Posts

Showing posts with the label ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)

ඉ -ඒෂියා 2009 තොරතුරු තාක්ෂණ සමුළුව හා ප්‍රදර්ශනය දෙසැම්බර් මස 2දා සිට 4වෙනිදා දක්වා

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) දෙසැම්බර් මස 2දා සිට 4වෙනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉ -ඒෂියා 2009 තොරතුරු තාක්ෂණ සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ප්‍රදර්ශනය ජනතාවට නොමිලේ නැරඹීමට හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ) පවසයි. ඝාබාරූපයේ දැක්වෙන්නේ ඉ -ඒෂියා 2009 පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා වීදි සංචාරය කරන විශේෂ බස් රථයයි. අන්තර්ජාලය නොමිලේ පරිශීලනය කිරීමටද මෙම බස් රථය තුල ජනතාවට පහසුකම් සලසා ඇති බව ICTA පවසයි.

1919ට ලැබුණ සම්මානය ජනාධිපති අතට

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) ලෝකයේ විශිෂ්ටතම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති සදහා සම්මාන පිරිනැමෙන විශ්ව සමුළු සම්මාන උලෙළේදී රටවල් 157ක ව්‍යාපෘති 546ක් අතරින් සම්මාන ලැබූ ඉ -ශ්‍රි ලංකා ව්‍යපෘති දෙකකට හිමි වූ සම්මාන ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත බාර දීම පසුගියදා සිදුවිය. එම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර, ජයන්ත ප්‍රනාන්දු සහ වැඩසටහන් ප්‍රධානී අතුල පුෂ්ප කුමාර සහභාගි වුහ. රජයෙන් සැපයෙන පුරවැසි සේවා පිළිබද ජනතාවට තොරතුරු ලබා දීමට ක්‍රියාත්මක වන 1919 හෙවත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සම්මාන ලද එක් ව්‍යාපෘතියකි. අනෙක් සම්මානය හිමිව ඇත්තේ ශ්‍රව්‍ය හා දෘෂ්‍යාබාධ සහිත පිරිස් වලට පරිගණක භාවිතය සදහා පහසුකම් සැපයෙන ව්‍යාපෘතියකටය.

කිරි නිෂ්පාදනයට තොරතුරු තාක්ෂණය

Image
(2009 ඔක්තෝබර් 01 - W3Lanka ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ආධාරයෙන් දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ  නියෝජිතායතනය (ICTA) පියවර ගනී. ජංගම දුරකථන භාවිත කරමින් දෛනික කිරි මිල ගණන්, අභිජනන කටයුතු ,කිරි ගවයින්ගේ සෞඛ්‍ය ආදී කිරි කර්මාන්තයට අතිශයින් වැදගත් තොරතුරු හා සේවා ගැන කෙටි පණිවිඩ (SMS) ඔස්සේ අවශ්‍ය තොරතුරු හා සේවා ලබා ගැනීමට කිරි ගොවියාට මෙමගින් හැකි බව නියෝජිතායතනයේ මෙහෙයුම් ප්‍රධානී රෙෂාන් දේවපුර පවසයි. කිරි කර්මාන්තය ජීවනෝපායක් වශයෙන් සාර්ථක ලෙස දැනට සිදු කරගෙන යනු ලබන කුරුණැගල දිස්ත්‍රික්කයට අයත් නාරම්මල සහ අලව්ව යන පශු වෛද්‍ය කොට්ඨාස කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) විසින් ක්‍රියාත්මක ඉ-සමාජ සංවර්ධන වැඩසටහන යටතේ දඹදෙණිය සංවර්ධන පදනම මගින් නියමු ව්‍යාපෘතියක් ලෙස දැනට මෙය ක්‍රියාත්මක කෙරේ. මේ අනුව ලියාපදිංචි කිරි ගොවීන්ට සංකේත අංකයක් ලබා දී තිබේ.එසේම කිරි ගොවීන්ට වැදගත් වන සේවා සහ තොරතුරු වර්ගීකරණය කර ඒ සදහා සංකේත නාමයන් ද කිරිගොවීන්ට ලබා ...