Posts

Showing posts with the label නයිජීරියා

පාසල් යාම තහනම් - බොකෝ හරාම්

Image
ලෝක තරුණ සමුළුව ලංකාවේ පැවැත්වෙන අතරතුර එයට සහභාගි වූ නයිජීරියානු තරුණ තරුණියන් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණා. නයිජීරියාවේ බොකෝ හරාම් ත‍්‍රස්ත කණ්ඩායම පැහැගෙන ගොස් සිටින තරුණියන් 275කට වැඩි පිරිසක් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙස ලෝකයාට බල කිරීම සඳහායි ඔවුන් උද්ඝෝෂණය කළේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මාධ්‍ය හමුවක් අවශ්‍ය බවට ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියා. යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම ස්ථානයට ගොස් ඔවුන්ට මාධ්‍ය හමුවක් ලබාදෙන බවට පොරොන්දු වී විරෝධතාව සමථයකට පත් කළා. එවැනි පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වුණා ද යන්න අපි දන්නේ නැහැ. කෙසේ වෙතත්, පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ගැන නිවේදනයක් නිකුත් කළා. නයිජීරියාවේ බොකෝ හරාම් ත‍්‍රස්තවාදීන් ශිෂ්‍යාවන් 250කට වැඩි පිරිසක් පැහැරගෙන යාම හෙළා දකිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ නයිජීරියානු ජනාධිපති ආචාර්ය ගුඩ්ලක් ජොනතන් වෙත පණිවුඩයක් යැව්වා. ලෝක හෘද සාක්ෂිය කම්පනයට පත්කළ හා විශ්ව පිළිකුලට පාත‍්‍ර වූ මෙම බියගුළු කි‍්‍රයාව තරයේ හෙළාදකින බවත්, ගැහැණු ළමයින් පැහැරගැනීම නින්දිත ත‍්‍...

ගලවපු ප්ලග් හයි කරන්න - ඔන්න එනව ඔකොන්ජෝ නෝනා

Image
‍ ( 2010 දෙසැම්බර් 15,  W3Lanka )  "During these meetings, I hope to understand how the Bank can best assist Sri Lanka during this period of transition. As a trusted knowledge partner for over 50 years, the World Bank looks forward to building upon this established collaboration and to continue supporting Sri Lanka's ambitious development agenda." said Dr. Okonjo-Iweala. "මෙම රැස්වීම්වලදී මම බලාපොරොත්තු වෙනවා තේරුම් ගන්න මෙම සංක්‍රාන්ති සමයේදී ලෝක බැංකුවට කෙසේ ද හොඳින් ම ලංකාවට උදව් කළ හැකි යන්න. වසර පනහක් තිස්සේ විශ්වාසවන්ත ඥාන පාර්ශ්වකරුවකු ලෙස ලෝක බැංකුව බලාපොරොත්තු වෙනවා මෙම ස්ථාපිත සහයෝගය වර්ධනය කර ගන්න සහ ශ්‍රී ලංකාවේ උන්නතිකාමී සංවර්ධන න්‍යාය පත්‍රයට දිගට ම උදව් කරන්න." මෙසේ කියන Okonjo-Iweala වනාහි ලෝක බැංකු සාමූහිකයේ කළමනාකාර අධ්‍යක්ෂවරියයි.  පසුගිය කාලයේ ලංකාව විසින් ගලවන ලද ප්ලග් නැවත සවි වෙමින් ඇති අතර දැනටත් ලෝක බැංකුව ලංකාවේ ඩොලර් බිලියන 1.25ක් වටිනා ව්‍යාපෘති 17ක් මෙහෙයවයි.  ඒවා අධීක්ෂණය කරන්නත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ හ...