ඉතින් දුවමු මාගම්මන - මතකද දැන් නිකවැරටිය?
මෙම බුදු රුව බෝ ශාඛයේ මුලකින් මතු වූ ගෙඩියක් බව ද එහි අසාමාන්‍යතා දුටු බව ද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර ජනමාධ්‍යයකට කියා තිබිණි. එහෙත් එම අසාමාන්‍යතා මිනිස් අතින් කරන ලද වෙනස්කම්දැයි ඔහු පවසා නැත.
කෙසේ වෙතත්, දැන් සසිය දහස් ගණනින් ජනයා එම ප්‍රාතිහාර්යය දැක බලා ගැනීමට ඇදෙමින් සිටිති. ප්‍රදේශයේ සල්පිල්, ත්‍රිරෝද රථ නැවතුම් හා නැවතුම්පළවල් ආදිය විවෘත වෙමින් තිබේ.
පසුගිය සමයේ මෙවැනි හාස්කම් නිසා දොළුකන්ද විහාරයේ පිරිත් පැන් බෙදූ අනුරාධපුරයේ නන්දවිමල හිමි ඇතුළු බොහෝ අය ධනවත් වූ අතර මාස කීපයකට පසු ජනයාට එම ස්ථාන පිළිබඳව අමතක විය.
කෙතරම් අමතක වී තිබේ ද යත් දොළුකන්ද පිළිබඳ අමතකව සිටි අප එම ස්ථානයේ නම දැනගැනීම සඳහා එකල එහි ගිය බැතිමත් වන්දනාකරුවන් ගණනාවකට කතා කළමුත් කිසිවෙකුට එය මතක තිබුණේ නැත. රට පුරා පිරිත් පැන් බෙදූ, ඇඹිලිපිටියේදී පිරිත් පැන් මදි වී චන්ද්‍රිකා වැව ම පිරිත් පැන් කළ හාමුදුරුවන් ගැන හාංකවිසියක්වත් මතක තිබුණේ නැත.
අපට මෙම නම් ගම් මතක් කර දුන්නේ එම ස්ථාන වන්දනාවේ නො ගිය එක් කලාකරුවෙකි.
අපි වගෙ මොඩ ජාතියක්....
ReplyDeleteමේක ඉන්දියානු විලාසිතාවක්.. ලංකාවේ වසර දහස් ගණනක ඉතිහාසය තුල සැගවී පවත්නා සමාජ ආශාවක්... බුද්ධාගමට අදාලම දෙයක් නොවුනත් මතු වන්නේ බුදු දහම තුලිනි.. නමුත් මේ කිසිවක් බුදු දහම හෝ දර්ශනයන් නොව හුදෙක් ගැමි, ගෝත්‍රික තත්වයන්ය. එවැනි දේ වලට දේශපාලන නායකයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා අසුවී සිටිති. ... අහෝ වැඩවසම් ලංකාව.. කෙදිනක ඔබ ගැලවේද මේ කැරපොත්තන්ගෙන්..
ReplyDeleteඅහෝ වැඩවසම් ලංකාව.. කෙදිනක ඔබ ගැලවේද මේ කැරපොත්තන්ගෙන්..
ReplyDelete