Posts

Showing posts with the label ජනාධිපති සමාව

රූකාන්ත පවුලට අපරාධ කර නිදහස් වූ ජනාධිපති ආරක්ෂකයන් ආපසු සේවයට යන්නේ කා ළඟ ද?

Image
රූකාන්ත සිද්ධියෙන් ලැබූ තුවාල වර්ෂ 2000 ජනවාරි මස 26 වැනිදා රාත්‍රීයේ ආයුධ සන්නද්ධව රූකාන්ත ගුණතිලකගේ නිවසට කඩා වැදී රුපියල් තිස්හය ලක්ෂ පනස්දහසක් වටිනා රන් ආභරණ සහ ජීප් රථය කොල්ලකෑම, ඔවුන්ට තර්ජනය කිරීම සහ ශාරීරික බාධක සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ, පාණදුර පළාත්බද මහාධිකරණය විසින් සිරදඬුවම්, වන්දි හා දඩ නියම රන ලද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ය‍ටතේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ නිලධාරීන් දසදෙනාට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කර තිබේ. එදිරිසිංහගේ බන්දුල මධුෂාන් කුමාර, වන්නිආරච්චිලාගේ දොන් නිහාල් විජේසිරි, මාන්කොට්ට කංකානමලාගේ සරත් කුමාර රූපසිංහ, ජුවන්දරගේ කරුණාසේන ජයලත්, පිල්වල ගුණතිලකගේ ලෙස්ලි චන්ද්‍රතිලක, දිසානායක අප්පුහාමිලාගේ අතුල සේනාරත්න, රතුහැලඹගේ ධර්මසිරි බට්ටාගේ ලලින්ද රාජරත්න, ඉෂාන් සම්පත් රණසිංහ සහ බොහොතලේ ආරච්චිගේ උපාලි ආරියදාස යන අය මේ අනුව ඊයේ නිදහස ලැබූ හ. මේ වනාහි ඉතා නරක පූර්වාදර්ශයකි. මෙම ජනාධිපති සමාවෙන් ප්‍රකාශ වන්නේ කුමක් ද? බලවතුන් යටතේ විවිධ තනතුරුවල සේවය කරන අතරතුර, එම බලවතුන්ගේ උවමනාව පරිදි අපරාධ කරන විශාල පිරිසක්...

මරණ දඬුවම නියමව සිටි ලංකාවට කුඩු ගෙනා විදේශික ගැහැනුන්ට නො ඉල්ලා ම දුන් ජනාධිපති සමාව ගන්න ෆොන්සේකා ඉල්ලා සිටිය යුතු ම ද?

Image
ජොනීගේ ශරීර භාෂාව කියවන්න ( 2010 එක්තෝබර් 02,  W3Lanka )  වැරදි කිරීම මිනිස් ගතියකි. සමාව දීම දේව ගතියකි. වඩා නිවැරදිව කියන්නේ නම් වැරදි කිරීම පොදු ය. එහෙත්, දඬුවම් කිරීම හා ජනාධිපති සමාව ලබා දීම කළ යුත්තේ තෝරාගෙන ය. අපේ ජනාධිපතිතුමා නම් බෝධිසත්වයෙකි. නැතිනම් මාර සත්වයෙකි. තමන් මරන්නට කුමන්ත්‍රණ කළ එකාට පවා සමාව දී ළඟට ගන්නට තරම් හේ අසම්මත චරිතයකි. රටක ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණ කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට කැබිනට් ඇමතිකමක් දෙන රටක් ඇත්නම් ඒ අනෙකක් නොව ලෝකෙන් උතුම් ම වන මේ රටයි. ඒ අනුව, රටේ රාජ්‍ය නායකයාව මරන්නට කුමන්ත්‍රණ කර බෙල්ල මුලින් ම මාට්ටු වූ එකෙක් දැන් රට පාලනය කරයි. මොහු අනෙකෙකු නොව වත්මන් අභ්‍යන්තර වෙළඳ හා සමුපකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ය. මේ බව හෙළි කරන්නේ අප නොව, රහස් පොලිසියයි. ජනාධිපති ඝාතනය කරන්නට ඇමති ජොන්ස්ටන් සමග කුමන්ත්‍රණ කළ පිරිස තව දුරටත් රඳවාගෙන පරීක්ෂා කිරීම ආරක්ෂක ඇමති වන ජනාධිපතිවරයා ම විසින් සම්බාධා කර ඇති බව හා නිතිපති උපදෙස් මත පරීක්ෂණය අවසන් කරන බව රහස් පොලිසිය අගෝස්තු 17දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ ය. මෙ...