අයවැය අතරේ ආණ්ඩුවෙන් විපක්ෂයට කරණම් වළක්වන්න මෙදා පාර අයවැය නෑ
(2009 ඔක්තෝබර් 07 - W3Lanka) ලබන වසරේ මුල භාගයේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී සන්ධානයෙන් තරග කර ජය ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින, රාජපක්ෂ කල්ලියෙන් කැපී ගිය රජයේ දෙවන පෙළ ඇමතිවරුන් හා මන්ත්‍රීන් අයවැය නිමිත්ත කරගෙන විපක්ෂයට කරණම් ගැසීම වැළැක්වීම සඳහා මෙවර අයවැයක් ඉදිරිපත් නො කර සිටීමට ආණ්ඩුව තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.
අය-වැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පතක් මඟින් ලබන වසරේ මුදල් ප්‍රතිපාදන වෙන් නොකර අතුරු සම්මත ගිනුමක් ඉදිරිපත් කිරීමට ඊයේ (6) ඇඹිලිපිටියේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.
සියලු ආණ්ඩු අයවැය යෝජනා සියල්ල ඉටු කිරීමේ වගකීමට ගරු නොකරන නිසාත්, අයවැය ඉලක්ක සපුරා ගැනීම පිළිබඳ පශ්චාත් ඇගයීමක් ජනතාව හමුවේ නො කෙරෙන නිසාත්, අමාත්‍යංශ අයවැයෙන් වෙන් කළ මුදල් වියදම් කර අවසන් කර පරිපූරක ඇස්තමේන්තු මගින් තව තවත් මුදල් ලබා ගැනීම සම්ප්‍රදායක් කරගෙන ඇති නිසාත්, ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගවීම දැන් අවම වී ඇති නිසාත්, රට පාලනය ඇත්තෙන් ම සිදු වන්නේ පාර්ලිමේන්තුවට හොරෙන් නිසාත්, අයවැය ආවත්, නාවත් ජනතාවට හොඳක් හෝ නරකක් වන්නේ නැත. එකම පාඩුව රෑට බත් කන ගමන් රූපවාහිනී ප්‍රවෘත්ති අතරේ බලන්නට නරිනාටක ටිකක් අහිමි වීම පමණි.

මහින්දට හෝ මහින්දගේ ඇම්බැට්ටයින් වෙට්‍ටුවක්වත් දාගන්න දන්නේ නැ.පවු ඔයි.
ReplyDelete