Posts

Showing posts with the label ඊමේල්

අන්තර්ජලයෙන් රාජපක්ෂලාට 'තර්ජනය කර' අත්අඩංගුවට පත් ගයාන් රාජපක්ෂගේ කතාව

Image
(2009 නොවැම්බර් 08 - W3Lanka ) පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත් වූ සිද්ධියක් වූ අන්තර්ජාලය හරහා ජනාධිපති මහින්ද රාජපක්ෂට තර්ජනය කළ ගයාන් රාජපක්ෂ නම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනිම පිළිබඳව අපෙන් ද බොහෝ දෙනා කරුණු විමසූ අතර, අප මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ද කරුණු විමසූමුත් කිසිදු තොරතුරක් දැනගැනීමට නො හැකි විය.  කෙසේ වෙතත් මේ ගයාන් රාජපක්ෂ පිළිබඳ විස්තරයක් අද සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වී තිබේ. ඒ අනුව සිද්ධිය මෙසේයි: පසුගිය දිනෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලියන ලද ඊමේල් ලිපියක් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබී ඇත. එම ඊමේල් ලිපියේ කියා ඇත්තේ තමන් රාජපක්ෂට බිය නැති බව හා මෙම රාජපක්ෂවරුන් දෙදෙනා අතර ව්‍යභිචාරී සම්බන්ධයක් ඇති බවයි. අසභ්‍ය ඡායාරූප පහක් ද මෙම ඊමේල් ලිපියට අමුණා තිබී ඇත.  පසුව මෙම ඊමේල් පණිවුඩය ලැබුණු IP ලිපිනය අයත් වූ මාතලේ පිහිටි අන්තර්ජාල කැෆේ එකකින් අදාළ ඊමේල් ලිපිනය හිමි පුද්ගලයා සොයාගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ තම ඊමේල් ගිනුමට කිසිවකු හොරෙන් පිවිස ඇති බව හා තම නමින් යවන ලද ඊමේල්පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවයි. තම ඊමේල් ගිනුමේ මුරපදය ඔහු ස...