Posts

Showing posts with the label මිල්රෝයි ප්‍රනාන්දු

මරණ දඬුවම නියමව සිටි ලංකාවට කුඩු ගෙනා විදේශික ගැහැනුන්ට නො ඉල්ලා ම දුන් ජනාධිපති සමාව ගන්න ෆොන්සේකා ඉල්ලා සිටිය යුතු ම ද?

Image
ජොනීගේ ශරීර භාෂාව කියවන්න ( 2010 එක්තෝබර් 02,  W3Lanka )  වැරදි කිරීම මිනිස් ගතියකි. සමාව දීම දේව ගතියකි. වඩා නිවැරදිව කියන්නේ නම් වැරදි කිරීම පොදු ය. එහෙත්, දඬුවම් කිරීම හා ජනාධිපති සමාව ලබා දීම කළ යුත්තේ තෝරාගෙන ය. අපේ ජනාධිපතිතුමා නම් බෝධිසත්වයෙකි. නැතිනම් මාර සත්වයෙකි. තමන් මරන්නට කුමන්ත්‍රණ කළ එකාට පවා සමාව දී ළඟට ගන්නට තරම් හේ අසම්මත චරිතයකි. රටක ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණ කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට කැබිනට් ඇමතිකමක් දෙන රටක් ඇත්නම් ඒ අනෙකක් නොව ලෝකෙන් උතුම් ම වන මේ රටයි. ඒ අනුව, රටේ රාජ්‍ය නායකයාව මරන්නට කුමන්ත්‍රණ කර බෙල්ල මුලින් ම මාට්ටු වූ එකෙක් දැන් රට පාලනය කරයි. මොහු අනෙකෙකු නොව වත්මන් අභ්‍යන්තර වෙළඳ හා සමුපකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ය. මේ බව හෙළි කරන්නේ අප නොව, රහස් පොලිසියයි. ජනාධිපති ඝාතනය කරන්නට ඇමති ජොන්ස්ටන් සමග කුමන්ත්‍රණ කළ පිරිස තව දුරටත් රඳවාගෙන පරීක්ෂා කිරීම ආරක්ෂක ඇමති වන ජනාධිපතිවරයා ම විසින් සම්බාධා කර ඇති බව හා නිතිපති උපදෙස් මත පරීක්ෂණය අවසන් කරන බව රහස් පොලිසිය අගෝස්තු 17දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ ය. මෙ...