කුරුණෑගල පොලිස් අධිකාරිට අන්තර්ජාලය කුණුහරුපයක්
(2011 මාර්තු 04, W3Lanka ) කුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයකුටම ඉන්ටර්නෙට් කැෆේවලට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කැර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පොලිසිය එම තහනම ක්‍රියාත්මක කර ඇත. එම වයස් සීමාව තුළ සිටින පාසල් ළමුන්ට “ඉන්ටර්නෙට් කැෆේ” වලට ඇතුළුවීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය අධ්‍යාපනය හදාරන පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත් අවසර පත්‍රයක් තිබිය යුතුය. පාසල් නොයන ළමුන් තම මව හෝ පියා සමඟ ඊට ඇතුළු විය යුතු වෙයි. මෙම නීතියට පටහැනිව අවු: 18 ට අඩු ළමුන්ට මෙම ස්ථානවල ගැවසීමට ඉඩ නොදෙන ලෙස ඉන්ටර්නෙට් කැෆේ හිමිකරුවන්ට පොලිසිය අවවාද දී තිබේ. පාසල් ළමුන් ඇතුළු බාලවයස්කාර තරුණ තරුණියන් අපචාර, අසභ්‍ය වැඩවලට යොමුවීම වළක්වා ගැනීමේ අරමුණ මත පොලිසිය එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යන බව අද දිනමිණ පුවත්පත වාර්තා කළේ ය. මේ පොලිස් නිලධාරියා සිතන ආකාරයට ඉන්ටර්නෙට් කියන්නේ අසභ්‍ය වැඩකි. “ඉන්ටර්නෙට් කැෆේ” වලට ඇතුළුවීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය අධ්‍යාපනය හදාරන පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත් අවසර පත්‍රයක් අනිවාර්ය කිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැ...