ලාංකික දේශපාලනයේ බලවේග පෙළ ගැසෙමින් තිබෙන ආකාරය අධ්‍යයනය කිරීම රසවත් ය. එහිදී 2015 ජනවාරි 8 දින දක්නට ලැබුණු බෙදුම් කඩනය ඒ අන්දමින් ම තවමත් ක්‍රියාත්මක වන ආකාරය හා එය වඩා ශක්තිමත් ලෙස නැගී සිටින්නට උත්සාහ කරන ආකාරය පැහැදිලිව දැකිය හැකි ය. රාජපක්ෂ බලවේගයත්, එහි නූල් සූත්තරවලින් නැටවෙන සෙසු අන්තවාදීනුත් රඟන්නේ එ් දවස්වල රැඟූ ඓතිහාසික භූමිකාවන් ම වීම සුවිශේෂ ය. එසේම, සිංහල හා දෙමළ ජාතිවාදීන් අතර ඇති වී තිබෙන්නේ අපූරු සන්ධානයකි. වාසුදේව - විග්නේශ්වරන් දෙහූරන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් නිර්මානය කරන නාටකීය ගැටුම මෙසේ ය: විග්නේශ්වරන් කල්ලිය උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරනු, ජනතාවගේ ඉඩම් ආපසු දෙනු යයි කියන විට වාසුදේව කල්ලිය ඔන්න හමුදා කඳවුරු ඉවත් කරනවෝ, ත්‍රස්තවාදය නැගිටිනවෝ යි කියති. විග්නේශ්වරන් කල්ලිය දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යයි කියන විට, වාසුදේව කල්ලිය ඔන්න කොටින්ට නිදහස දෙනවෝ යි කියති. විග්නේශ්වරන් කල්ලිය ෆෙඩරල් විසඳුමක් ඉල්ලා සිටින විට, වාසුදේව කල්ලිය රට බෙදනවෝ යි කෑ ගසති. විග්නේශ්වරන් කල්ලිය උතුරේ බලෙන් බෞද්ධ සංකේත පිහිටුවීම නවත්වන්නැ...
Sepa athi neda W3 lanka???
ReplyDeleteමේ විදිහට මඩ ගහල ලබන වින්දනේ මොකද්ද කියන එක පැහැදිලිකරන්න පුලුවන්ද?
ReplyDeleteමේක ට තමයි වල්බූරු මාධ්‍ය නිදහස කියන්නෙ
Max, මඩ සහ හාස්‍යය යනු දෙකක්. මෙය මඩක් නොවේ. විහිළුවක්. මෙවැනි අදහස් රැගත් කාටුන් ඕනෑ තරම් මාධ්‍යවල පළ වෙනවා. මේ ඒ කාටුන් කලාවෙ ම ඩිජිටල් ස්වරූපයක් පමණයි.
ReplyDeleteවල්බුරු නිදහස වැඩියේන්ම පාවිච්චි කරන මිනිහාට වදිනකොට අඬන එකාට කියන්නේ මොකා කියලාද?ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වු වලත්තම දේශපාලුවා විමල් විරවංශයි.වලත්තම ඡන්ද දායකයා විමල්ට කඩේ එකයි.
ReplyDeleteanna niyama digital cartoon.oka tama issarahata lagadima wimalta lebena reality eka.my bow my head to W3 for foreseeing it.
ReplyDelete