දරුවන් මරණ රුබෙල්ලා එන්නත්වල නිෂ්පාදිත දිනයක් නැහැ

(2009 ඔක්තෝබර්  14 - W3Lanka) කුඩා දැරියන් දෙදෙනෙකුට මරු කැඳවූ ජාතික ප්‍රතිශක්‌තිකරණ ව්‍යාපාරයට අයත් රුබෙල්ලා එන්නත්වල නිෂ්පාදිත දිනය පිළිබඳව සඳහන් කර නොතිබීම ගැටලුවක්‌ බව හා එම තොගය මෙම නොවැම්බර් මාසයේදී කල් ඉකුත්වන බව මහාචාර්ය සේනක බිබිලේ අනුස්‌මරණ සංවිධානය පවසයි.

කල් ඉකුත් වීමට ආසන්න බෙහෙත් වර්ග හා බාල බෙහෙත් වර්ග ගෙන්වීමෙන් විශාල කොමිස්‌ ගැනීමක්‌ සිදුකරන බව පසුගිය කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා එල්ල වූ බවද  මහාචාර්ය සේනක බිබිලේ අනුස්‌මරණ සංවිධානයෙහි ලේකම් වෛද්‍ය ජයන්ත බණ්‌ඩාර මහතා පවසයි.


වාරියපොල මිනුවන්ගැට මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් තිදෙනකු රුබෙල්ලා එන්නත විදීමෙන් පසු ඇති වූ අසාත්මිකතා හේතුවෙන් ඉකුත් සෙනසුරාදා වාරියපොල දිස්‌ත්‍රික්‌ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 13 හැවිරිදි අශාන්ති වාසනා නමැති ශිෂ්‍යාව‌ වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර සිටියදී ඔක්තෝබර් 12 දා රාත්‍රියේ මිය ගියාය.

2009 මාර්තු මාසයේදී මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ 12 හැවිරිදි පේෂලා හංසනී ශිස්‍යාව ද‌ රුබෙල්ලා එන්නත විදීමෙන් පසු මිය ගිය ගියාය.


ලංකාවේ දේශපාලකයන් හා නිලධාරීන් රජයට සැපයුම් ලබා ගැනීමේදී සැපයුම්කරුවන්ගෙන් කොමිස් ඇතුළු අයථා ලාභ ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත් වි තිබෙන අතර මේ වන විට සියලු මිළ දී ගැනීම් මෙම කොමිස් ජාවාරම් මත රඳා පවතින තත්වයක් නිර්මානය වී තිබේ. මෙහි භයානක ම පැතිකඩ වන්නේ මේ අයථා ලාභ හේතුවෙන් බදු ගෙවන ජනයාට ම ජීවිතවලින් වන්දි ගෙවන්නට පවා සිදු වීමයි. 

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)