බ්‍රිතාන්‍යය අවතැන් කඳවුරු සඳහා දෙන ආධාර සීමා කරයි
(2009 ඔක්තෝබර් 07 - W3Lanka) එළඹෙමින් තිබෙන මෝසම් වැසි නිමා වීමෙන් පසු තම රජය උතුරේ දෙමළ ජනයා රඳවා තිබෙන කඳවුරුවලට ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන හදිසි අවශ්‍යතා සැපයුම්වලට පමණක් සීමා කරන බව එම කඳවුරු නැරඹීමට ගිය බ්‍රිතාන්‍ය සංවර්ධන ඇමති මයික් ෆොස්ටර් BBC සේවයට පැවසීය.
මෙම ජනයාගෙන් 70%කට එම කඳවුරුවලින් ඉවත් වී ඔවුන් නවත්වා ගැනීමට කැමති පවුල් සමග විසීමට ඉඩ දිය යුතු බව ද හේ පැවසීය.
ජනමාධ්‍ය කඳවුරුවාසීන් සමග කතා කිරීම එම කදවුරු පාලනය කරන ආරක්ෂක හමුදා විසින් දැඩි ලෙස පාලනය කරනමුත් ෆොස්ටර්ගේ චාරිකාව අතරතුර තමන්ට කඳවුරුවාසීන් සමග කතා කිරීමට ලැබුණු බව ද, කාන්තාවන් එකාට පසු එකා බැගින් තත්වයේ නරක පෙන්වා දුන් බව BBC පවසයි. පානීය ජල හිඟය, මළ හා ජලාපවාහන ගැටළු හා අධික උණුසුම නිසා රෝගී වීම ඔවුන් විසින් පෙන්වා දෙන ලද කරුණු අතර තිබේ.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.