වෙනස් වෙන්නට සිතාගෙන ඇත

‍්‍වසර ගණනක් අපි මේ ස්වරූපයෙන් ඔබ වෙත ආවෙමු. 


අභියෝග අලුත් වී ඇත. 


එබැවින් අපි ද වෙනස් විය යුතු ය. 


කඩේ වසා දමන්නට අදහසක් නැත.


ලෝකය යහපත් තැනක් වනු දැක්මේ සිහිනයෙන් අප අවදි විය යුතු නැත. 


අරගලය යනු අපේම ජීවිතයයි. ජීවිතයත් අරගලයත් එක්ව යන නව ජීවන විලාසයක් සෙවිය යුතුව ඇත. 


ළඟදී ම අපි වෙනස් වෙමු. 


බලාපොරොත්තු වන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. වෙනස් වන ලෝකයේ වෙනස් වීමද වෙනස් වෙමින් පවතී.වෙනස් වීම හොඳ දෙයකි.යහපත් අයුරක වෙනසක් බලාපොරොත්තු වෙමු.// කඩේ වසා දමන්නට අදහසක් නැත// මේක නම් වෙනස් කරන්න එපාය...!

    ReplyDelete
  2. දැන් කාලෙ හැම දෙනාම මහින්ද චින්තනයට අනුව වෙනස් වෙන්න ඕන.නැත්නම් මේ ලංකාව පරිණාමය වෙන වේගෙට වඳ වෙලා යත හැකි!අර කවුදෝ එකෙක් හීනෙන් වත් නොඑන රවනාගමනය ගැන බ්ලොගක් ලියන්නහේ තමුන්නහෙත් ටක්කෙටම සිදුවීමට නියමිත දුමින්දාගමනය වෙනුවෙන් බ්ලොගක් පටන් ගන්න.කඳ බද මහත් කොර ගන්න ආසාවක් නැතෙයි...?

    ReplyDelete
  3. විස්වාශනීය වෙනසක්!

    ReplyDelete
  4. උන්ද හොරුය. අපටද හොරු වන්නට බල කරමින් සිටී. මක්නිසාද යත් එවිට උන්ද හොරුය. අපද හොරුය. මරේ මරුය. දැන් ඔවුන්ට අවශ්‍ය ජාඩියට මූඩිය වගේ ගැලපීමකි. පැරකුම් තෝරා ගන්නේ කොයි මගද?

    ReplyDelete
  5. අන්න එහෙම නෙව පැරා ඉන්න ඕනෙ, මේ ලෝකෙ වෙනස් නොවෙන්නෙ හැම දෙයක්ම වෙනස් වන සුළුයි කියන ධර්මතාවය විතරයි. අපි හැමෝම අපේ අදහස් උදහස් පිළිගැනීම්, විශ්වාස යන සියල්ල අනිවාර්යයෙන් වෙනස් වෙනවා.

    / ලෝකය යහපත් තැනක් වනු දැක්මේ සිහිනයෙන් අප අවදි විය යුතු නැත. /

    පිස්සු කතා කරනවද?...එහෙම කොහොමද ඒ හීනෙන් අවදි වෙලා?....අද අපිට පිස්සු නොහැදි ඉන්ට තියන එකම ක්‍රමේ ඔය හීනෙ නිමග්න වෙලා ඉන්න එක විතරයි...හෙහ්, හෙහ්,

    ReplyDelete
  6. Please support to the national cause

    http://www.ipetitions.com/petition/save-sri-lankan-schools-and-universities/

    ReplyDelete
  7. ක්‍රිස්මස් අයිලන්ඩ් පැත්තේ යන බෝට්ටුවක හතර පස් දෙනෙක්ට ඉඩ තිබේ.
    ඒවගේ බුද්ධිමත් වෙනසක් නම් පරක්කු නොවී කියන්න.

    ReplyDelete
  8. ලංකාවේ වංචාව රුපියල් 100 කට 10 යි
    ලංකාවේ තමන්ටම දේශප්‍රේමින් කියා ගන්නා අය 100කට දේශපාලන බුද්ධිමතුන් 10 යි
    ඉතින් කොහෙද වෙනසක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා