මාගේ ඡන්ද කාඩ් පත රුපියල් 1000/= සිට ඉහළ මිලකට විකිණීමට සූදානම්ය. ගැණුම්කරුවෝ සිටිත්නම් වහාම මා අමතන්න...



(2009 ඔක්තෝබර්  10 - W3Lanka) ''මාගේ ඡන්ද කාඩ් පත රුපියල් 1000/= සිට ඉහළ මිලකට විකිණීමට සූදානම්ය. ගැණුම්කරුවෝ සිටිත්නම් වහාම මා අමතන්න...''

මේ වනාහි අපගේ සහෝදර බ්ලොග්කරුවෙකු අද සිය ෆේස්බුක් තාප්පයේ තැබූ සටහනකි.

අද දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනයයි. ඉහළ යන ජිවන වියදම දරා ගන්නට බැරිව යන්තම් කා යන්තම් ඇඳ සිටින මිනිසුන්ගේ සාක්කුවෙන් තවත් ගානකට තට්ටු කර ඡන්දයක් පවත්වා පාර්ලිමේන්තු මට්‍ටමේ හොරුන් වීමට පුහුණුව ලබමින් සිටින ආධුනික රිලවුන් පිරිසකට දූෂණ පල් වලට පැනීම සඳහා ඉනිමඟක් තැබීම අද සිදු කෙරේ.

දෙමළ අරගලය පරාජය කර යුද්ධය දිනා දුන් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දකුණේ මිනිස්සු අද සන්ධානයට ඡන්දය දෙති. රාජපක්ෂ රෙජිමට අද අවශ්‍යව ඇත්තේ ඡන්දය නිකම් ම දිනන්නට නොව සීයට අසූවක් ඡන්දය ගන්නටයි. එය බැරි වේ යයි බියෙන් මහජන ‍මුදලින් නඩත්තු වන ජනමාධ්‍ය සියල්ලෙන් ම විපක්ෂයට මඩ ගසා බැරි තැන ජවිපෙ කාර්යාල ද කුඩු පට්ටම් කරති.

ඡන්දයේ නියම බලු පොරය ඇත්තේ සන්ධානයේ ම අපේක්ෂකයන් අතර මනාපවලටයි.

මේ ඡන්දය ගැන මීට වඩා යමක් ලියන්නට කම්මැලි බැවින් හෙට ප්‍රතිඵල නිකුත් වු පසු ඒ ගැන යළි කතා කරමු.

Comments

  1. බිපෙසි!
    ඔයිට වඩා හොඳ හැටි ජන්ද විකිණිමේ ජවාරමක් ටිවීටරේ ගියාලු.

    ReplyDelete
  2. ලංකවේ මගේ ඡ්න්දය ඔනේ එකෙක්ට දෙන්නේ නිකං,සත පහක් ඒක වටින්නේ නෑ.ඡ්න්ද සිල්ලරට තියලා මහින්ද ඡ්න්ද බලු කරා.හරියට ජේ.අර් සල්ලි බලු කරා වගේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප