ජනරාල් ෆොන්සේකාගෙන් යුද අපරාධ පිළිබඳ ප්‍රශ්න කරන්නේ කාගේ උවමනාවටද?
(2009 නොවැම්බර් 02 - W3Lanka) දැනට එක්සත් ජනපදයේ ඔක්ලහෝමාහි සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා යුද අපරාධ චෝදනා පිළිබඳ සම්මුඛ පරීක්ෂණයකට භාජනය කිරීම වළක්වා ගැනීම සඳහා ලංකාවේ රජය එක්සත් ජනපදය සමග ඉහළ පෙළේ සාකච්ඡා පවත්වමින් සිටින බව ප්‍රංශයේ ෆ්‍රාන්ස්-24 පුවත් සේවය වාර්තා කරයි.
කොටි සංවිධානයේ නායකත්වයෙන් දියත් වූ දෙමළ ඊලාම් සටන පරදවා, තමන් මේ රට හිමි යයි විශ්වාස කරන සිංහල බහුතරයේ පාලනයට මුළු දිවයින ම යටත් කිරීම පිණිස සුවිසල් කාර්යභාරයක් කළ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ලංකාවේ දේශපාලකයන් විසින් බටහිර ක්‍රස්තියානි අධිරාජ්‍යවාදී රටක් ලෙස හඳුනා ගනු ලබන එක්සත් ජනපදයේ ග්‍රීන් කාඩ් පුරවැසිකම දිගු කර ගැනීම සඳහා අයදින තත්වයට පත් වීම පිළිබඳ සිංහල ජනයාගේ අවධානය යොමු වී තිබේ.
ජනරාල් ෆොන්සේකා සහ ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා ඔක්තෝබර් 23දා එක්සත් ජනපදයට ගියේ අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් වී තිබියදී ය. ඔවුන්ගේ චාරිකාවේ අඩක් හවායිහි එක්සත් ජනපද පැසිෆික් අණ දෙන මූලයේ අණදෙන නිලධාරි තිමති ජේ. කීටිංගේ විශ්‍රාම යාම නිමිත්තෙන් පැවති උත්සවයකට සහභාගි වීම සඳහා වූ නමුදු ලංකාවේ යුද අපරාධ පිළිබඳ කොංග්‍රස් වාර්තාව නිකුත් වීමෙන් පසු එක්සත් ජනපදය ජනරාල් ෆොන්සේකාට කළ ආරාධනය ඉවත් කර ගත්තේය. එබැවින් මෙම ගමන අවදානම් තත්වයක් මැද ගිය පෞද්ගලික චාරිකාවකි. මෙවැනි ගමනක අවදානම පිළිබඳ බුද්ධි අංශ සහ දේශපාලන බලධාරීන් ජනරාල් ෆොන්සේකාට උපදෙස් දුන්නේ නැද්ද? ඒ වගකීම ඔවුනට තිබිණි.
එහෙත් අද දින අයිලන්ඩ් පුවත්පතට ප්‍රකාශයක් කරන නම සඳහන් නො කළ රජයේ ඉහළ නිලධාරියෙක් පවසන පරිදි රජය එක්සත් ජනපදයේ සැලසුම් පිළිබඳ දැනගෙන සිට ඇත.
ඉහත උපුටාගැනීමේ දෙවන ඡේදයේ සඳහන් වන පරිදි යුද අපරාධ චෝදනා මත තවත් එක්සත් ජනපද පුරවැසියකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජනරාල් ෆොන්සේකා මූලාශ්‍රයක් ලෙස යොදා ගැනීමේ එක්සත් ජනපද සැලසුම් පිළිබඳව රජය කල් තබා දැනගෙන සිට ඇත.Criticizing a US to move ‘interview’ Chief of Defence Staff General Sarath Fonseka, now on a short visit to the US, the Sri Lanka government says an attempt is being made to target Defence Secretary Gotabhaya Rajapaksa.
Highly placed officials say the government is aware of a US move to use General Fonseka as a ‘source’ against the Defence Secretary, in their investigations targeting the retired infantryman as a possible war crimes suspect.
They said that initially the government believed the US move had been aimed at the Sri Lankan government as it came close on the heels of a recent US State Department report on war crimes, though subsequent inquiries revealed the target of the inquiry was none other than the Defence Secretary.
පසුගියදා එක්සත් ජනපද කොංග්‍රසයට ඉදිරිපත් කරන ලද ලංකාවේ යුද අපරාධ පිළිබඳ වාර්තාවේ ජනරාල් සරත් ෆොන්සේකා හමුදාවට යුද්ධයේ සම්මත නීති නො තකා හැර සුදු කොඩි රැගෙන යටත් වන්නට ආ කොටි කැරැලිකරුවන් පවා මරා දමන්නට සිදු වූ බව අම්බලන්ගොඩදී පැවති උත්සවයකදී කියා ඇතැයි මාධ්‍ය ආයතනයක් වාර්තා කර ඇති බව සඳහන් වේ.
ඇමරිකන්-වියට්නාම් යුද්ධය අවසන් කළ පැරිස් සාම ගිවිසුම අත්සන් කළ හෙන්රි කීසිංජර්ට 1973දී නොබෙල් සාම ත්‍යාගය හිමි වුව ද අද පවා ඔහු වියට්නාම් යුද සමයේ අපරාධ සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් එක්සත් ජනපදයෙන් බැහැර නොයයි.
මේ අතර, එක්‌සත් ජනපදයේ ස්‌වදේශ ආරක්‍ෂක කාර්යාලය ඉදිරියට කැඳවා ඇති ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් යුදමය තොරතුරු පිළිබඳ අනවශ්‍ය ප්‍රශ්න කිරීම් කළොත් තමන්ට හිතැති රටවල් සමග එක්‌ව ඇමරිකාවට එරෙහිව දිවි පරදුවට තබා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (01 දා) ප්‍රකාශ කළේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමරිකාවේ පදිංචිය සඳහා ඉල්ලුම් කර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව කී සෝමවංශ අමරසිංහ මහතා එකී පදිංචියට අදාළ බලපත්‍ර ලබා දීමට සාමාන්‍යයෙන් කෙරෙන ප්‍රශ්න කිරීම් වලට ඔබ්බෙන් මෙරට යුදමය ක්‍රියාමාර්ග හා ත්‍රස්‌තවාදය මර්දනය කිරීම පිළිබඳ තොරතුරු සරත් ෆොන්සේකා මහතාගෙන් විමසීමට ඇමරිකා එක්‌සත් ජනපදයට කිසිදු අයිතියක් නැතැයි ද ප්‍රකාශ කළේය.

සරා ගොයියා හරි මිනිහ//.........තුවක්කුවත් අතට අරන් දවසක් දඩයමේ ගියා................රාළහාමි මෙය දැකලා.............ගනින් යකෝ ලයිසම දැන්.........රාලහාමි මෝඩ උණා.
ReplyDelete