රට දැන් සිම් එකක් නැති ෆෝන් එකක් වගේ

පිලිප් ශාන්ත විසිනි

අද සිට රට පාලනය කරන හැටි ව්‍යවස්ථාවෙ නැති බැවින් පරිස්සම් වන්නැයි සමාජ ක්‍රියාකාරික පිලිප් ශාන්ත පවසනවා.
මේ වන විට රටෙහි පවත්නා තත්වය පිළිබඳ නීතිමය වශයෙන් අපැහැදිලි තත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ සිය අදහස් දක්වන පිලිප් ශාන්ත මෙසේ සටහන් කරයි.
Translations by Creative Content Consultants
කොයි කෙරුම්කාරය ආවත් ආණ්ඩු කරන්න ඕන ව්‍යවස්ථාවට අනුවනෙ. ඔය ව්‍යවස්ථාවෙ තියෙනව ක්‍රියාත්මක වෙන පාර්ලිමේන්තුවක් නැතිව මාස තුනකට වඩා රටක් දුවන්න බැහැය කියල. ඒ නිසා කවදාවත් පාර්ලිමේන්තුව වහල මාස තුනකට වැඩි කාලයක් රට පාලනය කළේ නැහැ.
ඕං දැන් ඒකත් වෙන්නයි යන්නෙ. අද ජුනි මාසෙ 02 ට පාර්ලිමේන්තුව විසුරෝල මාස තුනක් වෙනව. කොවිඩ් 19 නිසා මහ මැතිවරණය තියන්න බැහැ. අදින් පස්සෙ රාජ්‍ය පාලනය කොහොම වෙන්න ඕන ද කියල ව්‍යවස්ථාවෙ නැහැ. පාර්ලිමේන්තුවක් නැතිව ජනාධිපතිට විතරක් රටක් පාලනය කරන්න බැහැ.
පාර්ලිමේන්තුව විසුරෝන කොට අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් අනුමත වෙලා නැත්නම් රජයේ වියදම් පියව ගන්නයි මහ මැතිවරණෙ තියන්නයි සල්ලි ගන්න ජනාධිපතිට පුළුවන්. ඒත් පාර්ලිමේන්තුව විසුරෝන කොට අතුරු සම්මත ගිණුමක් සම්මත වෙලයි තිබුණෙ. ඒ කියන්නෙ අප්‍රියෙල් 30 වෙනකම් සල්ලි වියදම් කරන්න ක්‍රමයක් තිබුණ. දැන් ඒ කාලෙත් ඉවරයි.
හදිසි අවස්ථාවක දි රජයේ සාමාන්‍ය වියදම් පියව ගන්නත් මහ මැතිවරණෙ වියදම් පියව ගන්නත් සල්ලි ගන්න ක්‍රමයක් ව්‍යවස්ථාවෙ තියෙනව. ඒත් මාස තුනක් ඉක්මවල යනකම් පාර්ලිමේන්තුවක් නැතිව රට පාලනය කරන කොට ඔය ක්‍රම සහ විධි පවා අක්‍රිය වෙනව. මොකද මූලික පදනම වන පාර්ලිමේන්තුව දැන් වහල දාල ලොක් කරල.
ඔන්න ඕක රට කරවන නීතිමය ක්‍රමයක් දැන් නැහැ. ආණ්ඩුවෙ ලොකු ලොකු නිලධාරීන් අත්සන ගහන කොට පරිස්සම් වෙන්න කියන්නෙ ඔන්න ඕකයි. මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවක් නැතිව නිලධාරීන් අත්සන කරන දේවල් වලංගු නැහැ. හරියට දැන් සිම් එකක් නැති ෆෝන් එක වගේ තමයි රට පවතින්නෙ.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා