උතුරේ තරුණයෙකුට හමුදාවෙන් වෙඩි

උතුරේ මුහමාලෙයි ප්‍රදේශයේදී හමුදා වෙඩිතැබීමක් හේතුවෙන් 24 හැවිරිදි තරුණයකු මියයාමත් සමග කලබලකාරී තත්වයක් නිර්මාණය වී තිබේ.
පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තිරවියම් රාමලිංගම් නමැති මෙම තරුණයා මියගොස් තිබෙන්නේ වැලි ට්‍රැක්ටරයක ට්‍රේලරයේ ගමන් කරමින් සිටියදී පොලිස් වෙඩි පහරකින් බව වාර්තා වේ. සිද්ධිය සිදු වී තිබෙන්නේ සෙනසුරාදා සන්ධ්‍යාවේ ය.
මෙම තරුණයා පලෙයි රෝහලට ඇතුළත් කරන ලද නමුදු ඔහුට ප්‍රතිකාර කිරීමට විනාඩි 45ක් පමණ ප්‍රමාද වී තිබේ.
රාමලිංගම්ගේ නෑදෑයෝ හා මිත්‍රයෝ ඒ-9 මාර්ගයේ වාඩි වී සිටිමින් පසුගිය සෙනසුරාදා සවස විරෝධය පළ කිරීමක් ද කළ හ.
නීති විරෝධී වැලි ජාවාරම මේ වන විට උතුරු නැගෙනහිර ඇතැම් ප්‍රදේශවල ද ව්‍යාප්ත වී තිබෙන අතර මීට පෙර වැලි ජාවාරම් සම්බන්ධ ගැටුමකින් 2017දී ද දෙමළ තරුණයකු පොලිස් වෙඩි පහරින් මිය ගියේ ය.
ටැමිල්නෙට් ඇතුළු දෙමළ ජාතිවාදී වෙබ් අඩවි මෙම සිදුවීම අධි සංවේදී ආකාරයකින් වාර්තා කරන ආකාරය ද දැකිය හැකි ය.
ඡායාරූපය මරණයෙන් පසු පලෙයි රෝහල ඉදිරිපිට දර්ශනයකි.

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election