ලාච්චුව අස් කිරීමේ ව්‍රතය


අස් කරමි ලාච්චුව
කෘෘර ලෙස තත්පරව
ගොඩ ගසමි කසල ලෙස
දවන්නට අතීතය

වැටුප් විස්තර පරණ
ගෙවූ බිල් එවූ ලිපි
කල් ඉකුත් වගකීම් සහතික
එකතු වූ නාමපත්

දියව ගිය මුහුණු ඇති
පරණ හැඳුනුම්පත්
කවි ලියූ තුණ්ඩු හා
සුවඳවත් පෙම්පත්

දමා කුණු මල්ලක
අරන් යමි පාරට
කුණු ලොරිය එනවිට
තබා එමි පෙනෙන්නට

නො බලා ම ආපසු
ඇවිත් කාමරයට වදිමි
ලාච්චුව හිස් ය බාගෙට
නැවුම් ය දයා විරහිත ලෙස

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අයියෝ පැරා දැන්වත් ඔය හැඳුනුම්පත් ටික මඩි ගහගෙන ඉන්නේ නැතුව , කුණු ලොරියට විසි කරනේ නැතුව ලියුම් පෙට්ටියකට දානවද ප්ලීස්. මිනිස්සු මරපුවගේ පවු ටිකක් හරි හේදිලා යන්නත් එක්ක ...

    ReplyDelete
  2. අඩෝ පැරා! උබත් බං නො කරන මඟුලක් නැහැ. ඒ ගමන කවියකුත් ලියලා. නියම පරණ ජෙප්පෙක් බං උබ (දැන් ඉන්න හාල්පාරූ ජෙප්පොන්ට කවි තියා සටන් පාඨයක්වත් ලියා ගන්න බැහැ). පැරා බලාගෙන යද්දි විද්‍යාවේ නිව්ටන් වගේ; සාහිත්‍යකලාදර්ශනාදියේ ඇරිස්ටෝටල් වගේ: අත නො ගහපු මඟුලකුත් නැහැ! නො දන්න මඟුලකුත් නැහැ! දන්න මඟුලකුත් නැහැ! පැරා ඉතිං නෙලුම් යායෙදී දුන්න විදග්ධ කථාවේ සාරය නිසා ඇරිස්ටෝටල්ගේ මැග්නා මොරලියා, පොයටිකස්, පොලිටික්ස් වගේ බරසාර කෘතිත් අධ්‍යයනය කරනවා වෙන්න ඕන. ජේවීපී එකේ ජාතික ලැයිස්තුවට දාන්න වටින හාදයෙක් බං උබ. දිව්වුරුම් දුන්න; ඉල්ලා අස්වුණා. ඔහොම යං... ඔහොම යං..

    ReplyDelete
  3. I could not enter sinhala in to your blog....why....you got a fantastic way of thinking...who ever think of..the thing you just thought of cleaning the Drawer...and so on..really admirable....usually people do not bother to thing such far reaching subjects..but you did...this very little writing makes you special. expect more..Paraa...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා