මාතර ඡන්දයේදී කුල සාධකය උඩට

(2009 ඔක්තෝබර්  05- W3Lanka) කුල සාධකය මඟුල් තුලාවලදී පමණක් නොව මේ රටේ දේශපාලනයේදී ද තවමත් ඉතා වැදගත් බව පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරයෙන් පෙනේ. 

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියකු වන මාතර දිස්ත්‍රික්කයට තරග කරන ගොවිගම කුලයේ අයකු වන අරුණ ගුණරත්න දුරාව හා කරාව කුලවලට එරෙහිව ප්‍රකාශ සිදු කර තිබෙන බව සන්ඩේ ලීඩර් පුවත්පත වාර්තා කළේය. විශේෂයෙන්ම මාතර ආසනය දුරාව කුලයේ අය විශාල ප්‍රමාණයක් ජීවත් වන ප්‍රදේශයක් වන අතර එය නියෝජනය කළ මන්ත්‍රීන් ගණනාවක් ම එම කුලයේ අයයි.

මාතර දිස්ත්‍රික්කයට තරග කරන සරත් වීරවංශගේ මැතිවරණ ව්‍යාපාරය තුළදී ඔහුගේ සොහොයුරු විමල් වීරවංශ නැකැති කුල ඡන්ද ඉලක්ක කරගෙන මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාර්තා කළේය. 

ඇත්තෙන් ම මැතිවරණවලදි කුලවාදය භාවිතා කිරීම රහසිගතව කෙරෙමින් ඇති දෙයක් මුත්, දැන් මැතිවරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් අතර ම මනාප පොර බවට පත් වි තිබෙන හෙයින් කුලවාදය ඇතුළු සියලු පසුගාමීසාධක දැන් මතුපිටට එමින් තිබේ.

Comments

  1. මංගල සමරවීර කෙතොක් තාඩන පීඩන ලැබුවත් ඔහුගේ ඡන්ද පදනමට බාධාවක් නොවන්නේ මංගල දුරාව කුලයේ අයෙකු නිසා බව මගේ විශ්වාසයයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප