රජයේ පොරොන්දු වෘත්තීය සමිති පිළි නො ගනිති. අකුරට වැඩ අද සිට
(2009 නොවැම්බර් 11 - W3Lanka) 2009 වසරේදී තෙල් සංස්ථා, විදුලි බල මණ්ඩල හා වරාය සේවකයන්ට ලබා දීමට නියමිතව තිබූ වැටුප් වැඩි වීම් මේ වසරේ නොවැම්බර් මාසයේ සිට බලපාන පරිදි ලබන ජනවාරි මාසයේ සිට ගෙවීමට රජය ගෙන තිබෙන තීරණය එම ආයතනවල වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව සැලසුම් කළ පරිදි අකුරට වැඩ ව්‍යාපාරය අද සිට අරඹෙන බව වෘත්තීය සමිති පවසති.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට සියයට 22ක වැටුප් වැඩිවීමක් ලබාදීමට රජය තීරණය කර ඇති බව ද. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන්ට ද ඔවුන්ට නියමිත වැටුප් වැඩි කිරීමටත් තීරණය කර ඇති බව ද අද දිනමිණ වාර්තා කළේය. එහෙත් අකුරට වැඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹී සිටින ජල සම්පාදන මණ්ඩල සේවකයන් පිළිබඳ එහි කිසිවක් සඳහන් වන්නේ නැත.
මේ පිළිබඳව අදහස් දක්වන වෘත්තීය සමිති නායකයන් පවසන්නේ අදාළ වැටුප් වැඩි වීම් 2009 ජනවාර් සිට හිඟ වැටුප් සමග වහා ලබා දිය යුතු බවයි.
මේ අතර, ඛනිජ තෙල් හිඟයක් ඇති වේ ය යන බිය නිසා ඊයේ සිට ම ඉන්ධනහල් ඉදිරිපිට දිග පෝලිම් දක්නට ලැබිණි.

මේක තවම රටක් වෙලා නැහ...
ReplyDelete