ආණ්ඩුවේ අලුත් සතුරෝ: උදුල් ප්‍රභාකරන්, අන්තරේ කොටි හා සරසවි දෙමළු
( 2010 ඔක්තෝබර් 27, W3Lanka ) කොටින්ගේ පරාජයෙන් පසු ආණ්ඩුවට ශක්තිමත් සතුරකු ඕනෑ වී තිබිණි. දෙමළ ඩයස්පෝරාව කලක් සතුරාගේ භූමිකාව රඟ දක්වමින් සිටියේ ය. එහෙත් ශක්තිමත් සතුරකු නො වූ හෙයින් ආණ්ඩුවට පහසුවෙන් එය පසුබැස්විය හැකි විය. එක්සත් ජාතික පක්ෂය පමණක් නො ව ජනතා විමුක්ති පෙරමුණ පවා ශක්තිමත් සතුරකු සැපයීමට අසමත් ය. සතුරකු නැතිව පැවතිය නො හැකි ය. ආණ්ඩුව තම පාක්ෂික බලවේගය හැම විට ම නඩත්තු කළේ සතුරකුට එදිරිව සටන් කිරීමටයි. එසේ ම, සිය සියලු නො හැකියාවන් වසා ගත්තේ ද සතුරා පෙන්වමිනි. බඩු මිළ ඉහළ යාම, ණය බර වැඩි වීම, පොරොන්දු කඩ කිරීම මධ්‍යයේ විරැකියාව, ජීවන වියදම ඉහළ යාම වැනි තත්වයන් හමුවේ මහජන අසහනය වැඩි වීම නිසා දැන් සතුරාගේ පුරප්පාඩුව ආණ්ඩුවට තද බල ලෙස දැනේ. ඔන්න දැන් සතුරා සොයාගෙන ඇත. ආදේශ වීම මෙසේ ය: දෙමළා සරසවි සිසුවා ය. කොටි අන්තරේ ය. ප්‍රභාකරන් උදුල් ප්‍රේමරත්න ය. වන්නිය සරසවි ය. මුදා ගැනීමේ මෙහෙයුම සඳහා සරත් ෆොන්සේකා එස්.බී. දිසානායකයි. මුදා ගැනීමේ මෙහෙයුම ඉක්මණින් සිදු නො වනු ඇත. මාධ්‍ය මෙහෙයුම දැනටමත් ජ...