ප්‍රතිචක්‍රීයකරණ හා අපද්‍රව්‍ය කළමනාකරණ අමාත්‍යංශයක් පිහිටෙව්වොත් නරක ද?

මේ දවස්වල අලුත් ඇමති මණ්ඩලය පත් කරන හැටි, අමාත්‍යාංශ, බලතල, විෂය ආදිය ගැන දොරවල් වසාගෙන සාකච්ඡා කරනවා නේ. 

ශ්‍රීලනිපය ලොකු ලොකු ඇමතිකම් ඉල්ලනවා ලු. දෙන ඒව මදියි කියනවා ලු. ඇමතිකම් බෙදාගන්න ඉතින් හැමදාමත් රණ්ඩු නේ. 

එජාපයට බහුතරය සඳහා අඩු මන්ත්‍රී සංඛ්‍යාව සොයා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. මහින්ද හිටියා නම් කරන්නේ ඇමති තනතුරු පෙන්නලා සන්ධානෙන් මාළු ටිකක් බා ගන්න එක නේ. ඔය දිනේෂ්, විමල්, ගම්මන්පිල වගේ හයියෙන් කෑගහන වීරයන්ව තමයි බාගන්න ලේසි ම. 

මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය නැති නො කර, ජනතාව පක්ෂවලට දුන් බලය විකෘති නො කර මෙවැනි සම්මුතිවාදී ආකාරයකට කටයුතු කරන්න අගමැති රනිල් වික්‍රමසිංහත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් කටයුතු කිරීම කුහකකමින් තොරව අගය කළ යුතුයි. 

ඡන්දයෙන් පරාජිත අපේක්ෂකයන්ව ජාතික ලැයිස්තුවට පස්ස දොරෙන් රිංගවා මන්ත්‍රීකම්වලට පත් කරනවාට අමතරව ඇමතිකමුත් දෙනවා නම් එය බරපතල තත්වයක්. 

කොහොම වුණත්, ඉදිරි වසර පහක් ස්ථාවර ආණ්ඩුවක් පවත්වා ගන්න කටයුතු කළ යුතුයි. ශ්‍රීලනිපයේ වනචාරීන් සමග මේස චාරිත්‍ර සහිත භෝජන සංග්‍රහ පැවැත්වීමේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ එජාපය පරිස්සම් විය යුතුයි. 

අලුතෙන් අමාත්‍යංශ නිර්මානය කරද්දී හෝ පස්සෙ කාලෙක හෝ ලංකාවේ ප්‍රතිචක්‍රීයකරණ හා අපද්‍රව්‍ය කළමනාකරණ අමාත්‍යාංශයක් පිහිටුවනවා නම් හොඳයි කියලායි මට හිතෙන්නේ. මේ ප්‍රශ්නය ලංකාවේ ඒ තරම් ම දැවෙන ප්‍රශ්නයක්. එයට කඩිනමින් විසඳුම් අවශ්‍යයි. හුදෙක් පරිසර අමාත්‍යාංශයට හා පළාත් පාලන ආයතනවලට විතරක් මේ කාර්යය හසුරුවා ගන්න බැරි බව ඉතා පැහැදිලියි. එය ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා වැඩි බරක් යොදා විසඳුම් ලබා දිය යුතුයි. එය දේශපාලන ස්ථාවරත්වයටත් හේතු වෙනවා. මතකනේ පසුගිය දිනවල කොළඹ නැවත කුණු එකතු වෙනවා ය කියලා මහින්දගේ අය කෑගහපු හැටි. මහින්දට මේවාට තිබුණේ මිලිටරි විසඳුම්. ඒ කියන්නේ හමුදාව දාලා කුණු අද්දවන එක. එහෙම නෙමෙයි, මේවාට චිරස්ථායී විසඳුම් ලබා දෙන්න නම් ආයතන පද්ධතිය ශක්තිමත් කළ යුතුව තිබෙනවා. 

අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීයකරණය පිළිබ සමාජයේ දැවැන්ත ආකල්ප වෙනසක් ඇති කළ යුතුයි. එසේම, මේ කාරණා සම්බන්ධයෙන් නීති ද දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. හැබැයි, මේ ඔක්කොට ම කලින් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය විධිමත් කළ යුතුයි. 

ලංකාවේ සංචාරක කර්මාන්තය, ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම, සෞඛ්‍යය, සනීපාරක්ෂාව, පරිසරය වැනි කාරණා රැසකට මෙම විෂය සම්බන්ධ නිසා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය මේ කෙරෙහි යොමු කරවන්න අපි උත්සාහ කරමු. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලංකාව අපිරිසිදු රටක් හැටියට යි සළකන්න වෙන්නේ.

    ඒ තැන තැන කැළි කසළ ගොඩ ගැසී තිබෙන නිසා ම නෙවෙයි, අස්සක් මුල්ලක් නෑර දැන්වීම් පුවරු සවි කර තිබීමත් ඊට හේතුවක්. සෑම පුංචි කඩයක ම තිබෙන බෝඩ් සහ පෝස්ටර් ද මීට ඇතුළත්. මෙවැනි පුවරුවලින් සිදු වන්නේ පාරිසරික දෘශ්‍ය දූෂණයක්.

    1970 දශකය අග භාගය තෙක් ලංකාවේ මෙවැනි පාරිසරික දෘශ්‍ය දූෂණයක් තිබුණේ නැහැ. පරිසරයේ සුන්දරත්වය වැහෙන අයුරින් ලොකු දැන්වීම් පුවරු තිබුණේ නැහැ. කඩවල හැට හුටහමාරක් පුංචි පුංචි බෝඩ් කෑලි, පෝස්ටර් තිබුණේ නැහැ. ඒ කාලයේ ප්ලාස්ටික්, පොලිතීන් භාවිතය ශූන්‍යයට ආසන්න යි. මිනිස්සු කඩෙන් බඩු ගෙනාවේ පන් මලුවල. ඒ පන් මල්ල විසි කළත් මාසයකින් දිරා පත් වෙනවා. ෂොපිං බෑග් වශයෙන් තිබුණේ බ්‍රව්න් පේපර් බෑග්. ඒවාත් විගස දිරාපත් වෙනවා. මස් මාළු ඔතලා දුන්නේ හබරල කොලවල. ඒවාත් විගස දිරාපත් වෙනවා. ඉතින් කැළි කසළ ගොඩ ගැහෙන්නේ නෑ; ඒ නිසා ම කාණු පද්ධති හිර වෙන්නේත් නෑ; මදුරුවෝ බෝ වීමකුත් නැහැ.

    ඒ කාලයේ දුප්පත් පවුල්වල අයගේ ජීවන තත්ත්වය දැන් ඉහල ගිහින් නිසා ඒ අය හිතනවා පරිභෝජනය නොකළොත් මදි කමක් කියලා. සුපර් මාර්කට් එකකට ගිහින් බඩු ගත්තොත් පුළුවන් තරම් නොදිරන ෂොපිං බෑග්වලට බඩු දාගන්නවා. සබන් වලට එක බෑග් එකක්; ෂැම්පූවලට තව බෑග් එකක්; ආහාර ද්‍රව්‍යවලට බෑග් තුන හතරක්; බෝතල් කළ ද්‍රව්‍යවලට තව බෑග් එකක් යනාදී වශයෙන්. අන්තිමේදී සුපර්මාර්කට් එකෙන් එළියට එනකොට අඩුම ගණනේ බෑග් 10 ක් අරගෙන එනවා. ඒ සේරම විනාඩි 30-40 කට පස්සේ ගෙදර ගිය විට විසි කරනවා. ඊටත් දවස් දෙක තුනකට පස්සේ ඒ බෑග් පුච්ච්ලා උග්‍ර විෂ වායු වායු ගෝලයට එකතු කරනවා. මෙහෙම ගොන් හරක් ජාතියක්....

    ReplyDelete
    Replies
    1. Quality of life වැඩි දියුණු කරගත හැකියි. එ සදහා අහස උසට සමිපත් අවශ්‍ය නෑ.
      හොද කළමණාකාරිත්වය පමණයි අවශ්‍ය.

      Delete
    2. මම නිතරම ෂොපින් බෑග් ප්‍රතික්ෂේප කරන කෙනෙක්. සමහර කඩවල, එහෙම නැත්නම් සුපර් මාර්කට්වල ෂොපින් බෑග් එපා කිව්වහම ඒ වෙළඳ සහායකයෝ මං කියපු දේ විශ්වාස කරන්න බැරුව මගේ දිහා බලන් ඉන්නවා.... ඒකෙන් පේනවා ලංකාවේ පාරිභෝගිකයෝ මොන තරම් ෂොපින් බෑග්වලට ඇබ්බැහි වෙලාද කියලා.

      Delete
  2. /ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය මේ කෙරෙහි යොමු කරවන්න අපි උත්සාහ කරමු./

    ඇයි උත්සාහ කරන්නේ? රෙදි ගලෝගෙන කඩේ ගියේ බලපෑම් කරන්න කියලයි අපි හිතුවේ.

    ලේක්හවුස් යන්න හිතං හිටපු පුරවැසි මාධ්‍යකරණයේ නියමුවා මොකද නිකම් කවුරුවත් ගණන් ගන්නේ නැති මාරයා වගේ හාල් කෑලි දෙන පතෝල ටෝක් දෙන්නේ?

    උත්සාහ කරලා බලන්නකෝ එහෙනම්.

    /ඡන්දයෙන් පරාජිත අපේක්ෂකයන්ව ජාතික ලැයිස්තුවට පස්ස දොරෙන් රිංගවා මන්ත්‍රීකම්වලට පත් කරනවාට අමතරව ඇමතිකමුත් දෙනවා නම් එය බරපතල තත්වයක්. /

    බරපතල තත්වේ අනිවාර්යෙන් උදාවෙනවනේ. එතකොට මොකක් කරන්නද උත්සාහ කරන්නේ. මහින්ද සමරසිංහ පැත්තකින් තියමුකෝ. එස් බී ට මොනරාගල සොයිසාට එහෙම දෙන එක ගැන මොකද කරන්නේ.

    ReplyDelete
  3. @ Anonymous August 27, 2015 at 1:29 PM ----

    මොකෝ අප්සැට් එක....? මොළේ කසනවා ද?

    ක්ලෝනෝපින් පෙති දෙකක් බීලා නිදා ගනින් දඟලන්නේ නැතිව.

    ReplyDelete
  4. අළුතෙන් පිහිටුවන්නේ අහවල් එකටෙයි... ඔක්කෝම අමාත්‍යන්ශ ඒ සබ්ජෙක්ට් එක නේ...

    ReplyDelete
    Replies
    1. වස්සෙක් "උම්බෑ" කියයි.

      Delete
    2. නෑයෙක් ඇවුත්....

      Delete
    3. මාතලන් තොප්පිය පැළඳ ගනියි!

      Delete
  5. දුකටපත් කුඹුක්ගැටේ ගැමියන්.August 27, 2015 at 3:41 PM

    ප්‍රමාද වී ලැබෙන ශෝකප්‍රකාශ.
    -----------------------------------
    තමන්ගේ කැරිවැඩ 1000ක් වසා ගෙන අනුන්ගේ ඇදකුද පෙන්වමින් ප්‍රේක්ෂක ජනතාව මවිත කලා වූද ,
    අවස්ථාවාදය මැනවින් කලමණාකරනය කරමින් මයිල් කෙලින්වෙන පොරටෝක් ? දුන්නා වූද ,
    ගෝනී නැතුව "අලුත් පරපුර"පිටේ ගියා වූද,
    "ලැජ්ජාව" යන වචනය ජීවිතේට අසා නැති වූද,
    ඉනික්බිතිව අවසානයේදී රනිල්ගේ යූඇන්පියෙන් රත්මලානේදී තම පුක අස්ථාන කරගත්තා වූද ,
    "අපේ පංතියේ" සිංහයාට කුඹුක්ගැටේ ගැමියන්ගේ රැඩිකල් ශෝකය පැරාගේ W3 හරහා මෙලෙස පල කරයි.!!!

    ReplyDelete
    Replies
    1. Fuck off you bugger! What the hell you know about Sanna's politics? Get Lost you bloody eunuch.

      Delete
    2. දුකටපත් කුඹුක්ගැටේ ගැමියන්.August 28, 2015 at 10:46 PM

      // AnonymousAugust 28, 2015 at 12:20 PM//

      අපි ඔබේ රිප්ලයිය බාරගන්නෙත් නෑ ප්‍රතික්ශේප කරන්නෙත් නෑ .

      Delete
    3. කුඹුක්ගැටේ ගලවලා ගහගනින් තොගේ පුකේ. අවලමා. සන්නා ගැන විනිශ්චය කරන්න තෝ කව්ද යකෝ? ය වෙනුවට ප දාගනින් පරයා.

      Delete
    4. දුකටපත් කුඹුක්ගැටේ ගැමියන්.September 3, 2015 at 11:23 PM

      හා

      Delete
  6. ඇමතිකම් දීලා හරි AnonymousAugust 27, 2015 at 1:38 PM වගේ ගොං හරකුන්ගේ මොළේ පාදගන්න පුළුවන්නම් ඒක වටිනවා. අපේ රටේ මිනිස්සු හිතුවට අපි දැනුමෙන් ඉහළ ප්‍රඥාවන්තයෝ කියල කරන තරමක් කරන්නෙ ගොබ්බ පොල් බූරු වැඩ. තනිකරම අමාත්‍යාංශයක් වෙන් කළාට පාඩුවක් වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ශණිගේ මොළේ වයර් මාරු වෙලාද?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා