පේරාදෙනි සිසු මැරවරකම හා පරිසර ඇමතිගේ ශිෂ්‍ය දේශපාලන විග්‍රහය
(2009 නොවැම්බර් 02 - W3Lanka) සඳුදා නිවාඩු දිනයක් හෙයින් ගෙවී යමින් තිබෙන සති අන්තයේ විනෝද චාරිකා බහුල විය. එවැනි විනෝද චාරිකාවකට සහභාගී වෙමින් සිටි පොල් සංවර්ධන මණ්ඩලයේ සේවක පිරිසක් හා ඔවුන්ගේ පවුලේ උදවිය පෙරේදා (31) පස්වරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ ජයතිලක ශාලාව අසල දිවා ආහාරය ගනිමින් සිටියදී එම පිරිසෙන් කීප දෙනෙකු සරසවි සිසුන් සමග ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් පසුව විශ්වවිද්‍යාල සිසුන් 200ක පමණ පිරිසක් ඔවුනට පහර දී 15දෙනෙකුට තුවාල සිදු කර බස් රථ හතරකටද අලාභ හානි සිදු කර තිබේ. චාරිකාවට සම්බන්ධ වූ කිහිපදෙනෙකු බීමතින් සිට විශ්වවිද්‍යාල සිසුන් සමඟ බහින්බස් වීමක් සිදුව තිබෙන බව පොලිසිය පවසයි. විනෝද චාරිකාවක නියැලී සිටින පිරිසක් අතරින් කීපදෙනෙකු බීමත් වීමත්, බීමත්කම හේතුවෙන් යම් කලහකාරී තත්වයන් ඇති වීමත්, විනෝද චාරිකාවක යන රජයේ සේවක පිරිසක් රටේ මහජන මුදලින් පවත්වාගෙන යන ජාතික වස්තුවක් වන පේරාදෙනි සරසවිය අසල නැවතී දිවා ආහාර ගැනීමත් කිසි සේත් ම අසාමාන්‍ය නොවේ.
එහෙත්, තම පවුල්වල වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් බඳු පිරිසකට රංචුවක් ලෙස පැමිණ පහර දීම විසින් ප්‍රකාශ වන්නේ විශ්වවිද්‍යාලවල තිබෙන අවනීතික ශිෂ්‍ය බලාධිකාරයේ එක් පැතිකඩකි. රටේ සාමාන්‍ය නීතියට ඉහළින් සිට ගැනීමට මේ සිසුන්ට ඇති හිමිකම කුමක්ද?
වර්තමානයේ විශ්වවිද්‍යාලවල පවතින තත්වය පිළිබඳ 1980 දශකයේ අගභාගයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවකු ලෙස කලක් ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරකම් සමග ඉදිරියෙන් සිට පසුව ඉවත් වූ දැන් පරිසර හා ස්වාභාවික සම්පත් ඇමති චම්පික රණවක අද දිනමිණ පුවත්පතට දක්වන අදහස් කීපයක් සරසවිවල රජ කරන මෙම අවනීතිය හඳුනා ගැනීමට ඉවහල් වේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියා නිල සංවිධානයක් නෑ. ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමය මේ පිටුපස ඉන්නේ. ඒ අය මේක කෙලින් කියන්නේ නෑ. පහුගිය කාලේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් වශයෙන් සිටි සියලු දෙනාම පාහේ පළාත් සභාවලට ඇවිත් ඉන්නවා. අනිත් කරුණ විශ්වවිද්‍යාලවල නිල ශිෂ්‍ය සංගම් කිසිවක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක්ක සම්බන්ධයක් නෑ. මෙතන සිද්ධ වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාවලියක්.
එහිදී ඔවුන් සංවිධානාත්මකව තම ක්‍රියාධරයන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරවනවා. මේක පටන් ගන්නේ උසස් පෙළ විභාගයෙන්. ව්‍යාජ ලෙස විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. ව්‍යාජ හැඳුනුම්පත් හදලා උසස් පෙළ විභාගයට ලියනවා. ඒ හරහා ජ. වි. පෙ. ක්‍රියාධරයන් විශ්වවිද්‍යාලයට යනවා. මේ විදිහට හොර පාරේ විශ්වවිද්‍යාලයට ආපු ඔවුන්ට විභාග සමත් වෙන්න හැකියාවක් නෑ. ඒත් ඔවුන් කියන්නේ ශිෂ්‍ය දේශපාලනය කරන නිසා විභාග සමත් වෙන්න නොහැකි වුණා කියලා.
එහෙම වුණත් ඔවුන්ට රැකියා ලැබෙනවා. ඔවුන් ජනතා විමුක්ති පෙරමුණෙන් පළාත් සභාවලට හෝ පාර්ලිමේන්තුවට හෝ යනවා. ඒ නිසා මෙතන ජනතා විමුක්ති පෙරමුණේ සංවිධානාත්මක ක්‍රියාවලියක් සිදුවෙනවා කියන එක පැහැදිලියි.
විශ්වවිද්‍යාල ඇතුළේ 60,000 ක පමණ ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. ඉතින් අන්තරේට අවශ්‍යයි ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ඔවුන්ට විශාල ශක්තියක් තිබෙනවා කියා පෙන්නන්න. ඒ නිසා මේ වගේ ක්‍රියාවලට පළමු වසර සිසුන් බලහත්කාරයෙන් සම්බන්ධ කර ගන්නවා. සුදු ඇඳගෙන ප්රජාතන්ත්රවාදය, රටේ නිදහස ආදී ලොකු සංකල්ප ගැන කතා කරන ඔවුන් විශ්වවිද්‍යාල ඇතුළෙ කරන්නේ දරුවන් පීඩාවට පත්කරන එක. ඔවුන්ට හිතවාදී නොවන පත්තර කියවන්න දෙන්නේ නෑ. රූපවාහිනි නාලිකාවල ප්රවෘත්ති බලන්න දෙන්නේ නෑ.
ආපනශාලාවල, නේවාසිකාගාරවල ඔවුන්ගේ බලහත්කාර පාලනයක් තියෙන්නේ. ඔවුන් ක්‍රියාකරන්නේ හරියට වධකයෝ වගේ තමයි. අපේ විශ්වවිද්‍යාල දශක හතරක් තිස්සේ මේ සාපයෙන් පීඩා විඳිනවා.
මේ සාපයෙන් ගැලවුණු විශ්වවිද්‍යාල තියනවා. හොඳම උදාහරණය මොරටුව විශ්වවිද්‍යාලය. ඒකේ කවදාවත් උද්ඝෝෂණ නෑ. ආසියාවේ විශ්වවිද්‍යාල අතරින් 11 වැනි තැනට පත්වෙන්න ඒ විශ්වවිද්‍යාලයට හැකි වී තිබෙනවා. ඒක ජයවර්ධනපුර, කැලණිය හා රුහුණු විශ්වවිද්‍යාල මේ සාපයෙන් දැඩි සේ පීඩා විඳිනවා. ඒකට හේතුව ජ. වි. පෙ. ක්‍රියාධරයෝ මේ විශ්වවිද්‍යාලවල කලා පීඨවලට ඇතුළත් කරන නිසා.
ලංකාවේ අනෙක් සෑම ආයතනයකම වාගේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ද ප්රජාතන්ත්රවාදයක් නැහැ. දහස් ගණන් දෙමළ මිනිස්සුන්ගෙ ඔළු ගෙඩි වලට ඉහළින් බෝම්බ අතහරිමින් සාමය බලාපොරුත්තු වූ සමාජයක එවැන්නක් ගැන හිතන්නවත් සදාචාරමය අයිතියකුත් නැහැ.
ReplyDeleteඑහෙත් ජෙප්පන් සමග ඇති තරහ පිරිමහ ගන්න මුළු ශිෂ්‍ය ව්‍යාපාරයම අවතක්සේරු කිරීම නම් මට ඉවසන්න බැහැ. මොකද පේරාදෙනියෙ විශ්ව විද්‍යාලයට ඔය කියන ජාතියේ සුන්දරත්වය විදින්න එන අය නිසා ලොකු හානියක් වෙලා තියෙනව. ඉදිරියටත් වෙනවා. මෙම ලිපියේ සදහන් වන පරිදි මෙසේ විනෝද චාරිකා වල එන්නන් ඔය කියන ඉතා අහිංසක හැසිරීම් ඇත්තන් නම් කිසිම ගැටළුවක් නැහැ. නමුත් යථාර්තය ඊට වෙනස්. රටේ මහජනතාවට තමන්ගේ මුදලින් නඩත්තු වන විශ්ව විද්‍යාලයේ, සුන්දරත්වය විදිමින් දහවල් ආහාර ගැනීමට ඉඩ දීම නිසා අතීතය පුරා සිදුවූ විනාශ අපමණයි. පේරාදෙනිය ගැන දන්නා වුන්ට මේවා කීම අනවශ්‍ය වුවත් නොදන්නා අය මේවා දැන ගත යුතුයි.
1. ප්‍රසිද්ධ දේශපාලකයෙක් පරිපාලන නිලධාරිනියක් සමග රතී සුව විදීමට කැම්පස් සුන්දරත්වය තෝරා ගැනීම නිසා වරක් විශාල විනාශයක් සිදුවීම,
2.ඒ අන්දමින් රතී සුව විදීමට ආ කාන්තාව, පිරිමියා විසින් මරා දැමීම හා එය ශිෂ්‍යයන් පිට පැටවීමට මාධ්‍ය කටයුතු කිරීම නිසා ශිෂ්‍යයන් අපකීර්තියට පත්වීම,
3.නොහදුනන කාන්තා මළ සිරුරක් විශ්ව විද්‍යාල භූමියෙන් සොයා ගැනීම හා එයද පෙර පරිදි ශිෂ්‍යන්ගේ ගිණුමට බැරවීම නිසා ශිෂ්‍යයන් අපකීර්තියට පත්වීම,
4. පෙම් සුව හා රතී සුව විදීමට අවශ්‍ය පිටස්තර තරුණ තරුණියන්ට සරසවි භූමිය ක්ෂේම භූමියක් වන අන්දමේ සංස්කෘතියක් බිහිවී තිබීම හා එය ගලහ හංදියේ ත්‍රී රෝද රථ රියදුරන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වීම. ඒ ආශ්‍රිතව විශාල සමාජ හා විනය ගැටලු පැන නැගීම.
5. අවසානයේ සරසවි භූමිය සියලු පිටස්තරයන්ගේ කෝළම් මඩුවක් වීම.
පේරාදෙනියෙ ඔය ගැටළු පැන නගින්නෙම ආරක්ෂක අංශයේ දුර්වලතා නිසයි. පිටස්ත්තර මිනිස්සුන්ට විශ්ව විද්‍යාලය ඇතුලටම එන්න දීම වැරුද්දක් නෙවේද?
අනෙක් සෑම රාජ්‍ය ආයතනයකටම යද්දී කිරි පල්ල මිරිකා බලන රටක පේරාදෙනිය සරසවිට විතරක් ඇයි ඒක අදාළ නැත්තෙ? මහජනතාවගේ මුදලින් නඩත්තු වූ පළියට කිසිම විනයක් නැතිව අහු මුළු වල රිංගන්න දීම වල් බූරු නිදහසක් නොවේ ද?
රාජ්‍යයේ ආරක්ෂක භටයන්ගේ ආරක්ෂාව තුළ පේරාදෙනිය කැම්පස් එක පැවැතිය යුතු යැයි මේ ලියුම්කරු මොහොතකටවත් නොසිතයි. විශ්ව විද්‍යාලයේ බුද්ධිමතුන් දැන් නොමැතිවීම කෙසේ වුවත් එහි ආරක්ෂාව තහවුරු කළ ගැනීමට බුද්ධිමතුන්ට ආවේනික ක්‍රමවේදයක් සකසා ගැනීම අනිවාර්ය කාරණාවක්.
නැතනම් මෙවැනි සිදුවීම් ඉදිරියටත් වෙන එක සහතිකයි.
මේ කිසිම කතාවකින් හැගෙවෙන්නේ නැහැ සරසවි සිසුන් සදාචාරවාදී අහිංසකයන් බව. ඔහුන් පවා මේ දේවල් යහමින් කරනවා. ඒ නිසා මේ දේවල් ගැන කතා කළ යුත්තේ කුහකව නොවේ. නමුත් යම් කිසි සමාජයක සාමාජිකයන්ට ඒ සමාජයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් ආයතනගත විනය ආරක්ෂකයන්ගෙන් තම වගකීම ඉටු නොවන විට ඒ අවශ්‍යතාවන් වෙනුවෙන් සමාජයේ සාමාජිකයන්ම මැදිහත්වීම ස්වාභාවිකයි. සම්මත රාමුව තුළ එය නීතිය අතට ගැනීමක් ලෙස අර්ථ දැක්විය හැකියි. එහෙත් නීතිය හා නීතියේ ආරක්ෂකයන් ක්‍රියාත්මක නොවන අවස්ථාවක සාමාජය නීතිය අතට ගැනීම වැළැක්විය නොහැක්කේ නීතියට වඩා ඉහළින් මහජන මතය තිබිය යුතු නිසයි. එය ධනපති නීතිය ද පිළිගන්නා කරුණක්.
කොහොම වුනත් පේරාදෙනි සරසවි භූමියේ දී සිදු වී ඇත්තේ විය යුතු හොදම දේ නොවේ. එහෙත් එය විය යුක්තක්.
ප්රජාතන්ත්රවාදය ගැන චම්පික රණවකගෙන් ටීයුෂන් ගැනීම වදුරන්ගෙන් බණ ඇසීමකට වඩා දෙයක් නොවන බවත් මේ අවස්ථාවේ පැවැසිය යුක්තක්.
ශාන් - බුමුතුරුණු
මෙම ප්‍රතිචාරයෙහි අංක සදහන් කරමින් ගොනු කර ඇති කරුණු සදහන් කිරීමේ දී වැරුදි අවබෝධයක් එන පරිදි සදහන් වී තිබේ. එය මෙසේ නිවැරුදි කරමි.
ReplyDeleteඅංක 01 හා 02 අතර කිසිම සම්බන්ධයක් නැත. ඒ වා එකිනෙකට වෙනස් සිද්ධින් දෙකකි.
ශාන් - බුමුතුරුණු
www.bumuthurunu.wordpress.com
me blogkaru yatartaya deka me lipiya pala kaleda yanna gena wishala sekayak mathu we.manda ehi ethi woo siduweema api siyesin dutu bewini.pemini pirisa ayitiwasikam prakasha kale ematiwarayage lokukam sisunta penwamin wahasi bas domaminya.anek athata beematwa hesirunu wilasaya itha ashobana sheeliya.ma sitana andamata owunta sisun oya taramin selakuwa madiya.
ReplyDeleteme blogkaruta yantan ho molayak etnam meweni gon kata kiyanne neta.
horata lamun campus ena akarayak gena Champika Ranawaka pawasa eti wihiluwakda mehi dekwe.apa danna taramin ha apa atdakina andamin wishwa vidyalawala wadat hodin denumak ethi pirisa ayithin wenuwen aragala karana pirisai.anek athata moratuwa vishwa vidyalaya sisu aragala waladi pratamayenma sisun peminena vishwa vidyalayai.Champika Ranawakage wihilu e prakashayenma apata elidaraw we.wishwa vidyala gena me kiyana pattapal boru ha apa danna yatartaya hatpasin wenas.meweni boru petiraweemata mowun pawichchi karanne ek sisun pirisak. e '''''NIDAHAS SHISHYA KRIYAKARIN'''' LESA HEDINWENA PARIPALANAYE HA ANDUWE WARAPRASADA LABANA (ANAGATAYE E THULIN REKIYAWAK KESE HO LABANA BALAPOROTTU SAHITA),SIYA LABA PRAYOJANAYA PAMANAK SITANA,apa hodin danna sisu pirisak.e yatartaya danne apa pamanai.e sisun genada danne apa pamanai.
ME MADYA MULAWAN GEDI PITIN GILINA MINISUNTA DEYYANGEMA PIHITAYI.
@bumuthurunu
ReplyDeleteI agree with you.When we were at Peradeniya university,we also face similar events.Most of the visitors were drunken and behave like animals.Although we dont have right,we advice them to keep the place clean and behave well they try to hit us.Although we are peaceful students, no one will just forget such a thing.Thats why there are such problems once in few years.NOT DAILY OR MONTHLY BASIS.