Posts

Showing posts with the label බීර

දේශප්‍රේමී බේබද්දා හා මිනිස් නිදහස

Image
අජිත් පැරකුම් ජයසිංහ - නිදහස යනු වර්තමාන ලාංකීය සමාජයෙන් වේගයෙන් ගිලිහී යමින් තිබෙන සාධකයකි. අසූවෙ දශකයේදී නිදහස් බයිලා ගැයූ නන්දා මාලිනී හා ඒවා ලියූ සුනිල් ආරියරත්න දුටු හිතන්න, කියන්න, බනින්න නිදහසක් නැති රට හෘදය සාක්ෂිය නිසා තිස්සනායගම් විසි වසකට සිරගත වන ලංකාවේ දැන් සම්පූර්ණ වී තිබේ. යුද්ධය අවසන් ව ඇති මුත්, තම පවුල් සමග තමන්ගේ ගම්බිම්වල ජීවත් වීමේ නිදහස, සංචලනයේ හෙවත් රට තුළ කැමති තැනකට යාමේ නිදහස ආදිය තවමත් දෙමළ ජනයාට අහිමි ය. විවිධ වූ සංස්කෘතික වටිනාකම් රැක ගැනීමේ නිදහස ද මිනිසුන්ටහිමි විය යුතු ය. පසුගිය දිනවල බේරුවල, මුන්නේස්වරම වැනි ප්‍රදේශවල සිදු වූ සමූහ ගව, එළු ඝාතන ශිෂ්ඨ සමාජය විසින් හෙළා දැකිය යුතුව තිබේ. එහෙත් ජෛව විද්‍යාත්මකව ම මාංශ හා නිර්මාංශ ආහාර බුදින්නෙකු වන මිනිසාට මස්, මාළු කෑමේ සංස්කෘතික නිදහස පවා අහිමි කරන්නට අද ලංකාවේ ඇතැම් නායකයෝ සැලසුම් හදති. එක පැත්තකින් ආත්මාර්ථකාමය හා පරිභෝජනවාදය උත්කර්ෂයට නංවන ධනේශ්වර සමාජයේ  ලංකාව වැනි අතපල්ලෙන් වැටුණු රාජ්‍යවල විරූපී පාලන තන්ත්‍ර විසින් පරිභෝජනයේ නිදහස අනෙක් අතින් අහිමි කිරීම විසින් ඇති කරනු ලබන්නේ බරපතල සමාජ අර...