පාතාල නායක ධනුෂ්කත් සුපුරුදු ලෙස පැන යන්න උත්සාහ කර පොලිස් වෙඩි පහරින් මිය යයි
(2009 නොවැම්බර් 07 - W3Lanka) කුරුණෑගල කෝටිපති ටියුෂන් ගුරුවරයකු මරා දැමීම පිළිබඳ අත්අඩංගුවට ගෙන සිටි, ඝාතන රැසකට සම්බන්ධ බව හෙළි වී තිබෙන බ්ලූමැන්ඩල් පාතාල කල්ලියේ නායකයාව සිටි ප්‍රින්ස් කොලම්ගේ ප්‍රධාන ගෝලයා වූ ධනුෂ්ක නමැත්තා ද නීතියෙන් දඬුවම් ලැබීමට පෙර ඔහුගේ අපරාධ සහායක ලොකු ලොක්කන් පිළිබඳ රහස් ද සඟවාගෙන වැල්ලව හිරිපිටිය ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ. ලංකාවේ එක් ප්‍රබල දේශපාලකයෙක් මෙම පාතාල කල්ලිය සමග කිට්ටු සම්බන්ධයක් පැවැත්වීය.
සුපුරුදු පරිදි මෙම අපරාධකරුවා ද වෙනත් අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට යද්දී පොලිසියට පහර දී පළා යාමට උත්සාහ කරද්දී පොලිසිය වෙඩි තබා තිබේ.
පසුගිය කාලයේ අත්අඩංගුවට ගන්නා ලද පාතාල අපරාධකරුවන් රැසක් ම මිය ගියේ මේ අන්දමටයි.

මේ මැට්ටො ඉගෙන ගන්නෙම නෑ නෙවැ. හැම එකාම පැනල යන්න හදන්නෙ හරි, ආයුධ හොයන්න ගියාම බෝම්බයක් අරගෙන දමල ගහන්න හදන්නේ හරි එකම විදියටනෙ. විජේවීර කළෙත් එහෙමයි. ගමනායක කළෙත් එහෙමයි. අනේ මුන්ට මේක කරන්න වෙන විදියක් හොයා ගන්ඩ බැරිද?
ReplyDelete