කුරුණෑගල බෝම්බය තවමත් අභිරහසක්
(2009 ඔක්තෝබර් 03 - W3Lanka) කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 11 හැවිරිදි එරන්දිකා දිසානායක නැමැති දැරියට මරු කැඳවමින් තවත් 10දෙනෙකුට තුවාල සිදු කරමින් කුරුණෑගල උඩුවල්පොළ සමුනදාස මාවතේ නිවෙසක පෝටිකෝවේ තිබු වෑන් රථයක පිපිරීම සිදුවූයේ කෙසේද යන්න පොලිසිය විසින් මෙතෙක් හෙළි කරගෙන නැත.
කිසිවකු විසින් පෞද්ගලික කෝන්තරයක් මත රථයේ ඇටවු සුළු පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් සහිත බෝම්බයකින් මේ පිපිරීම සිදුවන්නට ඇතැයි සැකකරන බව පොලිසිය කියයි.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා රජයේ රස පරික්ෂක නිලධාරීන් එම ස්ථානය වෙත ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා පැවැසීය.
(ඡායාරූපය: මියගිය දැරිය එරන්දිකා)

මොන සුළුද? මේ තියෙන්නේ අධි බල කියලනේ
ReplyDeletehttp://www.divaina.com/2009/10/03/news01.html