අන්තර්ජලයෙන් රාජපක්ෂලාට 'තර්ජනය කර' අත්අඩංගුවට පත් ගයාන් රාජපක්ෂගේ කතාව
(2009 නොවැම්බර් 08 - W3Lanka) පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත් වූ සිද්ධියක් වූ අන්තර්ජාලය හරහා ජනාධිපති මහින්ද රාජපක්ෂට තර්ජනය කළ ගයාන් රාජපක්ෂ නම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනිම පිළිබඳව අපෙන් ද බොහෝ දෙනා කරුණු විමසූ අතර, අප මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ද කරුණු විමසූමුත් කිසිදු තොරතුරක් දැනගැනීමට නො හැකි විය.
කෙසේ වෙතත් මේ ගයාන් රාජපක්ෂ පිළිබඳ විස්තරයක් අද සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වී තිබේ. ඒ අනුව සිද්ධිය මෙසේයි:
පසුගිය දිනෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලියන ලද ඊමේල් ලිපියක් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබී ඇත. එම ඊමේල් ලිපියේ කියා ඇත්තේ තමන් රාජපක්ෂට බිය නැති බව හා මෙම රාජපක්ෂවරුන් දෙදෙනා අතර ව්‍යභිචාරී සම්බන්ධයක් ඇති බවයි. අසභ්‍ය ඡායාරූප පහක් ද මෙම ඊමේල් ලිපියට අමුණා තිබී ඇත.
පසුව මෙම ඊමේල් පණිවුඩය ලැබුණු IP ලිපිනය අයත් වූ මාතලේ පිහිටි අන්තර්ජාල කැෆේ එකකින් අදාළ ඊමේල් ලිපිනය හිමි පුද්ගලයා සොයාගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ තම ඊමේල් ගිනුමට කිසිවකු හොරෙන් පිවිස ඇති බව හා තම නමින් යවන ලද ඊමේල්පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවයි. තම ඊමේල් ගිනුමේ මුරපදය ඔහු සිය පැරණි පෙම්වතියට දී තිබී ඇත.
එම පෙම්වතිය සිය වත්මන් පෙම්වතා වන ගයාන් රාජපක්ෂට එම මුරපදය ලබා දී ඇති අතර කෙල්ලගේ පැරණි පෙම්වතා අමාරුවේ දැමීම පිණිස කිසිදු පදනමක් නැති මේ වල් ඊමේල්පණිවුඩය යවා තිබෙන්නේ ඔහු විසිනි.
සන්ඩේ ලීඩර් පුවත්පත මෙම කතාව වාර්තා කරන්නේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ නන්දන මුණසිංහ මූලාශ්‍රය කර ගනිමිනි.
මෙම සිද්ධිය පදනම් කරගෙන ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ප්‍රශ්නයක් මතු කිරීමට ඇතැමුන්ට අවශ්‍යව තිබූ මුත් මෙවැනි සිදුවීම් අප නම් දකින්නේ වගකීම් විරහිත උන්මත්තකයන්ගේ හා පටු ආත්මාර්ථකාමීන්ගේ ක්‍රියා ලෙසයි. පදනම් විරහිත චරිත ඝාතන කරන හා ජනතාව නො මග යවන මෙවැනි පුද්ගලයන් අන්තර්ජාලයේ වැසි වැස තිබේ.
ගයාන් රාජපක්ෂ වැටුණේ අනුන්ට කැපූ ගැඹුරු වලකයි. ඔහු කැපූ වල අද කාලේ හැටියට එසේ මෙසේ වලක් නොවේ. ඔහු ඇත්තෙන්ම සැලසුම් කර ඇත්තේ කෙල්ලගේ පරණ කොල්ලා නො එන ගමන් යවන්නටයි.
එහෙත්, වීඩියෝ කැමරා ඉදිරිපිට ප්‍රසිද්ධියේ මිනිසුන් මරන උන්මත්තක පොලිස් නිලධාරීන් පිළිබඳ කියවෙන වර්තමානයේ නිවැරදිව මෙම සිද්ධියේ සුල මුල සොයා ගිය බව පෙනෙන රහස් පොලිසිය වගකීමෙන් කටයුතු කර ඇති බව පෙනේ. එසේ නම් අර මල් මිට ඔවුන්ටයි.

මේ කතාව පොලිසිය කියන එකකි. ඔබ ඔවුන් විශ්වාස කිරීමට සූදානම්ද?
ReplyDeleteගයාන් රාජපක්ෂ කෙනෙක් සිංහල යුනිකෝඩ් සංසදයේ සිටියේය. Google කර බලන්න. මේ දෙදෙනකු විය හැකිය. එක් පුද්ගලයකු නම් පොලිසිය කියන දේ පිළිගැනීමට මම පැකිළෙමි.
ගයාන් රාජපක්ෂ කියන්ෙන් ගාර්ප් සිංහල මෘදුකාංගය හදපු ගයාන් රාජපක්ෂම ද? නැත්නම් ෙවන ෙකනක් ද?
ReplyDeleteඅනෙ මම නං නෙමෙ' හි හි හි
ReplyDelete