Posts

Showing posts with the label මිහිතලය උණුසුම් වීම

ධනවාදය නම් ඔටුවාගේ කොන්ද කැඩෙන පිදුරු ගස දේශගුණික විපර්යාසය ද?

Image
(2011 පෙබරවාරි 08,  W3Lanka ) මේ මොහොත වන විට ලංකාවේ ගංවතුරින් හා අධික වැසි හා සම්බන්ධ වෙනත් හේතු මත අවතැන් වී තිබෙන ජන සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි. ජීවිත හානි සංඛ්‍යාව අඩු මුත්, මේ වනාහි 2004 වසරේ ඇති වූ සුනාමිය වැනි තත්වයකි. පවුල් 333,986 කට අයත් පුද්ගලයන් 1,249,533 දෙනකු පීඩාවට පත් වී ඇති බව අද දිනමි පුවත්පත සඳහන් කරයි. එහෙත්, සුනාමි අවස්ථාවේ මෙන් දේශීය හෝ විදේශීය ජනයා විපතට පත් වූවන්ට ආධාර කිරීමට ඉදිරිපත් වී නැත. ලංකාවේ මහ තැන්වල සිට සුනාමි ආධාර වංචා කළ ආකාරය ලෝකයට ප්‍රසිද්ධ වීම මේ තත්වය ඇති වන්නට එක් හේතුවක් වන්නට ද පුළුවන. ගංවතුරින් හානියට පත් ප්‍රදේශවල මේ වන විට දැඩි ආහාර අර්බුදයක් ඇති වී තිබෙන බව ද වාර්තා වේ. අනිවාර්යයෙන් ම මෙවැනි ස්වාභාවික විපත් පසුපසින් වසංගත, මන්ද පෝෂණය හා දරිද්‍රතාව පැමිණෙයි. ලංකාවේ ගංවතුරින් වැඩි ම හානි සිදු වී ඇත්තේ අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය, වවුනියා, කිලිනොච්චි, මන්නාරම වැනි කෘෂිකාර්මික දිස්ත්‍රික්කවලටයි. ගොවිජන සේවා හා වනජීවී ඇමති එස්.එම්. චන්ද්‍රසේන පවසන පරිදි කුඹුරු අක්කර ලක්ෂ පහක් වතුරින් යට වී එයින් ලක්ෂ තුනක...

වසර 2100 වන විට කොළඹ වතුර යට

Image
(2009 නොවැම්බර් 26 - W3Lanka ) පාරිසරික විද්‍යාඥයන් 26දෙනෙකු විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන පරිදි 2007 දී නිගමනයකර තිබූ ප්‍රමාණයට වඩා දෙගුණයක වේගයකින් මිහිතලය උණුසුම් වන අතර වසර 2100 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 7කිනුත්, මුහුදු මට්ටම මීටරයකට වඩා වැඩි ප්‍රමාණයකිනුත් ඉහළ යනු ඇත. ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු කලින් සිතුවාට වඩා වේගයෙන් දිය වෙමින් ඇති අතර මුහුදු මට්ටම 1995 සිට වසරකටමිලිමීටර 3.4කින් ඉහළ යමින් ඇති බව වාර්තාව පෙන්වා දෙයි.  රටවල් 190කට වැඩි ගණනක සහභාගිතවයෙන් දෙසැම්බර් 7දා සිට 16දා දක්වා කෝපන්හේගන්හිදී පැවැත්වීමට නියමිත ජගත් පාරිසරික සමුළුවේදී හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට අදාළ ගිවිසුමක් සඳහා එකඟතාව ඇති කර ගැනීමට බලාපොරොත්තු වේ.

මිහිතලය උණුසුම් වීම ගැන අවධානය යොමු කරන්න නේපාල කැබිනට්ටුව හිමාලයේදී රැස්වේ

Image
(2009 නොවැම්බර් 04 - W3Lanka ) හිමාලය ආශි‍්‍රත කලාපයට ගෝලීය උණුසුමෙන් ඇතිවන බලපෑම කෙරේ ලෝකයේ අවධානය යොමුකරනු පිණිස නේපාලයේ කැබිනට් මණ්ඩලය මුහුද් මට්ටමෙන් මීටර් 5360 ක උසකින් පිහිටි එවරස්ට් මූලික කඳවුරේදී රැස් වනු ඇති බව එරට වන කටයුතු පිළිබඳ ඇමැති දීපක් බොහොරා නිවේදනය කරයි. දෙසැම්බර් 7 - 18 අතර ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැත්වෙන දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුව හමුවේ මිහිතලය උණුසුම් වීම හේතුවෙන් හිමාලයේ හිම කඳු දිය වී බිලියන 1.3ක් ජනතාවගේ ජීවිතවලට ගංවතුරින් හා නියඟයෙන් ඇති වන බලපෑම පිළිබඳ ලෝක අවධානය යොමු කර ගැනීම මෙම කැබිනට් රැස්වීමෙහි අරමුණයි.  ගෝලීය උණුසුමින් මූදු මට්ටම ඉහළ යාමේ අවදානම ගැන ලෝක අවධානය යොමු කිරීමට මාලදිවයින් රජය සති කීපයකට පෙර මූදු පත්ලේ කැබිනට් රැස්වීමක් පැවැත්වීම ආදර්ශයට ගනිමින් නේපාලය මෙම පියවර ගෙන තිබේ.