Posts

Showing posts with the label සිළුමිණ

ඉරිදා පත්තර කියවීම හෙවත් පිළුණු බත් කෑම

Image
පිංතූරය අදාළ වන්නේ ලිපියට නොව මේ දිනවල සිදු වන ආගමික ගැටුම්වලට  ය.  ඉරිදා සිංහල පත්තර කියවමින් සිටිමි. දැන් පත්තර කියවීම වෘත්තීය මට්ටමෙන් කරන 'මාධ්‍යවේදීන්' ද බිහි වී තිබේ. ඒ අය පත්තරවලට ලියන්නේ නැත. කරන්නේ අනුන් ලියූ දේ රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් කියවීමයි. පත්තරවලට ලියන අයට වඩා මේගොල්ලෝ වැඩකාරයෝ ය. ඒ නිසා දැන් පත්තරකාරයන්ගේ අනාගත බලාපොරොත්තුව වී තිබෙන්නේ කිසියම් දිනෙක පත්තර කියවන්නකු වීමයි. පත්තරකාරයන් පත්තර කියවීම ඇත්තෙන් ම හොඳ දෙයකි. මන්ද, ඇතැම් පත්තර කර්තෘවරු තමන් කර්තෘකම කරන පත්තරයවත් කියවන්නේ නැත. මේ දිනවල ලංකාවේ වාමාංශික ලිබරල් බුද්ධිමතුන් විසින් සල්ලි සම්මාදම් කරමින් බේරා ගන්නට හදන එක පත්තරයක කර්තෘ ඒ වර්ගයේ කෙනෙකු බව කියන්නේ ඒ පත්තරයේ ම කර්තෘ මණ්ඩලයේ අය මිස මම නො වේ. එයා කරන්නේ තමන්ගේ සිතට එන වටිනා අදහස් ටික පිටු ගණනාවක ලියා එය බෙහෙත් ඩෝස් එකක් සේ අපට දීමයි. පත්තර කියවනවා කිව්වාට මම නම් කරන්නේ පත්තර බැලීමයි. බලන අතරේ හමු වන ඇතැම් රසවත් ලිපියක් කියවමි. 'පැය හතරකදී පිදුරු ඉන්ධන හා පොහොර හදන අලුත්ම තාක්ෂණය' නම් ලිපියක් රවිර පුවත්පතේ කියැවීමි. එහි දෘෂ...

සිළුමිණේ බටර් පාට වටොර හා කාමය පාපයක් නො වන අපේ සමාජවාදය

Image
( 2010 ඔක්තෝබර් 18,  W3Lanka )   වටොර නාරි සුන්දරත්වයේ ප්‍රධාන ලක්ෂණයකි. එය ශෲංගාරය දනවයි. කාමය පුබුදයි. එය පිරිමිනට ස්ත්‍රී සිරුරේ වඩාත් ම සුඛය දනවන ස්ථානයන් අතරින් එකකි.  කෙළෙස් නොතවන ලද හා අසාමාන්‍ය මනෝ විකෘතියක් නොමැති පිරිමි එය බලන්නට ආශා ය. බලන ගමන් සිතින් ස්පර්ශ කරනවා ද ඇත. වටොර ප්‍රසිද්ධියෝ ප්‍රදර්ශනය කරන ලියෝ එය නරඹන පිරිමින්ගේ මනස තුළ 'දූෂණයට' ලක් වෙති.  දනහිසේ සිට අඟල් කීපයක් ඉහළට වටොර පෙන්වීම අශ්ලීල ක්‍රියාවකැයි වර්තමාන ලංකාවේ සුචරිතවාදීහු කල්පනා කරති. ඇත්තෙන් ම හොඳ ම හරිය වසා මේ හරිය පෙන්වීම විසින් ඉතිරි ටික පරිකල්පනය කර ගැනීමේ අවස්ථාව එය බලන අයට ලබා දෙයි. රූප ලාවණ්‍යය වැඩි කරන දේ භාවිතයෙන් මෙන් ම නූතන ෆොටෝෂොප් වැනි ඡායාරූප සංස්කරණ තාක්ෂණයන් ඔස්සේ ද මේවායේ ශෲංගාරාත්මක ස්වභාවය වැඩි දියුණු කළ හැකි ය.  කාමාශාවන් පරිකල්පනය ඔස්සේ මුක්ත කර ගැනීම සිත් ගත් සුන්දර ස්ත්‍රීන් පර අඹුවන් ද යන්න නො තකා ඔවුන්ගේ සම්භෝගය පතනවාට වඩා සාමකාමී ය. ඒ අතින් නිල් චිත්‍රපට කරන්නේ සේවයකි. සැබෑ ජීවිතයේදී තෘප්ත කර ගැනීම දුෂ්කර ලිංගික ආශාවන් ‍හෙවත් ෆැන්ටසි මනෝ ලෝකයේද...

ලාංකිකයන්ට රුසියානු ගැහැනියකගෙන් පාඩමක්

Image
(2009 නොවැම්බර් 29 - W3Lanka ) මා පෙනී සිටින්නේ ජාතික සංස්කෘතීන් ආරක්ෂා කිරීමේ මතවාද වෙනුවෙනුයි. සෑම ජාතියක් ම තමන්ට ආවේණික වූ මතවාද රැකගත යුතුයි. නමුත් ගෝලීයකරණය පිටුදැකිය යුතු කරුණක් නොවෙයි. වර්තමානයේ මුළු මානව සංහතිය ම එක තැනක් කරා යන බවක් පෙනෙනවා. එහෙත්, මුළු ලෝකයේ ම සිටින ජන කොට්ඨාශ එක ම විදිහට කන්න අඳින්න සිතන්න පතන්න අඳින්න පළඳින්න ගත්තොත් ලෝකයේ ජීවත්වීම ඒකාකාරී වෙනවා. නීරස වෙනවා. සියල්ල රැකෙන්නේ ජාතීන් සිය අනන්‍යතාව රැකගැනීම මතයි. මම රුසියානු ජාතිකයෙක්. අපේ රට වෙනස්. අපේ කතා බහ වෙනස්. ඇයි අපට මේ රටට එන්න හිතෙන්නේ. මේ වෙනස දකින්නයි. වෙනස අත්දකින්නයි. අපි මේ රටට එන්නේ ලෝකයේ වෙනස් වූ සුන්දරත්වය හා විචිත්‍රත්වය දකින්නයි. ඒ විචිත්‍රත්වය රැකගත යුතුයි. අප සංචාරයට පෙලැඹෙන්නේ ඒවා දකින්න අවශ්‍ය නිසයි. ඒ ඒ සංස්කෘතීන් සහ අනන්‍යතා තවමත් රැකී තියෙන නිසා ඒවා අත්විඳීමට අප එනවා. එනිසා ඒවා රැකගත යුතුයි. මෙහිදී මට තවත් යමක් කීමට තියෙනවා. මගේ අදහසේ හැටියට මෙරට වැසියන් හා රුසියානු ජනතාව අතර පොදු වූ බොහෝ දේ තිබෙනවා. එනිසා අපේ ජාතීන් අතර කිට්ටු සම්බන්ධතාවක් සහ සංස්කෘතික හර කෙරෙහි සැලකිලිමත...

කටකතාවලට තිත තියන්න ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නැයි ජනරාල්ට කියන්න

Image
(2009 ඔක්තෝබර්  18 - W3Lanka ) අසත්‍ය ප්‍රචාර ගෙන යන මාධ්‍ය ආයතනවලට එරෙහිව දැඩි පියවර: සරත් ෆොන්සේකා සහ රජය අතර ගැටුමක් නෑ! - හමුදා මාධ්‍ය ප්‍රකාශක මේ ආණ්ඩුවේ ඉරිදා හොරණෑව වන සිළුමිණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියයි. සෙනසුරාදා දිනම්ණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ ද මෙයමයි. ඒ මෙසේය: ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ ආණ්ඩුවේ කිසිදු ගැටුමක් නැහැ බොරු ප්‍රචාරවලට නීතිමය පියවර - බ්‍රිගේඩියර් උදය නානායක්කාර එක ම ප්‍රවෘත්තිය එක ම ආයතනයේ දින දෙකක පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය වීම අසාමාන්‍ය බව පුවත්පත් කලාව ගැන දන්නා අය දනිති.  ජනරාල් සරත් ෆොන්සේකා පිළිබඳ පැතිර යන කට කතා හේතුවෙන් ආණ්ඩුව කෙතරම් කලබලයට පත්  වී තිබේ ද යන්න පිළිබඳව මෙය කදිම සාක්කියකි.  මේ කටකතා බොරු බව කීම සඳහා රජය කළ යුතුව තිබෙන්නේ තමන්ගේ ජනමාධ්‍යවල ප්‍රධාන පුවත ලෙස මෙවැනි පුවත් නැවත නැවත පළ කිරීම හෝ ජනරාල්වරයා පිළිබඳ පුවත් පළ කරන කර්තෘන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම නොව ජනරාල් සරත් ෆොන්සේකාට මේ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙස දැනුම් දීමයි.  එම ප්‍රකාශය ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධ වූ විට මේ...