සන්ධානය දිනුම්! ඒත් ආසන 40 ඉලක්කය පරාදයි

(2009 ඔක්තෝබර්  11 - W3Lanka) දකුණු පළාත් සභා මැතිවරණයේදී දිස්ත්‍රික් තුන ම විශාල බහුතරයක් සහිතව ජයග්‍රහණය කරමින් ආසන 38ක් හිමි කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය. ඒ ගාල්ලෙන් ආසන 16ක්, මාතරින් ආසන 12ක් හා හම්බන්තොටින් ආසන 8ක් ලෙසයි. පළාත් මට්ටමේ බෝනස් ආසන දෙකත් සමග සන්ධානයට ආසන 28ක් හිමි වේ. සන්ධානයට පළාතෙන් හිමි වූ ඡන්ද ගණන 804,071කි.



එක්සත් ජාතික පක්ෂය ගාල්ලෙන් ආසන 6ක් ද, මාතරින් ආසන 5ක් ද හම්බන්තොටින් ආසන 3ක් ද ලෙස ආසන 14ක් හිමි කර ගෙන තිබේ. එජාපයට පළාතෙන් ඡන්ද 297,180ක් හිමි විය.



ජනතා විමුක්ති පෙරමුණ දිස්ත්‍රික් තුනෙන් ම එක් ආසනය බැගින් ආසන 3ක් හිමි කර ගන්නා ලදී. ජවිපෙට පළාතෙන් හිමි වූ ඡන්ද සංඛ්‍යාව 72,379කි.


එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 40කට වඩා ලබා ගන්නා බව කීව ද ලැබුණේ ආසන 38ක් පමණි. 


ජවිපෙ ප්‍රසිද්ධියේ නො කීව ද තිස්සමහාරාමයේදී එජාපය අභිබවා දෙවන ස්ථානයට පැමිණීමට ඉලක්ක කළ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසන දෙකක් බලාපොරොත්තු විය. එහෙත් එජාපය තිස්සමහාරාමෙන් ජවිපෙට වඩා ඡන්ද 13,000ක් පමණ ලබාගෙන තිබේ.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප