Posts

Showing posts with the label BBC

බීබීසී සංදේශය හා තවත් එවැනි මාධ්‍යවල තිබෙන ගැටලුව කුමක්ද?

පසුගිය දිනෙක බීබීසී සිංහල සේවයේ අධිපති ප්‍රියත් ලියනගේ සමග ඉතා කෙටි කතාබහක් කරන්නට ලැබිණි. ඔහු බ්ලොග්කරුවකු ලෙස හෝ මාධ්‍යකරුවකු ලෙස හෝ මෙම රචකයා පිළිබඳ කිසිවක් දැන සිටි බවක් නොපෙනිණි. බීබීසී සංදේශය ගැන  කළ අදහස් විමසීමකදී මා පැවසූ කරුණක් වන්නේ එය සිංහල හැඟීම් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි. එය සිදුවිය යුත්තේ කෙසේදැයි ඔහු ඇසූ ප්‍රශ්නයට මා ඒ අවස්ථාවේ වාචිකව ගොනු කළ පිළිතුර ව්‍යක්ත එකක් නොවීය. එය සංකීර්ණ ප්‍රශ්නයකි. කොහොමත්, ලියන තරම් 'හොඳින්' වාචිකව අදහස් පළ කරන්නට මට බැරිය. ඒ නිසා මේ කරුණ යමෙකුට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම සිතුවෙමි. සංදේශය වාර්තාකරණයේදී සිංහල හැඟීම් ගැන සංවේදී බව ප්‍රියත් අදහස් කළේය. බීබීසී වාර්තාවලදී ඔවුහු ඇත්තෙන්ම දෙපැත්තම වාර්තා කරති. එහෙත්, සමස්ථ ප්‍රකාශනය පොදු සිංහල සමාජයට ගම්‍ය වන්නේ සිංහල විරෝධී එකක් ලෙසයි. එය සිංහල සමාජයේ වරදක්ද?  රචකයා කී කරුණ සංදේශය වැඩසටහනට පමණක් නොව, රචකයා කලක් සේවය කළ හිරු, රාවය වැනි පුවත්පත්වලටත් අදාළය. ‍මෙම මාධ්‍යවලට එරෙහිව ඇති ඒවා දෙමළ ජාතිවාදය කෙරෙහි හිතවාදීය යන ලේබල්කරණය තනිකරම සිංහල ජාතිවාදීන්ගේ ප්‍රචාරයක්ද? නැතිනම්...

බීබීසී සංදේශය හා තවත් එවැනි මාධ්‍යවල තිබෙන ගැටලුව කුමක්ද?

පසුගිය දිනෙක බීබීසී සිංහල සේවයේ අධිපති ප්‍රියත් ලියනගේ සමග ඉතා කෙටි කතාබහක් කරන්නට ලැබිණි. ඔහු බ්ලොග්කරුවකු ලෙස හෝ මාධ්‍යකරුවකු ලෙස හෝ මෙම රචකයා පිළිබඳ කිසිවක් දැන සිටි බවක් නොපෙනිණි. බීබීසී සංදේශය ගැන  කළ අදහස් විමසීමකදී රචකයා පැවසූ කරුණක් වන්නේ එය සිංහල හැඟීම් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි. එය සිදුවිය යුත්තේ කෙසේදැයි ඔහු ඇසූ ප්‍රශ්නයට රචකයා ඒ අවස්ථාවේ වාචිකව ගොනු කළ පිළිතුර ව්‍යක්ත එකක් නොවීය. එය සංකීර්ණ ප්‍රශ්නයකි. කොහොමත්, ලියන තරම් 'හොඳින්' වාචිකව අදහස් පළ කරන්නට රචකයාට බැරිය. ඒ නිසා මේ කරුණ යමෙකුට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම සිතුවෙමි. සංදේශය වාර්තාකරණයේදී සිංහල හැඟීම් ගැන සංවේදී බව ප්‍රියත් අදහස් කළේය. බීබීසී වාර්තාවලදී ඔවුහු ඇත්තෙන්ම දෙපැත්තම වාර්තා කරති. එහෙත්, සමස්ථ ප්‍රකාශනය පොදු සිංහල සමාජයට ගම්‍ය වන්නේ සිංහල විරෝධී එකක් ලෙසයි. එය සිංහල සමාජයේ වරදක්ද?  රචකයා කී කරුණ සංදේශය වැඩසටහනට පමණක් නොව, රචකයා කලක් සේවය කළ හිරු, රාවය වැනි පුවත්පත්වලටත් අදාළය. ‍මෙම මාධ්‍යවලට එරෙහිව ඇති ඒවා දෙමළ ජාතිවාදය කෙරෙහි හිතවාදීය යන ලේබල්කරණය තනිකරම සිංහල ජාතිවාදීන්ගේ ප්‍රචාරයක්...

බ්‍රිතාන්‍යය අවතැන් කඳවුරු සඳහා දෙන ආධාර සීමා කරයි

Image
(2009 ඔක්තෝබර්  07 - W3Lanka ) එළඹෙමින් තිබෙන මෝසම් වැසි නිමා වීමෙන් පසු තම රජය උතුරේ දෙමළ ජනයා රඳවා තිබෙන කඳවුරුවලට ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන හදිසි අවශ්‍යතා සැපයුම්වලට පමණක් සීමා කරන බව එම කඳවුරු නැරඹීමට ගිය බ්‍රිතාන්‍ය සංවර්ධන ඇමති මයික් ෆොස්ටර් BBC සේවයට පැවසීය. මෙම ජනයාගෙන් 70%කට එම කඳවුරුවලින් ඉවත් වී ඔවුන් නවත්වා ගැනීමට කැමති පවුල් සමග විසීමට ඉඩ දිය යුතු බව ද හේ පැවසීය. ජනමාධ්‍ය කඳවුරුවාසීන් සමග කතා කිරීම එම කදවුරු පාලනය කරන ආරක්ෂක හමුදා විසින් දැඩි ලෙස පාලනය කරනමුත් ෆොස්ටර්ගේ චාරිකාව අතරතුර තමන්ට කඳවුරුවාසීන් සමග කතා කිරීමට ලැබුණු බව ද, කාන්තාවන් එකාට පසු එකා  බැගින් තත්වයේ නරක පෙන්වා දුන් බව BBC පවසයි. පානීය ජල හිඟය, මළ හා ජලාපවාහන ගැටළු හා අධික උණුසුම නිසා රෝගී වීම ඔවුන් විසින් පෙන්වා දෙන ලද කරුණු අතර තිබේ.