්ද 49,000 කට ම ආසනයක් ලැබී ඇත.

    දෙමළ සන්ධානය ගත් සෑම ඡන්ද 32,000 කට ම ආසනයක් ලැබී ඇත.

    මේ අනුපාත අනුව ගණන් බැලුවහොත් ජනතා විමුක්ති පෙරමුණට ආසන 12 ක් හෝ 13 ක් හෝ ලැබිය යුතුව තිබිණි.

    එහෙත්.......

    ජෙප්පන්ට එක් ආසනයක් දිනා ගැනීම සඳහා ඡන්ද 90,000 ක් ලබා ගැනීමට සිදු විය.

    ඇයි ඒ?

    වැටෙන සැම වලංගු ඡන්දයකට ම උපරිම වටිනා කමක් ලබා ගැනීම පිණිස සිදු කිරීමට නියමිතව තිබූ 20 වන සංශෝධනය ආත්මාර්ථකාමී ලෙස කඩාකප්පල් කළ එක් පාර්ශවයක් වූයේ ජනතා විමුක්ති පෙරමුණ යි. ඒ අකුසලයේ වන්දිය දැන් ඔවුන් විසින් ගෙවනු ලැබ තිබේ.

    ජෙප්පන්ට ශීර්ෂයක් තිබුණාට මස්තිෂ්කයක් නැති බව මෙවර මහ මැතිවරණයෙනුත් මනා ව පැහැදිලි වී තිබේ.

    Reply
    Replies

    AnonymousAugust 20, 2015 at 12:46 AM
    මිනිස්සුන්ගෙ ගොන්කo වලට ජෙප්පො මොනවා කරන්නද?
    ජවිපෙ ආසන වෑඩි උනයි කියලා ජෙප්පන්ට අමුතුවෙo මුකුත් ලෑබෙන්නේ නෑ නේ.ආසන අඩු උනයි කියලා ජෙප්පන්ට අමුතුවෙo මුකුත් නෑතිවෙන්නෙත් නෑ.
    ජෙප්පො අඩු වීමෙන් කෙලවෙන්නේ රටට තමා.
    මහින්දලා රනිල්ලා ආය සෙට්වෙලා ජනතාවට කලු කෝපි බිබි කෙලිනකොට මේ රටේ මෝඩ මිනිස්සුන්ට අය ජෙ.වී.පී කියන් අකුරු තුන මතක්වෙයි.


    ශණි शनिAugust 21, 2015 at 1:20 AM
    එක යූ ඇන් පී කාරයෙක්ගෙ වටිනාකම 48000යි
    එක සන්ධානකාරයෙක්ගෙ වටිනාකම49000යි
    එක ජෙප්පෙක්ගෙ වටිනාකම 90000යි.
    එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. ශණි शनि,

      මුලු ලංකාවම ජාතික ලයිස්තු ක්‍රමයට අනුව (දල වශයෙන්: මුලු චන්ද ගනන බෙදීම 225) හිතුවොත් ඔබ කියන එක හරි. එනම්, දල වශයෙන් එක් මන්ත්‍රී ආසනයකට ඡන්ද 51,600ක් පමන. නමුත් ඡන්දය මූලිකව පවත්වන්නෙ දිස්ත්‍රික්ක අනුවනෙ. දිස්ත්‍රික්කයක් ජය ලබා ගැනීම මේ ක්‍රමයේදී ඉතාම තීරනත්මකයි. ඒක හරියට කොට්ටාශ ක්‍රමයෙදි වගේ තමයි. එජාප /එජනිස/දෙජාස සහ ජවිපෙ අතර වෙනස වන්නේ පලමුව කී පක්ශ දිස්ත්‍රික්ක මට්ටමින් ජය ලබා ඇති වීමයි. මේ ක්‍රමය යටතේම ජවිපෙටත් එක දිස්ත්‍රික්කයක් හරි දිනාගත හැකි වුනා නම්, නිසැකවම මුලු ආසන ප්‍රමානය 10 ට වඩා වැඩි වෙනවා.

      අනික් අතට, දිස්ත්‍රික් මට්ටමින් බැලුවොත්, කුඩා පක්ශ ආසන දිනාගන්නේ ආසනයක් දිනාගැනීමට අවශ්‍යකරන මූලික ඡන්ද ප්‍රමානය (දල වශයෙන් ඡන්ද 60,000ක් පමන ) ලබාගෙන නොවේ. කලුතර(ජවිපෙ )-38,000+; හම්බන්තොට (ජවිපෙ ) - 36,000+, ((((දිස්ත්‍රික් මට්ටමේදී එක ජෙප්පෙක්ගෙ වටිනාකම 36,000යි!)))); යාපනය (ඊපීඩීපී ) - 30,000+; මඩකලපුව (ශ්‍රිලමුකො )- 38,000+. ඇත්තෙන්ම මෙය කුඩා පක්ශ වලට ඉතා විශාල වාසියක්.

      පැහැදිලිවම ජවිපෙ වගේ පක්ශ වලට - ප්‍රදේශයකට පමනක් සංකේන්ද්‍රනය නොවූ - ජාතික තලයේ - නමුත් කුඩා පක්ශ වලට මේ ක්‍රමය අවාසිදායක තමයි. නමුත් කොට්ටාශ ක්‍රමය තරම් අවාසිදායක නැහැ! ඔබේ සංසන්දනය එච්චරම සාධාරන හෝ තාර්කික නැහැ.

      - Dimithri

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා