දේශප්‍රේමී බේබද්දා හා මිනිස් නිදහස
අජිත් පැරකුම් ජයසිංහ -
නිදහස යනු වර්තමාන ලාංකීය සමාජයෙන් වේගයෙන් ගිලිහී යමින් තිබෙන සාධකයකි. අසූවෙ දශකයේදී නිදහස් බයිලා ගැයූ නන්දා මාලිනී හා ඒවා ලියූ සුනිල් ආරියරත්න දුටු හිතන්න, කියන්න, බනින්න නිදහසක් නැති රට හෘදය සාක්ෂිය නිසා තිස්සනායගම් විසි වසකට සිරගත වන ලංකාවේ දැන් සම්පූර්ණ වී තිබේ. යුද්ධය අවසන් ව ඇති මුත්, තම පවුල් සමග තමන්ගේ ගම්බිම්වල ජීවත් වීමේ නිදහස, සංචලනයේ හෙවත් රට තුළ කැමති තැනකට යාමේ නිදහස ආදිය තවමත් දෙමළ ජනයාට අහිමි ය. විවිධ වූ සංස්කෘතික වටිනාකම් රැක ගැනීමේ නිදහස ද මිනිසුන්ටහිමි විය යුතු ය. පසුගිය දිනවල බේරුවල, මුන්නේස්වරම වැනි ප්‍රදේශවල සිදු වූ සමූහ ගව, එළු ඝාතන ශිෂ්ඨ සමාජය විසින් හෙළා දැකිය යුතුව තිබේ. එහෙත් ජෛව විද්‍යාත්මකව ම මාංශ හා නිර්මාංශ ආහාර බුදින්නෙකු වන මිනිසාට මස්, මාළු කෑමේ සංස්කෘතික නිදහස පවා අහිමි කරන්නට අද ලංකාවේ ඇතැම් නායකයෝ සැලසුම් හදති. එක පැත්තකින් ආත්මාර්ථකාමය හා පරිභෝජනවාදය උත්කර්ෂයට නංවන ධනේශ්වර සමාජයේ ලංකාව වැනි අතපල්ලෙන් වැටුණු රාජ්‍යවල විරූපී පාලන තන්ත්ර විසින් පරිභෝජනයේ නිදහස අනෙක් අතින් අහිමි කිරීම විසින් ඇති කරනු ලබන්නේ බරපතල සමාජ අර්බුදයකි. අපරාධ ලෙස පිට දමන්නේ මේ පීඩනයයි.
රටේ සංස්කෘතිය යයි විග්රහ කරගෙන තිබෙන මනස්ගාත අච්චුවකට විවිධත්වයෙන් සුන්දර වූ මේ සමාජය රිංගවීම සඳහා කඩු අතට ගෙන සිටින සංස්කෘතික ගහලයන්ගේ රෙදි ගැලවෙන යෝජනාවක් පසුගියදා ජනතා වතු කළමනාකරණ සහ සංවර්ධනය කිරීමේ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු ඉදිරිපත් කළේය. වැඩ කරන කම්කරුවන් සඳහා අඩු මිලකට මිලදී ගත හැකි රජයේ අනුමත මත්පැන් වර්ගයක් ලබාදිය යුතු බව තමාගේ අදහස යෑයි ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු සුරාබදු පරීක්ෂකවරුන්ගේ සංගමයේ 15 වැනි සංවත්සර අමතමින් සැප්තැම්බර් අගභාගයේ දිනෙක කීවේය. අනෙකෙකුගෙන් කතන්දර නොඅසා, කාටවත් කරදර නොකර නිදහසේ අරක්කු ටිකක් බොන අයිතිය ද මේ රටේ මිනිසුන්ට අවශ්‍ය ය. එය ද ගනිකාවන් ඇසුර සේ හොරෙන් කරන්නට සිදු වූ විට පීඩනය වෙනත් මාර්ගවලින් පිට වනු ඇත්තේ ඇතැම් ලාංකිකයන්ගේ ලිංගික පීඩනය දේශපාලනයෙන් පිට වන ආකාරයටයි. 2001-2004 ආණ්ඩු සමයේ පරිභෝජනවාදය හා පුද්ගලවාදය හිස් මුදුනින් ගත් සමාජයක් හදන්නට සැලසුම් සැදූ රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය හෝ පවා කතා කරන්නට බයෙන් සිටින මේ අයිතිය ගැන කතා කළ ඇමති මිල්රෝයිට මෙන්න අපෙන් මල් මිටක්!
ඇතැම් කම්කරුවෝ ඇඟපතේ අමාරුවට කසිප්පු බොති. කසිප්පු බිවූ විට ශරීර සෞඛ්‍යය පිරිහේ. සාමය බිඳෙන අවස්ථා ද තිබේ. එහෙත්, අනාදිමත් කාලයක සිට මිනිස්සු රහමෙර බොති. දුක හැර විඳින්නට අන් දෙයක් නැති පීඩිත ජනයා සේම ජීවිත සන්තුෂ්ටිය විඳින ධනවත්තු ද මතට ගිජු වෙති. තහනම් කළ විට මිනිස්සු ප්‍රමිතියෙන් බාල මත්පැන් හොරෙන් බී අඩුවෙන් සතුටු වී වැඩියෙන් ලෙඩ වෙති. හැන්දෑවට මත්පැන් ටිකක් තොලගෑම ඔච්චර වැරදි යයි සිතන ආණ්ඩුව දුප්පත් මිනිසුන්ට විවේකය ගත කිරීම සඳහා සපයා තිබෙන්නේ කුමක්ද? කසිප්පු බිව්වත්, පබා බැලුවත්, ආණ්ඩුවේ හෝ විපක්ෂයේ දේශපාලන කතාවක් ඇසුවත්, පන්සල් ගියත් වර්තමානයේදී ලැබෙන්නේ එකම ඩෝප් එකයි.
මතට තිත කෙසේ වෙතත්, මේ ආණ්ඩුව පවතින්නේ බොන එකාට පිං සිදු වන්නටයි. හාල්වලින් සීනිවලින් පෙට්රල්වලින් බදු ගසන්නා වාගේ නොව අරක්කුවලින් හිටගෙන බදු ගැසිය හැකිය. එසේ බදු අය කිරීමට පක්ෂව ඡන්දෙ දීම පිණිස බණ කීමට හාමුදුරුවරු ද, එකී බණ ඇසීමට පීඩිත උපාසකම්මලා ද ඕනෑ තරම් සිටිති. උන්ගේ මිනිස්සු ඔය බණ නොඅසා බණ ගෙවල්වල එළියේ කාඩ්, කැරම් ගසති. පෝය දාට කඩමණ්ඩියේ රස්තියාදු ගසති. දවසේ වැටුප හා සම වන රුපියල් හයසීයක් පමණ ගෙවා අරක්කු ගන්නට සල්ලි නැති වූ විට අඩු මිළට දෙන හැලි අරක්කු ගසා අබල දුබලව ඉක්මණින් මැරෙති. ආණ්ඩුවේ හයිය අරගෙන ගෙවල් ඇතුළේ මතට තිත තියන්නට යන අසරණ ගෑනු මේ බේබද්දන්ගෙන් වැඩියෙන් ගුටි කති.
ගැහැනුන්ට වඩා පිරිමි බොති. බොන මිනිහාට වඩා නොබොන එකා හොඳ යයි ඔප්පු කළ හැකි කිසිවෙක් මේ සමාජයේ නොවෙති. හොඳ වුවත්, නරක වුවත් අතීතයේ පටන් අපේ රටේ මිනිස්සු ද මත්පැන් පානය කළහ. මත්පැන් බීමෙන් සමාජ විනය නැති වේ යයි කීව ද වර්තමාන සමාජයේ දරුණු ම අපරාධ වන මිනිස් සංහාර හා මහජන දේපල මංකොල්ලකෑම් කරන්නෝ රා, අරක්කු පොදක් තොල නොගාන බව කියන්නෝ ය. බිව්වත්, නොබිව්වත් තමන් අත ඇති සැරයටිය වන වනා යාමේ නිදහස අනෙකාගේ නැහැ තුඩ ළඟින් අවසන් වන බව සමාජ සම්මතයයි. ඒ සම්මතයන් බිඳින අය වෙනුවෙන් නීති හා නිති ක්‍රියාත්මක කරන ආයතන තිබේ. කොයි හාමුදුරුවන් අකැමැති වුණත් මත්පැන් අපේ සංස්කෘතියේ අංගයකි. බොන ගමන් ම එය වැරදි වැඩක් යයි සිතීම ද, ගැහැනුන්ට වඩා පිරිමි මත්පැන් බීම ද අපේ සංස්කෘතියේ හැටියයි. සංස්කෘතිය යනු භාවිතාවෙන් හඳුනාගත හැකි දෙයක් මිස කාගේවත් හිස් කුහර තුළ නිර්මානය වූ මනස්ගාතයක් නොවේ.
මතට තිත කෙසේ වෙතත් ආණ්ඩුව 2008දී අලුතෙන් බාර් බලපත් 36ක් නිකුත් කර ඇති බව මෑතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සුරාබදු කොමසාරිස්ගේ 2008 පරිපාලන වාර්තාව පවසයි. මිළ වැඩිකම නිසා හෝ මතට තිත නිසා හෝ සැර මත්පැන් බීම 2008දී සියයට දෙකකින් අඩු වී තිබෙනමුත් බීර බීම සියයට 15කින් වැඩි වී තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස මත්පැන් බීම වැඩි වී තිබේ. රටට හිතැති මත්පැන් ලෝලීහු ගිය අවුරුද්දේ සැර මත්පැන් ලීටර් කෝටි හතරහමාරකට වඩා හා බීර ලීටර් පන්කෝටි හැත්තෑ ලක්ෂයකට වඩා පානය කළහ. හොර මත්පැන් කෙතරම් බීවාදැයි සුරාබදු කොමසාරිස් නො දන්නා මුත් දඩ හා බලපත් ගාස්තු වශයෙන් පමණක් රු. හැට දෙකෝටි තිස් ලක්ෂයකට වඩා දෙපාර්තමේන්තුව උපයා තිබේ. 2008 වසරේ සුරාබදු ආදායම රු. කෝටි 2744ක් පමණ වේ. මෙය 2007 වසරට වඩා රු. කෝටි 300ක ඉහළ යාමකි. සමස්ත කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියම සඳහා ඒ කාලයේ ගිය වියදම රු. කෝටි 845කි.
මේ අනුව බැලූ කල ආණ්ඩුව බොන මිනිහාට වෙන ම පිං පැමිණවීමක් යුතු ය. මක් නිසා ද යත් ආණ්ඩුවේ සිල්වත්කම රඳා පවතින්නේ නිර්ලෝභීව, වංචා නො කර බදු ගෙවන මේ 'දේශප්‍රේමී' බේබද්දාගේ සාක්කුවේ හෙයිනි. එහෙත් අපගේ අරමුණ මත්පැන් ප්‍රවර්ධනය නොව මිනිස් නිදහස ඉල්ලා හඬනැඟීමයි.

රූපවාහිනියේ චිත්‍රපටි විකාශනය කරන විට මත්පැන් බොන දර්ශන වලට කොටු දැමීම නිසා මත්පැන් පානය අඩුවන බව සිතන අයද රට පාලනය කරන තැන්වල සිටීම බියර් පානය වැඩිවීමට හේතුවිය හැක.
ReplyDelete