ලෝකයේ සිව්වන නරක ම ආඥාදායකයා ලංකාවේ සංචාරයක
(2009 නොවැම්බර් 12 - W3Lanka) 2009දී පැරේඩ් සඟරාව ලෝකයේ සිව්වන නරක ම ආඥාදායකයා ලෙස නම් කරන ලද බුරුමයේ හෙවත් මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ ඉහළ ම නායකයා වන ජ්‍යේෂ්ඨ ජනරාල් තාන් ෂ්වේ දින හතරක නිල සංචාරයක් සඳහා අද (12) දිවයිනට පැමිණෙයි.
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන මියන්මාර් රාජ්‍ය නායකයා මහනුවර ශ්‍රී දළඳා මාලිගාව, අනුරාධපුර පූජනීය ස්ථාන ආදියේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. තාන් ෂ්වේ මහතා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.
1933දී මින්සු නම් ගමක ඉපිද, ලියුම් බෙදන්නකු ලෙස වැඩ කරමින් සිට බ්‍රිතාන්‍ය බුරුම හමුදාවට බැඳුණු තාන් ෂ්වේ 1962දී ජනරාල් නේවින්ගේ හමුදා කුමන්ත්‍රණයට සහභාගි විය. එතැන් සිට හමුදවේ වේගයෙන් උසස්වීම් ලද හේ බුරුමයේ පාලක සමාජවාදී වැඩසටහන් පක්ෂයේ ද ඉදිරි පෙළ නායකයකු වූයේ ය.
1992දී රාජ්‍ය නායකයා, ආරක්ෂක ලේකම්, ප්‍රධාන හමුදා අණ දෙන නිලධාරි සහ පාලක සභාවේ සභාපති යන තනතුරුවලට පත් තාන් ෂ්වේ බුරුමය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමට දැඩිව ම විරුද්ධ අයෙකි. තරමක් ගුප්ත ගතිගුණ ඇති අඩුවෙන් මාධ්‍ය හමුවට එන, දැඩි ලෙස සාත්තර විශ්වාස කරන මෙම රාජ්‍ය නායකයා සැට විය එළඹුණ පසු සරළ ලෙස සිය සේවය තමන් විසින් ම දීර්ඝ කර ගනු ලැබුවේ මියෙන තුරාවට ම බලයේ සිටින බව පෙන්වමිනි.
පසුගියදා ඔහු සිය දියණියගේ විවාහෝත්සවය පැවැත්වූයේ ෂැම්පේන් හා දියමන්ති වැනි සුඛෝපභෝගී වස්තු මැදයි. ඔහුගේ ආර්ථික කළමනාකරණය තුළ බුරුම ජනතාව දැඩි ලෙස දුප්පත් වී තිබේ.

Narakama kena kawuda ??
ReplyDeleteඅනේ වාසනාවන්, අපිට තවත් කීයක් හරි මෙදා මුරේත් අඩුවෙ මිලට බුරුමෙන් කැකුලු හාල් ටිකක් එවනවානම්.
ReplyDeleteBirds of feather......
ReplyDelete