Posts

Showing posts with the label බාබරා ජයරත්න

මෙරට බාබේරියාවේ තානාපති ලෙස පත් වූ බාබරා ජයරත්න සාදරයෙන් පිළිගනිමු!

Image
බාබේරියාවේ සිට සෝම්බේරි අයියා වාර්තා කරයි.  මේ රටේ බාබේරියාවේ තානාපති තනතුරට බාබරා ජයරත්න පත් කර ඇති බව දැනගන්නට ලැබිණි.  මේ බාබරා කලින් බාබර් කෙනෙකි. කොණ්ඩය කැපුවේ බාබ්රියාවේ බාතොට හා බැන්ඩුන් සඟරා මිල දී ගත් 'බුද්ධිමත්' බාබේරියානු වාමාංශිකයන්ගේ ය. මේ දිනවල වැලේ වැල් නැති නිසා ඔහු වෙලේ වල් ආරක්ෂා කිරීම හෙවත් වාමාංශිකයන්ගේ මුරදේවතාවා වීම භාරගෙන ඇත. බාබේරියානු විපක්ෂ නායකයා ජනාධිපති වී, බාබරාගේ අනුග්‍රාහක භවතා අගමැති වූ පසු බාබරාට බාබේරියාවේ බේක්හවුස් විසින් ප්‍රසිද්ධ කරනු ලබන නවයුගය සඟරාවේ කර්තෘකම දෙන්නට පොරොන්දු වී තිබිණි.  පශ්චාත්භාගවාදය හෝ වෙන මොකක් හෝ වාදයකට හෝ ඉම්පෝටඩ් චින්තකයකුට මුවා වෙමින් වළං කඩේට පැන්න ගොනා සේ හැමෝටම අනින්නෙමැයි ප්‍රාර්ථනා කරමින් සිටි ඔහු මේ ළඟදී මාර සොයාගැනීමක් කර ආකිමිඩීස් සේ උපන් ඇඳුම පිටින් අන්තර්ජාලයේ දුවන්නට පටන් ගෙන තිබේ.   ඒ වනාහි තමන්ට අනින්නට බැරිවුන්ට ආණ්ඩුව ලවා අන්නවන්නට පුළුවන් නේද යන උදාර මාකස්වාදී නියායයි.  ඉන්පසු ඔහු ඒ සඳහා තමන්ට සම්මාන ඉල්ලා සිටි නිසා ආණ්ඩුව ඔහුට පශ්චාත්භාගයෙන් හිනාවෙමින් පශ්චාත්භාගය ආසන්නය...