මිහිතලය උණුසුම් වීම ගැන අවධානය යොමු කරන්න නේපාල කැබිනට්ටුව හිමාලයේදී රැස්වේ
(2009 නොවැම්බර් 04 - W3Lanka) හිමාලය ආශි්රත කලාපයට ගෝලීය උණුසුමෙන් ඇතිවන බලපෑම කෙරේ ලෝකයේ අවධානය යොමුකරනු පිණිස නේපාලයේ කැබිනට් මණ්ඩලය මුහුද් මට්ටමෙන් මීටර් 5360 ක උසකින් පිහිටි එවරස්ට් මූලික කඳවුරේදී රැස් වනු ඇති බව එරට වන කටයුතු පිළිබඳ ඇමැති දීපක් බොහොරා නිවේදනය කරයි.
දෙසැම්බර් 7 - 18 අතර ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැත්වෙන දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුව හමුවේ මිහිතලය උණුසුම් වීම හේතුවෙන් හිමාලයේ හිම කඳු දිය වී බිලියන 1.3ක් ජනතාවගේ ජීවිතවලට ගංවතුරින් හා නියඟයෙන් ඇති වන බලපෑම පිළිබඳ ලෝක අවධානය යොමු කර ගැනීම මෙම කැබිනට් රැස්වීමෙහි අරමුණයි.
ගෝලීය උණුසුමින් මූදු මට්ටම ඉහළ යාමේ අවදානම ගැන ලෝක අවධානය යොමු කිරීමට මාලදිවයින් රජය සති කීපයකට පෙර මූදු පත්ලේ කැබිනට් රැස්වීමක් පැවැත්වීම ආදර්ශයට ගනිමින් නේපාලය මෙම පියවර ගෙන තිබේ.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.