විශ්ව විද්‍යාල මුදා නොගත් ප්‍රදේශ: මානුෂික මෙහෙයුමක් දෙන්න - චම්පික


(2009 නොවැම්බර් 10 - W3Lanka) විශ්වවිද්‍යාල යනු එක් දේශපාලන කණ්ඩායමක් විසින් අල්ලාගෙන සිටින තවමත් මුදා නො ගත් ප්‍රදේශයක් බව පවසන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරිකයකු වන පරිසර හා ස්වභාවික සම්පත් ඇමති චම්පික රණවක උතුරු නැගෙනහිර මානුෂික මෙහෙයුම වැනි මානුෂික මෙහෙයුමකින් ඒවා ද මුදා ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේය.


ඔහු මෙම ඉල්ලීම කළේ ඊයේ රාත්‍රී රජයේ රූපවාහිනී හා ගුවන් විදුලිය ඔස්සේ විකාශය වූ ජනාධිපති ජන හමුව වැඩ සටහනේදී උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය හා අදාළව ජනාධිපතිවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට අදාළව අදහස් දක්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමති රණවකට ආරාධනා කළ අවස්ථාවේ ය. 


උතුරේ හා නැගෙනහිර මානුෂික මෙහෙයුමට දැඩි ලෙස පක්ෂව ක්‍රියාත්මක වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට හා එයට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණට එල්ල වූ රතු එළියක් වන මෙයට ප්‍රතිචාර ලෙස එම සංවිධාන තවම කිසිවක් ප්‍රකාශ කර නැත.


උතුරේ හා නැගෙනහිර මානුෂිකමෙහෙයුමෙන් දහස් ගණනක් සිවිල් වැසියන්ගේ ජීවිත හානි වූ අතර දසදහස් ගණනක් කොටි සාමාජිකයන් මරා දමන ලදී. ඇතැමුන් මරා දමනු ලැබුවේ සුදු කොඩි රැගෙන යටත් වීමට එමින් සිටියදී බව පසුගියදා ඇමරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කරන ලද ලංකාව පිළිබඳ වාර්තාවක සඳහන් වේ. එහෙත් රජය එය ප්‍රතික්ෂේප කර ඇත. අවතැන් වූ ලක්ෂ තුනක් ජනයා කඳවුරුවල සිරගත කරගෙන සිටින බව ජවිපෙ රජයට චෝදනා කරයි.

Comments

  1. වරදවා වටහාගෙන වගේ....චම්පික රණවක මහත්තය ඔය කියන්නෙ නවක වදය ගැන සහ ජෙප්පො, පළමු වසර සිසුන්ව බලෙන් පෙළපාලි වලට ගෙනයාම ගැන. ඔය ජේවීපී බය ගුල්ලො පළමු වසර සිසුන්ව ඉස්සරහට දාල බලන් ඉන්නව පොලිසියෙන් ඔවුනට වෙඩි තියෙනකන්....හරියට ප්‍රභාකරන් මිනිස් පලිහක් තියාගත්ත වගේ... ඔබතුමන්ලට අමතක වෙලා අති ඇමතිතුමා මොරටුව විශ්ව විද්‍යාලය ගැන ප්‍රශංසා කරපු හැටි...ඒ විශ්ව විද්‍යාලේ ඔය නවක වද, උද්ඝෝෂණ අල්ප නිසා ලෝකයේ ඉහලට ඇවිත්...මොකද ඒක අතුලේ ඔය අන්තරේ උන් සයිස් දාන්නෙ නැහැ

    ReplyDelete
  2. ඒ විශ්ව විද්‍යාලේ ඔය නවක වද, උද්ඝෝෂණ අල්ප නිසා ලෝකයේ ඉහලට ඇවිත්.

    ඔව් මොරටුව විශ්ව විද්‍යාලයේ තියෙන්නේ එක්සත් ජාතික පක්ශයට හිතවත් ශිෂය සංගම්
    ඇයි ඉතින් අපි ලංකාවත් එවැනි තැනකට ගෙන යන්නෙ නැත්තේ ??

    ReplyDelete
  3. තූර්ය:
    Sampoorna aththa kathawa.

    මල් මාමා:
    Kathawe point eka waradawa wataha ganna epa. Antharei, Jeppotai wada wena one union ekak hodai. Unge thela bedillai...balu wedai...heenamaanei ne

    Lankawe uni wala thiyena lokuma pililaya thama Anthare.

    ReplyDelete
  4. මෝරා වල ඔය යූනියන් සීන් නැහැ...ඔය මොන පක්සෙ යූනියන් තිබ්බත් කොල්ලො කෙල්ලො කරන්නෙ ඒව පස්සෙ යන්නෙ නැතුව ඉගෙන ගන්න නිසා තමයි ඒක ඉහලට යන්නෙ..නැතුව යූනියන් නිසා නෙවෙයි....නිකන් කෙල්ලො කොල්ලන්ගෙ බුද්ධිමත් කම තමන්ගෙ පොකට් එකට දාගන්න හදන්න එපා...

    ReplyDelete
  5. me gon harak danne neti kehelmal gena kata karannetuwa kata piyan innawanan meeta wada hodai.morawala Antare ne kiyala kawda kiyanne?mora un picketwalata ena heti danne api.nawaka shishyayo picketwala mulata dala jiwita anature demma 1 awastawak pennanna kiyala challenge karanawa.me gon harak wagema media gon harak dannet ne polisiya pena manekata eddi alut sisunwa araksha karanna parana sisun owunwa passata dala taman idiriyata ena bawa.ane media wala gon harak itin uda penagena nawaka sisun kiya kiya parana unwa pennanawa.
    janadipathige nagute ellila inna Champika Ranawakage katha gena apita hina wenna tamai tiyenne.anthare uge katawata uttara duunette muladeniyata wada uge balla kegahana bawa danna nisai.

    ReplyDelete
  6. බළලා මල්ලෙන් එලියට පැන ඇත. මා පැවසුවෙ මොරටුවේ උත්ඝොෂන අල්ප බවයි. නැති බව නොවේ. එහි අති බහුතරය ඉංජිනේරු(එම්.පී.ආර්) සිසුන් වන අතර ඔවුන්ගෙ ඉගෙනුම් කටයුතු නිසා පෙලපාලි යාමට තබා හිස සෙලවීමටවත් ඉඩක් නැත.නවක වදය සහ අනෙකුත් අමන වැඩවලට ඇදෙන්නෙ අනෙක් පීඨවල ඉතා සුලු පිරිසකි. ඔවුන් හුවා දක්වමින් බහුතරයක් වූ බුද්ධිමත් සිසුන්ට අපහස කිරීම හෙලා දැකිය යුතුය. විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නේ නැතිව පිස්සු නටන සමහරුන්ට හිත රිදී ඇති බව පෙනේ. අනෙක් අයට ගොන් හරක් යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ ඒක නිසා විය යුතුය. පෙලපාලි වල යන සිසුන්ගෙ ඇඟේ ඔවුන්ගෙ වසර සඳහන් කර නොමැත. එනිසා ඔබට කුමක් හෝ කියා ඇඟ බේරාගත හැක. තවද ඔවුන් තවම අමාරුවේ වැටී නැත්තේ ඔය අන්තරේ උන්ගේ ආදරය නිසා නොව ආණ්ඩුව බුද්ධිමත් ලෙස බලය පාවිච්චි නොකරන නිසාය. 88 - 89 කාලයේ වගේ හෙලිකොප්ටර් වලින් කැම්පස් වලට බැස බෙලි තුන හතරක් කපා ප්‍රදර්ශනයට තැබුවානම් ඔය එකෙක්වත් කෑගසන්නේ නැත. එසේ වූවානම් මුලාදෑනියා කවුද බල්ලන් කවුද කියා බලා ගත හැකිව තිබුනි.

    ReplyDelete
  7. අපිනොදන්න ලයිවු

    අන්තරේ ලොකු අයියලා ඉදිරියෙන්ම තමයි ගියේ මාධ්‍ය වල කැමරාවට

    අපේ කාලේදි ඔය අන්තරේ කැදවුම් කර කොන්ඩෙ පිර පිර මාධ්‍ය සාකච්චාවට ලැහැස්තිවෙනවා පොඩිවුන් පොලි​සියෙන් ගුටිකනකොට

    අනේ අනිච්චන්
    ඒ කාලේ කැමරා පොන්වත් තිබුනේ නැහැනේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප