2022දිත් නැවතත් බස් 50ක් විතර කම්බස් කළා නම්, අපි පසුගිය අවුරුදු 32 තුළ ඉගෙනගත් පාඩම් මොනවාද?

 

2022 මැයි 09 වනදා අරලියගහ මන්දිරයට සෙනග ප්‍රවාහනය කර ආපසු යන අවස්ථාවේ බස් රථවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් බස්රථ 50ක් පමණ විනාශ වූ බව ද, එයින් 38ක් මුළුමනින්ම විනාශ කරදමන ලද බව ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දුන්නේය.

මේ සියලූ බස් රථ ඕනෑම ආකාරයක පෞද්ගලික ගමන් සදහා කූලී පදනම මත ලබා දෙන බවත් එය ඔවුන්ගේ ව්‍යාපාරයේ කොටසක් බවත්ඔහු පැවසීය. මේ ආකාරයෙන් අජීවී වස්තූන්ට හානි සිදු කිරීම කිසිසේත්ම ඵල රහිත ක්‍රියාවක් බව පෙන්වා දුන් ඔහු සම්බන්ධව යුරෝපා සගමයටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවටත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත් පැමිණිලි යොමුකොට ඇති බවත් එම සියලූ පැමිණිලි පිටපත් පොලිස්පතිවරයාට ලබා දී ඇති බවත් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රහාරය නිසා එම විනාශයට ලක් වූ බස් රථ හිමියන් අන්ත අසරණ තත්වයට ඇද වැටී ඇති බව ද, එම බස් රථ රක්ෂණය කොට ඇත්තේ බස් රථය මිලදී ගන්නා අවස්ථාවේ පැවති මිල ගණන් වන ලක්ෂ 38-40 මුදලට බවත් අද වනවිට බස් රථයක් මිලියන 10 ආසන්න වන නිසා පුර්ණ රක්ෂණය ලැබුණත් ඔවුන්ට අලූත් බස්රථ මිලදී ගැනීම දුෂ්කර බව ද පෙන්වාදුන්නේය. එම ප්‍රහාරවලදී හුදු රැකියාවල නියුතු වූවන් වන බස් රථ රියදුරන් හා සහායකයන්ට ප්‍රහාර එල්ල වී තිබූ බවත්, ජීවිත හානි සිදුවී නොතිබුණත් දරුණු ලෙස වධහිංසනයට ලක්වූ තරුණ බස් රථ සහයකයන් සිටි බවත් ඔහු ප්‍රකාශ කළේය. එප්පාවල ප්‍රදේශය එවැනි බස් රථ සහායකවරයෙකුගේ පාදයේ අස්ථී කුඩු වන ආකාරයේ බරපතළ ප්‍රහාරයක් එල්ල කර තිබූ බව ද ඔහු පැවසීය.

සිදු කරන ලද ප්‍රහාරය සම්බන්ධව ඔනෑ තරම් වීඩීයෝ සාක්ෂි ඇති හෙයින් ඒ හරහා පොලිසියට වරදකරුවන් කොටු කර ගැනීමට හැකි වුව හොත් ඔවුන්ට විරුද්ධව සිවිල් නඩු මාර්ගයෙන් වන්දි ලබාගැනීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා