ජනරාල්‍ට ජනාධිපති ඡන්දයට එන්න ලැබෙන්නේ ජනාධිපති රාජපක්ෂ අවසර දුන්නොත් විතරමයි


(2009 නොවැම්බර් 09 - W3Lanka) 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්‌ඩලික ප්‍රධානී පනතේ අංක 3(1) වගන්තියෙන් යටතේ මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට මුල් අවස්‌ථාවේ පත්වීම අවුරුදු 2 ක් සඳහා වන මුත් අංක 3(3) වගන්තිය අනුව තම සේවා කාලය අවසන් වීමට පෙර ආරක්ෂක මාණ්‌ඩලික ප්‍රධානීට මෙම තනතුරින් ඉවත් වීමට අවශ්‍ය නම් ඔහු ඒ බව ලිපියක්‌ මාර්ගයෙන් ජනාධිපතිට දැනුම්දිය යුතු ය. එහෙත් අංක 3(4) වගන්තියෙන් කියැවෙන්නේ මෙකී ඉල්ලා අස්‌වීම ජනාධිපති විසින් පිළිගෙන ඒ බව ලිඛිතව දැනුම් දෙන තුරු ආරක්ෂක මාණ්‌ඩලික ප්‍රධානී රාජකාරී කටයුතුවලින් නිදහස්‌ නොවන බවත් එහි දිගටම නිරතව සිටිය යුතු බවත්ය.

මේ අනුව ජනරාල් සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න තීරණය කිරීමේ හැකියාව මුළුමනින් ම තිබෙන්නේ ජනාධිපතිවරයාට ය. 

ජනරාල් ෆොන්සේකා දැනට එළඹෙන දෙසැම්බරයෙන් පසු ඔහු සඳහා සේවා දිගු කිරීමක් නො කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතත්, ඔහු දැන් යටත් වන්නේ ආරක්ෂක මාණ්‌ඩලික ප්‍රධානී පනත යටතට නිසා එම ඉල්ලීම වලංගු නො වන බව නීති විශාරදයෝ කියති. ඒ අනුව තනතුරින් ඉල්ලා අස් වන බවට අලුතින් දැනුම් දීමට ජනරාල්වරයාට සිදු වනු ඇත.



1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ එකලොස්‌ වැනි වගන්තිය අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගත හැක්‌කේ ඡන්දයට ඉදිරිපත් වීමට සුදුසුකම් ඇති අයගෙන් පමණක්‌ බව සඳහන් වේ. ඒ අනුව යුද හමුදාවේ, නාවුක හමුදාවේ හෝ ගුවන් හමුදාවේ නිත්‍ය බලකායේ සේවය කරන කිසිවකුට නාමයෝජනා භාර දිය නො හැක.

2009 අංක 35 දරන මාණ්‌ඩලික ප්‍රධානී පනතට ඇතුළත් වී ඇත්තේ ද සාමාන්‍යයෙන් යුද හමුදා සේවයට අදාළ වගන්ති බැවින් ජනරාල්වරයාට ද ඉහත නීතිය අදාළ ය. 



Comments

  1. මේ නිතිය කොරන්න ගියෝතින් රජාට ගුටි කන්න තමයි වෙන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප