Posts

Showing posts with the label බුරුමය

ලංකාවේ ‘‘තෙවන ලොව මිතුරෝ’’ බුරුමයේ කහ සිවුරේ අරගලය සමරති | Sri Lankans commemorate Saffron Struggle of Burma

Image
( 2010 සැප්තැම්බර් 25,  W3Lanka )  1990 මැයි 27 වනදා බුරුමයේ පැවති මහ මැතිවරණයෙන් අවුන්  සාන් සුකීගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන ජාතික  ලීගය 90‍% කටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනාගනිමින් ජය හිමි  කර ගත්ත ද බුරුම හමුදා ජුන්ටා පාලනය විසින් සුකී ඇතුලු ඡන්දයෙන්  තේරී පත්වූ ආණ්ඩුව සිරගත කරමින් මේ දක්වා විසි වසකට ආසන්න  කාලයක් ඉතාමත් කෲරතර පාලනයක් ගෙන යමින් සිටිති. විවිධ අවස්ථාවලදී හමුදා පාලනයට එරෙහිව මතුව ආ ජනතා  විරෝධයන් අති නිහින ලෙස මර්ධන කළ ජුන්ටාව 2007 සැප්තැම්බර් ම ස එරට භික්ෂුන් විසින් ආරම්භ කරන ලද අවිහිංසාවාදී ප‍්‍රබල  විරෝධතාව ද මැඩපවත්වන ලද්දේ සියගණනක් ඝාතනය කරමින් සහ  සිර අඩස්සියට පත්කරමිනි. විශේෂයෙන්ම මෑත භාගය තුළ බුරුම හමුදා පාලනය සහ ශී‍්‍ර ලංකා  රජයත් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් ගොඩනැගී ඇති අයුරු අපි  දකිමු.  මේ පාලකයෝ එහි යති එති. වෙනත් අසැල්වැසි රටවලට පවා නොයන බුරුම හමුදා නිලධාරීන්ට ද සංචාර සඳහා ඇරයුම් ලැබෙන්නේ ශී‍්‍ර ලංකාවෙනි. සිය ගණනක් භික්ෂුන් ඝාතනය කළ බුරුම හමුදා නායකයා 2009...

අපි බුරුමය පසුපස - බුරුමය අප පසුපස

Image
(2010 ජනවාරි 07 -W3Lanka) බුරුමය වත්මන් පාලනය යටතේ ලකාවට සිටින අඹ යහළු රටකි. අපේ පාලකයෝ බුරුමය අනුගමනය කරති. බුරුමය අපේ පාලකයන් අනුගමනය කරයි.  ලංකාව තිස්සනායගම්ට විසි වසරක සිර දඬුවමක් දුන්නේය. දැන් බුරුමය විදේශයක සිට පවත්වාගෙන යන බුරුම ප්‍රජාතන්ත්‍රවාදී හඬ මාධ්‍යයට වාර්තා සැපයුවේ ය යන චෝදනාව මත හ්ලා හ්ලා වින් නම් නිදහස් වීඩියෝ වාර්තාකාරියකට විසි වසරක සිර දඬුවමක් දී ඇත.  පසුගිය සැප්තැම්බරයේ සිට අත්අඩගුවේ සිටින මෙම 25 වියේ පසු වන මාධ්‍යකාරියට ඔක්තෝබරයේදී සත් වසක සිර දඬුවමක් නියම කරන ලදී. ඇයට සහාය දැක්වූ පුද්ගලයෙකුට 26 වසරක සිර දඬුවමක් නියම කර තිබේ. අඩු වශයෙන් බුරුම මාධ්‍ය හා බ්ලොග්කරුවන් 13දෙනෙකුවත් රළු තත්වයන් තුළ සිරගත කර තිබේ. රාජපක්ෂ පාලනය යටතේ ලංකාවේ තත්වය ද මෙය වීමට පුළුවන. බ්ලොග්කරුවනි බිය වන්න!

ලෝකයේ සිව්වන නරක ම ආඥාදායකයා ලංකාවේ සංචාරයක

Image
(2009 නොවැම්බර් 12 - W3Lanka ) 2009දී පැරේඩ් සඟරාව ලෝකයේ සිව්වන නරක ම ආඥාදායකයා ලෙස නම් කරන ලද බුරුමයේ හෙවත් මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ ඉහළ ම නායකයා වන ජ්‍යේෂ්ඨ ජනරාල් තාන් ෂ්වේ දින හතරක නිල සංචාරයක් සඳහා අද (12) දිවයිනට පැමිණෙයි.  ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන මියන්මාර් රාජ්‍ය නායකයා මහනුවර ශ්‍රී දළඳා මාලිගාව, අනුරාධපුර පූජනීය ස්ථාන ආදියේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. තාන් ෂ්වේ මහතා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය. මෙම චාරිකාව සිදු වන්නේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟාගෙන 60 වසරක් පිරීම නිමිත්තෙනි. පසුගිය ජුනි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ද බුරුමයේ චාරිකාවක නියැලුණ අතර දෙරට අතර ගමන්වලදී රාජ්‍ය තාන්ත්‍රික හා සේවා ගමන් බලපත්‍ර හිමියන්ට වීසා නැතිව එම ගමන්වල යෙදීමට හැකි වන පරිදි ගිවිසුමක් අත්සන් කරන ලදී.  1933දී මින්සු නම් ගමක ඉපිද, ලියුම් බෙදන්නකු ලෙස වැඩ කරමින් සිට බ්‍රිතා...

බුරුම මිලිටරි ජුන්ටාවේ ලොක්කා වීසා නැතිව මේ සතියේ ලංකාවට

Image
(2009 නොවැම්බර් 09 - W3Lanka ) බුරුමයේ හෙවත් මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ ඉහළ ම නායකයා වන ජ්‍යේෂ්ඨ ජනරාල් තාන් ෂ්වේ මේ සති අන්තයේ තුන් දින සංචාරයක් සඳහා ලංකාවට එන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.  මෙම චාරිකාව සිදු වන්නේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟාගෙන 60 වසරක් පිරීම නිමිත්තෙනි. පසුගිය ජුනි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ද බුරුමයේ චාරිකාවක නියැලුණ අතර දෙරට අතර ගමන්වලදී රාජ්‍ය තාන්ත්‍රික හා සේවා ගමන් බලපත්‍ර හිමියන්ට වීසා නැතිව එම ගමන්වල යෙදීමට හැකි වන පරිදි ගිවිසුමක් අත්සන් කරන ලදී.  ඒ අනුව දැන් මේ පිරිස එනවා ඇත්තේ වීසා නැතිව ය.      ඒ අකාරයේ ගිවිසුම් ඕස්ට්‍රේලියාව, ඉතාලිය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ජපානය වැනි රටවල් සමග අත්සන් කිරීමට හැකි වේ නම් ලංකාවේ ප්‍රශ්න සෑහෙන දුරට විසඳෙන බව අපේ බුද්ධිමත් පාඨකයෝ පවසති. මක් නිසා ද යත් ලංකාවට වින කරන වැඩි දෙනෙක් ඒ රටවල්වලදී 'ගල්' වූ විට මේ රට නිදහස් වන නිසා ය.  1933දී මින්සු නම් ගමක ඉපිද, ලියුම් බෙදන්නකු ලෙස වැඩ කරමින් සිට බ්‍රිතාන්‍ය බුරුම හමුදාවට බැඳුණු  තාන් ෂ්වේ 1962දී ජනරාල් ...