Posts

Showing posts with the label විහිළු

ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ හැමදාමත් යන ඇත්ත

Image
අද කතන්දර පොඩි ජෝක්ස් කෑලි දෙකක් ලියලා ජෝකර් මල්ලිගේ බ්ලොග් එකත් අඳුන්වලා දීලා තිබුණා. අද උදේ ඇ‍හැරෙන්නත් ප්‍රාකු වෙලායි ඉන්නේ. ඒත් ඉතින් පසුගිය දවස්වලත් පානචොරා වාදය හෙවත් දීප්ති - නිර්මාල් නො කෙරෙන සංවාදය ගැනයි, ලංකාවේ ආර්ථික අර්බුදය ගැනයි කට් ඇන්ඩ් පේස්ට් දෙකක් ගහපු හින්දා මොකවත් නො ලියාත් බැහැනේ. ඒ නිසා මටත් හිතුණා පොඩි ජෝක් එකක් කොරන්න. (මම මුල් පත්වීම අරන් පදවියේ ඉස්කෝලෙ වැඩ කරන කාලේ අපිත් එක්ක චමරි ගුරු නිවාසෙ හිටිය නෙලා අපෙන් අහනවා "ඒයි, උඹලා ළමයින්ට ‍ජෝක් කොරන්නෙ නැද්ද?" කියලා. "පිස්සු ද, අපි ඔය ජරා වැඩ කරන්නෙ නැහැ," යි අපි කියනවා. "අඩේ ජෝක් කොරපල්ල බං. මං නම් ජෝක් කොරනවා," කියලා එතකොට නෙලා කියනවා.) සුනිලා අබේසේකර ගැන ලිපියක් ලියා දෙන්න කියලා, ජනරළෙන් ඉල්ලුවා. ඒක තවම බාගෙට. ලිව්වත්, දැන්ම පළ කරන එකත් හරි නැහැනේ පත්තෙරේ පිට වෙන්න කලින්. තව එකකුත් ලියන්න පටන් ගත්තා දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය ගැන සිංහල ජාතික සංවිධාන එකතුවේ අදහස ගැන. ඒක මුලින් වෙන තැනකට ඉංගිරිසියෙන් ලිය ලියා ඉන්නකොට මෙන්න බොලේ ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශයේත...

කවුද බුද්ධිමත් ජනතාව කියන්නෙ?

Image
කතාව හැදුවෙ මේ කාටුන් එකෙන් ඔන්න ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වුණා ආහාර පිළිබඳව. එහි එක් සැසියක තේමාව තමයි, 'ලෝකයේ සෙසු රටවල්වල ආහාර අර්බුදය පිළිබඳ බුද්ධිමත් ජනතාවගේ මතය' හැබැයි සාකච්ඡාවට කලින් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඕනැවුණාලු මේ මාතෘකාව පිළිබඳ කරුණු පැහැදිලි කරගන්න. ඉතින් ඒගොල්ලො තමන්ට නොතේරෙන දේ අහලා.  අප්‍රිකානු කලාපය නියෝජනය කළ රාජ්‍ය තාන්ත්‍රිකයා ඇහුවලු "හැබෑට මොනවද ඔය ආහාර කියන්නේ?" කියලා.  යුරෝපා රටවල් නියෝජනය කළ පුද්ගලයාට තිබුණු ප්‍රශ්නය "මොකක්ද හිඟය කියන්නේ?" කියන එක. ඇමරිකන්කාරයා ඇහුවලු "ලෝකයේ සෙසු රටවල් කියන්නේ මොනවද?" කියලා.  අරාබිකාරයන්ට තුබුණු ප්‍රශ්නය තමයි " මතය කියන්නේ මොකක්ද?" කියන එක.  දකුණු ආසියානු කලාපය නියෝජනය කරලා තියෙන්නේ ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකයෙක්. එයා අහනවලු, "කවුද බුද්ධිමත් ජනතාව කියන්නෙ?"  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

දුම්රිය මාර්ග ප්‍රතිකර්මය ලංකාවේ ද අරඹනු

Image
(2011 අගෝස්තු 12,   W3Lanka )  දුම්රිය මාර්ග ප්‍රතිකාරය නම් ප්‍රතිකර්මයක් මේ වන විට ඉන්දුනීසියාවේ ඇතැමුන් අතර ජනප්‍රියව ඇති බව දැනගන්නට ලැබී ඇත.  දුම්රිය මාර්ගවල මෙසේ වැතිර සිටීමෙන්, විදුලි බලයෙන් ලෙඩ සුව වන බවක් ඔවුන් විශ්වාස කරන බව වාර්තා වේ.  ප්‍රවාහන ඇමතිතුමනි, ලංකාවට ද විදුලි දුම්රිය හඳුන්වා දුන්නොත් ආණ්ඩුවට හෝ ඔබතුමාට හෝ ආදායමක් උපයා ගන්නට ක්‍රමවේදයක් සකසා ගත හැකි වනු ඇත.  නැතිනම්, දැන් සිවුරු ඇර සිටින රුවන්වැල්ලේ ඒ. සෝභිත වැනි අයකු සම්බන්ධීකරණ ලේකම්කමක් දී අමාත්‍යංශයට බඳවා ගත්තා නම් මොකක් හෝ උප්පරවැට්ටියක් යොදා ඩීසල් බලයෙන් ද ලෙඩ සුව කළ හැකි බවට පතුරුවනවා ඇත.  රෙද්ද පෙන්නූ විට කපාගෙන, මහගෙන, ගොනාට අඳින්නට සූදානම් අපට මෙවැනි නිර්මානාත්මක අදහස් අවශ්‍ය ය.  අලුත්, අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නඟී සිඟා කෑම බැරි වුණ තැන ලගී ගයා මර ගී මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ජනා, ජොනී හා ජනතා නම් සොරු තිදෙනාගේ කතාව

Image
(2011 අගෝස්තු 12,   W3Lanka )  ජනා, ජොනී හා ජනතා නම් සොරු තිදෙනෙක් සිටිති. ජනතා යනු පල් ම පල් වර්ගයේ මෝඩ හොරෙකි. ඔහු හොරකම් කරනවාට වඩා හොරුන් වන්දනා කරන්නට කැමැත්ත දක්වන්නෙකි. මහ හොරුන් කරන හොරකම්වලින් තමන්ට ද කොටසක් ලැබෙනු ඇතැයි සිතා මහ හොරුන්ගේ හොරකම් ගැන වීර කතා පවුලේ එවුන්ට කියමින්, සොරුන්ගේ කකුල් මිරිකමින්, පා ලෙව කමින් ඉඳ, අත පල්ලෙන් වැටෙන ඉඳුල් කා, බඩගින්නේ වුණත්,  ප්‍රීතියෙන් ජීවත් වන්නෙකි. එහෙත්, ජොනී හා ජනා එසේ නො වේ. කොපමණ සොරකම් කළත් ඔවුන්ට තෘප්තියක් නැති සාපයකට ඔවුන් ගොදුරුව ඇත. ඔවුන් කරන සොරකම් කෙබඳු ද යත්, වරක් සතුරෝ ජනා මරන්නට ඔත්තු දෙන්නැයි කියා ජොනීට සල්ලි දුන්නේ ය. ජොනී ඔත්තුව දී, ඒ වෙනුවෙන් ලැබුණු සල්ලි ජනා සමග බෙදා ගත්තේ ය. ජොනී හිතන්නේ ජනාට ගේම දුන්නා කියා ය. ජනා හිතන්නේ ජොනීට ගේම දුන්නා කියා ය.  ජොනී කළ දේ ජනතාට ආරංචි විය. තමන්ගේ වීර සොරුන් මෙවැනි අන්දමේ සොරකම් පවා කරන බව දැනගෙන, ඒ ගැන සිය මෝඩ බිරින්දෑට පවා ආඩම්බරෙන් කියා, ජනතා ඔවුන් වැඩි වැඩියෙන් වන්දනා කරන්නට පටන් ගත්තේ ය. දැන් ජොනී ජනාගේ පා ලෙව කන්නට දෙකට නැවෙන ජනතාගේ සාක්...

ලංකාවේ හොඳ ම අප්‍රේල් මෝඩකම | Sri Lanka's best April foolery

Image
(2011 අප්‍රේල් 01,   W3Lanka )  ලංකාවේ හොඳ ම අප්‍රේල් මෝඩකම යයි අප සිතන සිද්ධිය මෙසේ ය: ඒ රජයට අයත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණක් පැවති 1970 දශකයයි. එක් නිවේදකයෙක් අප්‍රෙල් 01දා රටේ ජනතාවට විහිළුවක් කරන්නට සිතා එක් මුදල් නෝට්ටුවක් අවලංගු කරන්නට රජය තීරණය කර ඇති බැවින් එම මුදල් නෝට්ටු බැකුවට භාර දී වෙනත් මුදල් ලබා ගන්නා ලෙස නිවේදනය කළේ ය. ඒ කාලය අද කාලය වගේ නො වේ. එවක රටේ තිබුණේ එක් ගුවන් විදුලියක් පමණි. ඒ නිසා ම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යනු සීරියස් දෙයකැයි ඒ කාලයේ ජනතාව විශ්වාස කළ හ. එබැවින් පැය කීපයක් යන්නට පෙර රටේ බැංකු එකී මුදල් නෝට්ටු අතින් ගත් මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. අවසානයේදී එකී පුවත බොරුවක් බව ගුවන් විදුලියෙන් නිවේදනය කරන්නට රජයට සිදු විය. ඒ අවස්ථාවේදී මෙකී ගුවන් විදුලි නිවේදකයාගේ වැඩ තහනම් කරන ලදී. එහෙත්, අප දන්නා තරමින් පසු කලෙක මේ  නිවේදකයා ජාතික රූපවාහිනියෙන් රටට ම උපදෙස් දෙන වැඩිහිටියකුගේ භූමිකාව රඟ පෑවේ ය. ඒ විහිළුව අර කලින් කී විහිළුවට වඩා විහිළුවක් මුත්, මේ වකවානුව වන විට ජනතාව රජයේ මාධ්‍ය සීරියස් නො ගන්නා නිසා ප්...

යාන් හෑලි: අලියා සහ හැඳුනුම්පත

Image
(2010 මැයි 30,  W3Lanka )  පසුගිය දිනෙක රහස් පොලිසියේ නිලධාරීන් පිරිසක් ගංජා අල්ලන්න තණමල්විල පැත්තෙ ගියාලු. කලේ මැදින් යනකොට ඔවුන්‍ට මහළු හේන් ගොවියෙකු හමු වුණා. රහස් පොලිසිය හේන පරීක්ෂා කළා ඒකෙ තිබුණේ වට්ටක්කා, කැකිරි, තිබ්බටු, වම්බටු වගේ හේන් භෝග විතරයි. "ඇත්ත කියනවා, කොහෙද තමුසෙ ගංජා වවන්නෙ?" රහස් පොලිස් කණ්ඩායමේ ලොක්කා ‍කඩා පැන්නා. "මම නම් ගංජා වවන්නේ නැහැ. සර්ලට ඕනැ නම් ඕනැ තැනක බලන්න. හැබැයි අර පැත්තට නම් යන්න එපා," කියලා ගොවියා එක පැත්තක් පෙන්වමින් කිව්වා. දැන් පොලිස් නිලධාරීන්ගේ කට කණේ. "හහ්, ඒව කොහෙද? තමුසෙ දන්නවද අපට ඕනැ තැනකට ඇතුල් වෙන්න, පරීක්ෂා කරන්න බලය තියෙනවා." පොලිස් කණ්ඩායමේ ලොක්කා සාක්කුවෙන් හැඳුනුම්පත අරගෙන ආඩම්බරෙන් පෙන්වා තම කණ්ඩායම එක්ක යන්න එපා කියූ පැත්තට ම ගියා. ටික වෙලාවකින් මර ලතෝනියක් ඇහුණා. ගොවියා ඉක්මණට හේනේ දැවැන්ත පලු ගහක තනා තිබුණු පැලට ගොඩ වුණා. මෙන්න පොලිස් පිරිස පණ එපා කියමින් කැලේ කඩාගෙන දුවනවා. පස්සෙන් එලවන්නෙ ඊයෙ රෑ හේනේ පැත්තක් පාළු කරපු මිනීමරු නැට්ට කොට තනි අලියා. "බුදු අම්මෝ! අපිව බේර ග...

Doctored Realty: බුදු අයියෙ, ඇයි මට මෙහෙම කරන්නෙ?

Image
ම.රා: යනව යන්න! තමුසෙ කයිය ගැහුවෙ ජේවීපී එකටත් කෙළවන්න. ඒ වුණාට අයියවවත් බෝඩ් කර ගන්න බැරි වුණා. වි.වී: බුදු අයියෙ, ඇයි මට ගමේදි ම මෙහෙම කරන්නෙ? මොකද මම ෆුට් බෝලයක් ද?