දැන් ඉතින් වතු කම්කරු ප්‍රශ්න අවසන්. කම්කරුවෝ නැහැ ඉන්නෙ සහායකලා විතරයි
(2009 ඔක්තෝබර් 10 - W3Lanka) වැවිලි කර්මාන්ත ඇමැති දි. මු. ජයරත්න මහතා ඉදිරිපත් කළ කැබිනට් මණ්‌ඩල යෝජනාවකට අනුව වතු කම්කරුවන්ගේ තනතුරු නාමයන් වෙනස් කර තිබේ. මේ අනුව, දළු කඩන්නා හා කිරි කපන්නා අස්‌වනු සහායක ලෙසද, කප්පාදුකරු චිත්දතක ලෙසද, මුරකරු ආරක්‍ෂක ලෙස ද, කංකානි කණ්ඩායම් අධීක්‍ෂක ලෙස ද, ලයින් ස්‌වීපර් සුව සහායක ලෙසද, ෆැක්‌ටරි වර්කර් නිපැයුම් සහායක ලෙස ද, සිල්ලර වැඩකරු විවිධ වැඩ සහායක ලෙස ද, වීඩර් වල් නෙළන්නා ලෙසද, කම්කරු සහායක ලෙස ද අලුතින් බෞතීස්ම ලබනු ඇත.
එසේම වතු නිවාස නාමය සහායක නිවාස ලෙස ද වෙනස් කර තිබේ. සහායක නිවාස ලෙස නම් කළාට මෙම නිවාසවලට සාමාන්‍ය ජනයා කියන්නේ ලැයිම් කාමර කියා ය. ඒවා ඉතා ම පහත් මට්ටමේ වාසස්ථාන වේ.
නම් වෙනස් කළ පමණින් තත්වය උසස් වේ නම් 1972දී ලංකාව ශ්‍රී ලංකාව කළ පසු මේ රට ද උසස් තත්වයකට පත් විය යුතුව තිබිණි.
එසේම වතු නිවාස නාමය සහායක නිවාස ලෙස ද වෙනස් කර තිබේ. සහායක නිවාස ලෙස නම් කළාට මෙම නිවාසවලට සාමාන්‍ය ජනයා කියන්නේ ලැයිම් කාමර කියා ය. ඒවා ඉතා ම පහත් මට්ටමේ වාසස්ථාන වේ.
යටත් විජිත සමයේ සුද්දන් තැබු මේ තනතුරු නාම වෙනස් කිරීම හොඳ දෙයකි. එහෙත්, නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු හා ඒවාට මුක්කු ගැසූ ඊනියා වතු කම්කරු නායකයෝ වතු කම්කරුවන්ගේ ජීවන තත්වය උසස් කිරීමට ප්‍රමාණවත් දෙයක් කර නැත.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. පන්සියයක්වත් නැත. ඔවුහු මේ රටේ දිළිඳුම ජන ප්‍රජාවක් වෙති. ලංකාවේ මන්දපෝෂණය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක ප්‍රශ්න, නුගත්කම, මත්පැන් පානය හා සිය දිවි නසාගැනීම් ආදිය වැඩිම ජන ප්‍රජාව වතු කම්කරුවෝයි.
නම් වෙනස් කළ පමණින් තත්වය උසස් වේ නම් 1972දී ලංකාව ශ්‍රී ලංකාව කළ පසු මේ රට ද උසස් තත්වයකට පත් විය යුතුව තිබිණි.

adenawa.
ReplyDeleteදි.මු කියන කාතාව හරි,දැන් කැබිනට් ඇමතිලාත් නෑ,ඉන්නේ මහින්දගේ ඇම්බැට්ටයෝ විතරයි.
ReplyDelete