මෙරට බාබේරියාවේ තානාපති ලෙස පත් වූ බාබරා ජයරත්න සාදරයෙන් පිළිගනිමු!

බාබේරියාවේ සිට සෝම්බේරි අයියා වාර්තා කරයි. 
මේ රටේ බාබේරියාවේ තානාපති තනතුරට බාබරා ජයරත්න පත් කර ඇති බව දැනගන්නට ලැබිණි. 

මේ බාබරා කලින් බාබර් කෙනෙකි. කොණ්ඩය කැපුවේ බාබ්රියාවේ බාතොට හා බැන්ඩුන් සඟරා මිල දී ගත් 'බුද්ධිමත්' බාබේරියානු වාමාංශිකයන්ගේ ය. මේ දිනවල වැලේ වැල් නැති නිසා ඔහු වෙලේ වල් ආරක්ෂා කිරීම හෙවත් වාමාංශිකයන්ගේ මුරදේවතාවා වීම භාරගෙන ඇත.

බාබේරියානු විපක්ෂ නායකයා ජනාධිපති වී, බාබරාගේ අනුග්‍රාහක භවතා අගමැති වූ පසු බාබරාට බාබේරියාවේ බේක්හවුස් විසින් ප්‍රසිද්ධ කරනු ලබන නවයුගය සඟරාවේ කර්තෘකම දෙන්නට පොරොන්දු වී තිබිණි. 

පශ්චාත්භාගවාදය හෝ වෙන මොකක් හෝ වාදයකට හෝ ඉම්පෝටඩ් චින්තකයකුට මුවා වෙමින් වළං කඩේට පැන්න ගොනා සේ හැමෝටම අනින්නෙමැයි ප්‍රාර්ථනා කරමින් සිටි ඔහු මේ ළඟදී මාර සොයාගැනීමක් කර ආකිමිඩීස් සේ උපන් ඇඳුම පිටින් අන්තර්ජාලයේ දුවන්නට පටන් ගෙන තිබේ.  

ඒ වනාහි තමන්ට අනින්නට බැරිවුන්ට ආණ්ඩුව ලවා අන්නවන්නට පුළුවන් නේද යන උදාර මාකස්වාදී නියායයි. 

ඉන්පසු ඔහු ඒ සඳහා තමන්ට සම්මාන ඉල්ලා සිටි නිසා ආණ්ඩුව ඔහුට පශ්චාත්භාගයෙන් හිනාවෙමින් පශ්චාත්භාගය ආසන්නයේ ඇති මේ රටේ තානාපතිකම දී මෙහි එවා තිබේ. 

කර්තෘ සටහන: යක්කුන් පෙන්වා බිය වැද්දිය හැක්කේ පොඩි ළමයින්ව මිස යක්කුන්ව නොවේ. ඔබ වෙනුවෙන් වෙන් කිරීමට කාලය ඔබේ වාමාංශික සහෝදරවරුන්ගෙන් ඉල්ලා ගන්න. අපි අපේ ගොනා විකිණුවෙමු.  

මේ බාබරා කවුරුද නොදන්නවා නම්, අනේ පව්, හුදකලා හාදයා, මෙන්න මේ පෝස්ටුවේ කමෙන්ටුවලින් හඳුනා ගන්න. මසාජ් ක්ලිනික් එකේදී පොලිසියට අසු වූ සහෝදරයාට - V r with u. Dont Wory.


මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. තිරි මානේ ( බබෙරියාවේ වෙබ් අඩවියකි, මෙය ත්‍රිමාණ නොවේ!) දේශපාලනය ගොඩක් හොදට දන්නවයයි කියන " වාමාංශික" මහත්වරුන්ගේ තක්කඩි හැසිරීමනම් හරිම කුජීතය, ගද ගසන සුළුය. අනුන්ගේ වෙබ් අඩවි වලට පැන ලොකු බෙට්ටක් දමයාම ඔවුනට අනුව හෙගේලියානු දයාලික්තකයයි. ඔයගොල්ලෝ රෙද්ද උස්සගෙන අනුන්ගෙන්ගේම කෝල් කරනකොට අපිටනම හිතෙන්නේ නපුන්සකයන්ට මොන විප්ලාවද කියාය.

    ReplyDelete
  2. ජංගියා සංකල්පය ගැන තවදුරටත් ( උපුටනය -
    පුලස්තිගෙ සටහන Satahana of Pulasthi)

    පුලස්ති ගිය වර පල කොරපු ඒ ඓතිහාසික පෝස්ට් එකෙන් ලංකාවට පලමු වරට ජංගියා සංකල්පය කියන ගැඹුරු සංකල්පය හදුන්වලා දුන්න.දැන් පුලස්ති උත්සාහ කරන්නේ මේ ගැඹුරු සංකල්පය තවදුරටත් නිදර්ශන මගින් පහදා දෙන්න.ඒකට වෙබ් අවකාසයේ සිත්තාකර්සනීය වෙබ් එකක් වන ත්‍රිමාන අඩවියේ කලින් කල පලවූ පෝස්ට් කීපයක උපුටන පුලස්ති ආධාර කරගන්නවා.

    උපුටනය 1 -

    "සාමාන්‍යයෙන් ලෝකයේ දියුණු ධනපති රාජ්‍යයන් වල ධනපතියන් විසින් පුවත්පත් කිරීම වැනි කාර්යයන් සාමාන්‍යයෙන් කරනු දක්නට නොලැබේ. බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස්, වොරන්ට් බෆට් වැනි ධනපතියන් කිසි දිනෙක පුවත්පත් ආයතන ආරම්භ කරන්නට නොසිතන්නේ මේ නිසාය. නමුත් අපේ රටේ ධනපතියන්ට කාලයක පටන් පුවත්පත් ආරම්භ කිරීමේ උමතුවක් වැලදී තිබේ. මේ උදවියගේ ඒකායන අභිප්‍රාය වන්නේ මෙම ජනමාධ්‍ය ඔස්සේ පාලකයන් තමන්ට අභිමත ආකාරයකට පාලනය කරනු ලැබීමය"

    (උපුටා ගැනීම - ත්‍රිමාන වෙබ් අඩවිය 2012 මාර්තු 09)

    ත්‍රිමාන වෙබ් අඩවියේ චින්තකයො මේ ලිපිය ලියල තියෙන්නෙ ශාන්ත විජේසූරිය කියන මාධ්‍ය උන්නැහෙව ටිරාන් අලස්ගේ පත්තරෙන් එලවිම නිමිති කොට ගෙන.අපේ රටේ ධනපතියන් පත්තර පටන් ගන්න බවත්,උන්ගේ ඒකායන අරමුණ හෙන කුජිත පජාත එකක් බවත් ත්‍රිමාන චින්තකයො අපිට කියනව. එතකොට මේ "ලංකාවේ පත්තර පටන් ගන්න ධනපතියො" ගැන විවේචනය ටිරාන් අලස් ලොක්කටත් අදාලයි කියල පුලස්තිට හිතෙනව.

    හොදයි.ඊලගට අපි ෆොන්සේකා බොස්ව නිදහස් කරගන්න ටිරාන් ලොක්කා කල මැදිහත්වීම ගැන ත්‍රිමාණ චින්තකයන් දක්වන අදහසක් වෙත යොමුවෙමු.

    උපුටනය 2 -

    " විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, දේශපාලන පක්ෂ නායකයන්, වාමාංශික නායකයන්, අරගලකරුවන්, ශීෂ්‍ය ක්‍රියාධරයන් සහ මහා ජනමාධ්‍යවෙිදීන් ඇතුලු විවිධ වර්ගයේ බුද්ධිමත්හූ විවිධ න්‍යයන් ඉදිරිපත් කරමින් විවිධ තර්ක ගෙනහැර පාමින් රට වෙනස් කළ යුතු ආකාරය ගැන කියමින් සිටියි.

    නමුත් මේ අය සමහර සරළ ප්‍රශ්ණ මගහැර යමින් සිටින බව අප දුටිමු. එවන් එක් සරල ප්‍රශ්ණයක් නම්
    01- ටිරාන් අලස් යනු කවුද?
    02-ටිරාන් අලස් කරමින් සිටින්නේ දේශපාලනය ද?
    මෙවැනි ප්‍රශ්ණයක් මේ කිසිදු බුද්ධිමතෙකුට අසන්නට අමතක වන්නේ අහම්බයෙන් ද? නැති නම් මේ අය එවැනි ප්‍රශ්ණ හිතාමතා මඟහරිමින් ඉන්නවා ද? "

    ( උපුටා ගැනීම - ත්‍රිමාන වෙබ් අඩවිය 2012 මාර්තු 24 )

    ReplyDelete
  3. ඊලගට පුලස්තිගේ අවධානය තරමක් පැරනි පෝස්ට් එකක් වෙත යොමුවෙනවා.පෙබරවාරි මාසයේදී ලිපියක් පලකරන ත්‍රිමාන චින්තකයින් ටිරාන් අලස් වර්ගයේ බුවාස්ලා ගැන මෙන්න මෙහෙම කියනවා.

    උපුටනය 3 -

    " මගේ ජෝක් මටම ජෝක් වීම වෙනත් කෙනෙකුට ජෝක් එකක් නොවේ. ව්‍යාපාරිකයෙකු කෙතරම් දේශීයව බැලුම් පිම්බුවත් යම් මොහොතකට පසු ප්‍රාග්ධනය ඊට වඩා ප්‍රසාරණය කර ගැනීමට යළි අපනයනය කළ යුතුය. භාණ්ඩයේ ජාත්‍යන්තර වෙළඳපොළ වටිනාකමට වඩා දේශීයව බැලුම් පුම්බන ව්‍යාපාරිකයෝ අන්ත අසරණ වන්නේ තමන් එකතු කළ ප්‍රාග්ධනය පිටරට පැටවීමේදීය. ලංකාවේ කිසිදු ධනවතෙකු ලෝක ආර්ථිකයේ නිල ධනවතකු නොවන්නේ මේ නිසාය. ධම්මික පෙරේරා, සුමල් පෙරේරා, රවී විජේරත්න, ටිරාන් අලස් වැනි ව්‍යාපාරිකයන්ට කලු සල්ලි සුදු කරනවාට වඩා වැඩි දෙයක් කළ නොහැක්කේ මේ නිසාය. "

    ( උපුටා ගැනීම - ත්‍රිමාන වෙබ් අඩවිය 2012 පෙබරවාරි 23 )

    තැන් කීපයකින් උපුටා ගත්තු මේ කෑලි කැබැලි වලින් අපිට ටිරාන් අලස් උන්නැහෙ ගැන ත්‍රිමාන චින්තකයින් දක්වන අදහස් කීපයක් මෙහෙම ගොනු කොරගන්න ඇහැකි.

    1.ටිරාන් අලස් කලු සල්ලි සුදු කරයි
    2.ටිරාන් අලස් පත්තර බිස්නස් කරන්නෙ කැත පජාත අරමුණකිනි
    3.ටිරාන් අලස් දන්න දේසපාලනයක් නැත.එයා බැලුම් පුම්බන බිස්නස්කාරයෙක්.

    දැන් පුලස්ති මේ විස්තරය බලල තරමක් ඔලුව කහලා කල්පනා කරනකොට තමයි නියම සිද්ධියක් මතක් උනේ.ටිරාන් අලස් පත්තර බිස්නස් කරන්න පටන්ගත්ත පලවෙනි පාර ඊයෙ පෙරේද පටන් ගත්ත මවුබිම පත්තරේ නෙමෙයි.2006 වගේ ඈත කාලෙකත් ටිරාන් ලොක්කා මවුබිම කියල පත්තරයක් ලෝන්ච් කොලා.ගෑස් ලිපේ යකඩ තැටිය රත් උනා කිව්වලු.ඒ පත්තරේ එක්ක ඒ කාලෙ ඒකේ 47 කියල අතිරේක කෑල්ලක් ආව.

    ඒකේ 47 කියන මේ අතිරේක කෑල්ල සංස්කරණය කොලේ කවුද සහුර්දයිනි?ඒ අතිරේක කෑල්ල එඩිට් කොලේ පෙරදිග සුළං කියල සංවිධානයක්.ඒ පෙරදිග සුළං කියන සංවිධානයේ දැන් නම මොකක්ද සහුර්දයිනි?ඒකෙ දැන් නම සිරි ලංකා පෙරටුගාමී පක්ෂය.ඒ සිරිලංකා පෙරටුගාමී පක්සය කොරන වෙබ් සයිට් එකේ නම මොකක්ද සහුර්දයිනි?ඒකෙ නම - ත්‍රිමාණ -

    වට් අ ස්වීට් වර්ල්ඩ් නේද සහුර්දයිනි?එතකොට ත්‍රිමාණ චින්තකයො අවුරුදු හයකට ඉස්සෙල්ලා ටිරාන් අලස් බුවා එක්ක සෙට් වෙලා පත්තර ගහනකොට : -

    1.ඒ කාලෙ ටිරාන් අලස් කලු සල්ලි සුදු කලේ නැද්ද?ඒ කාලෙ එයාට තිබුණෙ සුදු සල්ලි විතරද?
    2.ඒ කාලෙ එයා පත්තර බිස්නස් එකට බැස්සෙ කැත අරමුණකින් නෙමෙයිද?එයාට කැත සිතුවිලි පහල වෙන්න ගත්තෙ ඊයෙ පෙරේද ඉදලද?
    3.ඒ කාලෙ එයා බැලුම් පුම්බන බිස්නස් කාරයෙක් නෙමෙයි නම් කවුද?බැලුම් විකුනන බිස්නස්කාරයෙක්ද?

    කැත අරමුණින් පත්තර කරන,කලු සල්ලි සුදු කරන,පජාත ධනපතියො එක්ක එක්කහු වෙලා පත්තර ගහන එක විප්ලොවවාදී නියාය ඇසුරින් පහදන්නේ කොහොමෙයි සහුර්දයිනි?මතුපිටින් බැලුවම ලස්සනට හැන්ඩියට පොස් එකට‍ ඩෙනිම් ගහන් ඉන්න ඈයොන්ගේ කමිසය ටිකක් ඉස්සුවාම තමයි ඒ අයගෙ ජංගිය ඉරිලා කියල පේන්නෙ.ඒක බලන්න නම් හැබැයි කාට හරි කමිසය උස්සන්නම වෙනවා.

    එහෙම කමිස උස්සන එක ලෙඩක්ද සහුර්දයිනි?
    ඒ ලෙඩේ නම මොකක්ද?
    හිස්ටීරියාවද?
    ඩයරියාවද?
    ඉංගිරියාවද?

    ReplyDelete
  4. බාබරා අනික් අයට බනිනකොට මෙහෙම කියනවා.

    1. ඔකාගෙ මූණ කැතයි
    2. ඕකා දිහා ගෑණු බලන්නෙවත් නැති නිසා ඌට ගෑණු මාන්දම
    3. ඒක නිසාම ඕන සුදු මධ්‍යම පාංතික ගෑණියෙක් ඕකා ගැන උනන්දු උනොත් ඕකා පිස්සු වැටෙනව
    4. ඕකා පොත් කියෙව්වට එව්ව තේරෙන්නෙ නෑ
    5. ඌට ඉංග්‍රීසි බැරි නිසා ලොකු තැන් වල කතා කරන්න ගිහින් ජෝක් වෙනව
    6. ඕකට තියෙන්නෙ "මම නොවිඳින, මගේ හතුරා විඳින සතුට" මොකද්ද කියන එක

    බාබරා මේ කියන්නෙ තමන් ගැනමයි සහුර්දයිනි. (බලන්න පහුගිය කාලෙ එතුමා ලියපු සාරගර්භ ලිපි, කියපු කතා ) මේව අහන ඇම්බැට්ටයින්ටත් මෙ ලක්ශනම අඩුවැඩි වශයෙන් තියන නිසා උනුත් බාබරාව තරහ කරගන්නැතුව "හොඳ ලමයා" වෙන්න එව්වම කියමින් දුව දුව හුජ්ජ කරනව

    කොච්චර පෙරටුගාමීද සහුර්දයනි!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා