අලුතින් කරන දෙයට තාක්ෂණික උපදෙස් අවශ්‍යයි

අලුතින් සකසන්නට යන අපගේ වෙබ් අඩවිය සඳහා අධ්‍යයන කරමින් සිටියදී මුහුණ දෙන ගැටලු කීපයක් සාකච්ඡා කරන්නට අදහස් කරමි. මේ ක්ෂේත්‍ර‍යේ පළපුරුදු අයගේ උපදෙස් පතමි.


අප දැනට අදහස් කරමින් සිටින්නේ සමාජ සාහිත්‍ය සංසද ස්වරූපී වෙබ් අඩවියක් නිර්මානය කරන්නටයි. අප සිතන අන්දමින්, වත්මන් තත්වය වෙනස් කිරීම පිණිස සිංහල සීමාවන් ඉක්මවා ගිය සාහිත්‍යමය මැදිහත්වීමකට විශාල කාර්යභාරයක් ඇත. 


අපට වියදම් කිරීමට හැක්කේ සුළු මුදලක් නිසා ලාභ ක්‍රම කෙරෙහි අවධානය යොමු කර තිබේ. 


අප විසින් ම හොස්ට් කරනු ලබන Wordpress බ්ලොග් අඩවියක් පිළිබඳ සලකා බලමින් සිටිමු. වර්ඩ්ප්‍රෙස්හි වැඩ කර යම් පළපුරුද්දක් ඇත. එහෙත්, එහ ගූගල් ඇඩ්ස් හෝ වෙනත් ඇඩ් පළ කිරීම ගැටලුවකි. ඒ සඳහා විජට්ටුවක් ඇති බව දැන ගතිමි. භාවිතා කර අත්දැකීම් ඇති අය සිටී නම් උපදෙසක් දෙන්න. 


වර්ඩ්ප්‍රෙස් සමග bbPress ෆෝරමයක් භාවිතා කිරීමේ අදහසක් ඇත. අත්දැකීම් තිබේද?


යම් වෘත්තිකභාවයක් පිළිබඳ අදහසක් සමග වර්ඩ්ප්‍රෙස් කෙරෙහි ඇල්මක් ඇති වුවත්, බ්ලොගර් ඊට වඩා සුරුබුහුටි යයි සිතේ. ඒ සඳහා වියදම් ද අවම ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. තාක්ෂණය පිළිබඳ එතරම් අවබෝධයක් නැති වූවද, බොහෝ අයගේ අදහස වන්නේ වර්ඩ්ප්‍රෙස් වලට වඩා බ්ලොගර් සෑහෙන ඉදිරියෙන් සිටින බවයි.

    ReplyDelete
  2. ඉස්සෙලම W3 ලියපු එකා එලවල වෙන එකෙක් වැඩට ගනින් ... දිගටම උ ලිව්වොත් කොච්ච්ච්ර අලුතින් site හැදුවත් වැඩක් වෙන්නේ නෑ

    ReplyDelete
  3. මචන් ඌ තමයි මේ උපදෙස් ඉල්ලන්නේ! උඹට ටියුබ් ලයිට්ද?

    ReplyDelete
  4. I have a wordpress site of my own Parakum Ayya.Please take a look.www.arunasir.info.There are lot of solutions.You may even go to Joomla Site as well.0718264249 give me a call If you want.

    ReplyDelete
  5. Hey Parakum, you have to lift the game in order to “be different” or to get a greater readership. At the moment it is not good enough. To remove “moderation” would be a good thing to start. If you don’t allow readers to use this as a forum to discuss their opinion on your posts, then what are you going to do by “improving” the site? I think that’s what that 2nd ano is also suggesting.

    ReplyDelete
  6. පැරා , එක එක සෙල්ලම් දාන්න හදන්නෙ නැතුව, ඉස්සර විදිහට මේ බ්ලොග් එක කරපන් බන්.අපි කැමතියි මේ විදිහට. කරන මගුලක් කරන ගමන් ලිපියකුත් දාපන්.

    ReplyDelete
  7. Wordpress එකට යන එකනම් මම අනුමත කරන්නේ නෑ
    blogger එකේ තාක්ෂනය උපරිමයි.
    සමාජ සංසදයක්(forum) කියන්නේ post වලට වඩා පුළුල්ව අදහස් පල කිරීමට ලැබෙන තැනක් වියයුතුයි.
    http://bloggerstop.net/2010/02/add-forum-to-your-bloggerblogspot-blog.html
    ලිපිනයට ගිහිල්ලා බලන්න.

    ReplyDelete
  8. හිතවත් පැරා, ඔබ මෑත කාලයේ කළේ වචන හරඹ විතරයි කියලයි මට හිතෙන්නේ... වැදගත් යමක් ඔබගේ අතින් ලියවුණේ නැති තරම්. තාක්ෂණය ගැන වැඩිය හිතන්නෙ නැතුව බුද්ධියේ නිම් වළලු පුඵල් කරන විදිහෙ ලිපි ටිකක් එක දිගට ලියල හිටියොත් නරකද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා