බස් ගිනි තියන්න කලියෙන් මේ ගැනත් හිතන්න


(2009 ඔක්තෝබර්  07 - W3Lanka) ඊයේ දකුණු පළාතේ සිදු වූ මාර්ග අනතුරු දෙකකින් පාරේ ගමන් කරමින් සිටි කුඩා දරුවන් දෙදෙනෙක් මිය ගියහ. වැලිගමදී කෝපයට පත් ජනතාව බස් රියක් ගිනි තැබූහ. මෙම දේශප්‍රේමී ක්‍රියාවෙන් සිදු වන එක ම දෙය ලංකාවට විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වීම හා පොදු ප්‍රවාහන සේවාවල තදබදය තවත් ටිකක් වැඩි වීම පමණි. 


මාර්ග අනතුරු සම්බන්ධයෙන් බොහෝ විට බැනුම් අසන්නේ බස් රියදුරෝයි. විශේෂයෙන් ම පෞද්ගලික බස් රියදුරන් තරගකාරී ලෙස මාර්ග නීති නො තකා බස් ධාවනය කරන බව ප්‍රසිද්ධ කාරණයකි. මහජනයාට තවත් කරදරයක් වන්නේ දේශපාලකයන්ගේ පවනට බඳු වේගයෙන් ඉගිලෙන රිය පෙළයි. ධර්ම රාජ්‍යයට මග පෙන්වන එක් පාර්ලිමේන්තු මන්ත්‍රී භික්ෂුවකගේ වාහනයට කහ ඉර මතදී යට වී කැලනිය විශ්වවිද්‍යාලයේ සේවකයෙකු මිය ගියේ නොබෝදා ය.


මේ අතරතුර අවධානයෙන් ගිලිහෙන කාරණයක් වන්නේ පාරේ ගමන් කරන්නන් කෙතරම් විනයගරුක ද යන්නයි. පදික වේදිකා නොමැති මාර්ගවල පයින් යන විට වම් පැත්තෙන් යා යුතු බව ලාංකිකයන් දන්නවා ද, ඔවුන් එම නීතියට කෙතරම් ගරු කරනවා ද යන්න නිරීක්ෂණය කරන්නට අවශ්‍ය නම් දැන් පාරට බැස බලන්න. 



ලංකාවේ ජනයා වාහනයක යන විට පාරේ පයින් යන්නන්ට වෛර කරති. පාරේ පයින් යන්නෝ වාහනවල යන්නන්ට වෛර කරති. කහ ඉරෙන් පාර පනින විට මිනිසුන් යන්නේ හරියට ආච්චිලාගේ ගෙදර යන්නා සේ තමන්ට ඕනෑ විදියටයි. ඒ වෙලාවට වාහනවල ඉන්නා අය ඉන්නේ මළ පැනලා ය. උන් පාර පනින විට ද එසේම ය. 


කහ ඉර පෙනි පෙනී මිනිස්සු අතනින් මෙතැනින් පාර පනිති. පදික වේදිකා මත ඉදි කර තිබෙන වැටවලින් රිංගති; උඩින් පනිති. පාර පනින්නන්ට ඇති මාර්ග සංඥා තුට්ටුවකට මායිම් නො කරති. 


පාරේ බස් අනතුරකින් මිනිසකු මළොත් බස් ගිනි තියති. මාර්ග අනතුරු හේතුවෙන් මේ රටේ වසරකට මිය යන පුද්ගලයන් සංඛ්‍යාව 200 - 300 අතර වන බව ද, තවත් 50,000ක් පමණ දෙනා තුවාල වන බව ද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 

මේ එක් තුවාලකරුවකු සුව කිරීම සඳහා සාමාන්‍යෙයන් රු. මිලියනයේ සිට මිලියන දහය දක්වා වැය වන බැවින් රෝගියා රජයේ රෝහලකින් ප්‍රතිකාර ලැබුවද එම මුදල වාහන හිමියාගෙන් අය කර ගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට රජය තීරණය කර තිබේ.


Comments

  1. මට මේක කරන්න බැරිම තැන තමයි කියන්නේ ඔන්...මුන් හැපැපෙන්නයි..මම බැනුම් අහන්නයි දෙකක් බැනේ මල්ලි..ඔයාටත් තේරේනවා ඇතිනේ...ඔය කහ ඉරි ටික ඇන් දෙත් මාර ගෙමක් දිලා..ලංකාව තාම ණයයි එකට...මුන්ට තේරේන් නැති මේ මම විදින දුක අනේ හැබැටම....

    ReplyDelete
  2. " පදික වේදිකා නොමැති මාර්ගවල පයින් යන විට වම් පැත්තෙන් යා යුතු බව ලාංකිකයන් දන්නවා ද."

    ෂුවර්ද වමෙන් යන්න ඕනේ කියලා ??? ඔයා ලංකාවේ නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

ඕපාදූප, ආවේග, ඉරිසියාව හා ජාතිවාදය නිසා රටේ මාතෘ සෞඛ්‍යය අනතුරේ හෙළමු ද?