කිරි නිෂ්පාදනයට තොරතුරු තාක්ෂණය


(2009 ඔක්තෝබර් 01 - W3Lanka) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ආධාරයෙන් දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ  නියෝජිතායතනය (ICTA) පියවර ගනී.

ජංගම දුරකථන භාවිත කරමින් දෛනික කිරි මිල ගණන්, අභිජනන කටයුතු ,කිරි ගවයින්ගේ සෞඛ්‍ය ආදී කිරි කර්මාන්තයට අතිශයින් වැදගත් තොරතුරු හා සේවා ගැන කෙටි පණිවිඩ (SMS) ඔස්සේ අවශ්‍ය තොරතුරු හා සේවා ලබා ගැනීමට කිරි ගොවියාට මෙමගින් හැකි බව නියෝජිතායතනයේ මෙහෙයුම් ප්‍රධානී රෙෂාන් දේවපුර පවසයි.

කිරි කර්මාන්තය ජීවනෝපායක් වශයෙන් සාර්ථක ලෙස දැනට සිදු කරගෙන යනු ලබන කුරුණැගල දිස්ත්‍රික්කයට අයත් නාරම්මල සහ අලව්ව යන පශු වෛද්‍ය කොට්ඨාස කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) විසින් ක්‍රියාත්මක ඉ-සමාජ සංවර්ධන වැඩසටහන යටතේ දඹදෙණිය සංවර්ධන පදනම මගින් නියමු ව්‍යාපෘතියක් ලෙස දැනට මෙය ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව ලියාපදිංචි කිරි ගොවීන්ට සංකේත අංකයක් ලබා දී තිබේ.එසේම කිරි ගොවීන්ට වැදගත් වන සේවා සහ තොරතුරු වර්ගීකරණය කර ඒ සදහා සංකේත නාමයන් ද කිරිගොවීන්ට ලබා දී ඇත.

යම් කිරි ගොවියෙකුට දෛනික කිරි මිල දැන ගැනීමට අවශ්‍ය නම් තමන්ට හිමි සංකේත අංකය සහ කිරි මිල සදහා වන සංකේත නාමය තම ජංගම දුරකතනයේ ටයිප් කර යොමු කිරීමෙන් කෙටි පණිවිඩයක් (SMS) ඔස්සේ කිරි මිල දැන ගැනීමට ගොවියාට හැකිවේ. 

මේ අනුව අභිජනනය, සෞඛ්‍යය, කිරි මිල, ආහාර සැපයුම් කරුවන්, බෙහෙත් වර්ග සැපයුම් කරුවන්, උපකරණ ආදී සියලු විස්තර පරිගණක ගත කර තිබෙන අතර එම තොරතුරු ස්වයංක්‍රීයවම මෙසේ කෙටිපණිවිඩ හරහා කිරි ගොවීන්ට ලබා දීම සිදුවේ.

ජීව වායු පද්ධති,බැංකු ණය,ගවගාල් සෑදීමට තාක්ෂණික උපදෙස්, පුහුණු වැඩසටහන්,ජංගම පශු වෛද්‍ය සායන ආදී තොරතුරුද කෙටි පණිවිඩ(SMS) ඔස්සේ කිරි ගොවීන්ට ලබාගත හැකි වේ.

පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ තොරතුරු හා සේවා ඇතුලත් වෙබ් අඩවිය: www.edairylanka.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා