බුරුම මිලිටරි ජුන්ටාවේ ලොක්කා වීසා නැතිව මේ සතියේ ලංකාවට


(2009 නොවැම්බර් 09 - W3Lanka) බුරුමයේ හෙවත් මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ ඉහළ ම නායකයා වන ජ්‍යේෂ්ඨ ජනරාල් තාන් ෂ්වේ මේ සති අන්තයේ තුන් දින සංචාරයක් සඳහා ලංකාවට එන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි. 

මෙම චාරිකාව සිදු වන්නේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟාගෙන 60 වසරක් පිරීම නිමිත්තෙනි. පසුගිය ජුනි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ද බුරුමයේ චාරිකාවක නියැලුණ අතර දෙරට අතර ගමන්වලදී රාජ්‍ය තාන්ත්‍රික හා සේවා ගමන් බලපත්‍ර හිමියන්ට වීසා නැතිව එම ගමන්වල යෙදීමට හැකි වන පරිදි ගිවිසුමක් අත්සන් කරන ලදී. 




ඒ අනුව දැන් මේ පිරිස එනවා ඇත්තේ වීසා නැතිව ය. 
  
ඒ අකාරයේ ගිවිසුම් ඕස්ට්‍රේලියාව, ඉතාලිය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ජපානය වැනි රටවල් සමග අත්සන් කිරීමට හැකි වේ නම් ලංකාවේ ප්‍රශ්න සෑහෙන දුරට විසඳෙන බව අපේ බුද්ධිමත් පාඨකයෝ පවසති. මක් නිසා ද යත් ලංකාවට වින කරන වැඩි දෙනෙක් ඒ රටවල්වලදී 'ගල්' වූ විට මේ රට නිදහස් වන නිසා ය. 

1933දී මින්සු නම් ගමක ඉපිද, ලියුම් බෙදන්නකු ලෙස වැඩ කරමින් සිට බ්‍රිතාන්‍ය බුරුම හමුදාවට බැඳුණු  තාන් ෂ්වේ 1962දී ජනරාල් නේවින්ගේ හමුදා කුමන්ත්‍රණ‍යට සහභාගි විය. එතැන් සිට හමුදවේ වේගයෙන් උසස්වීම් ලද හේ බුරුමයේ පාලක සමාජවාදී වැඩසටහන් පක්ෂයේ ද ඉදිරි පෙළ නායකයකු වූයේ ය. 

1992දී රාජ්‍ය නායකයා, ආරක්ෂක ලේකම්, ප්‍රධාන හමුදා අණ දෙන නිලධාරි සහ පාලක සභාවේ සභාපති යන තනතුරුවලට පත් තාන් ෂ්වේ බුරුමය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමට දැඩිව ම විරුද්ධ අයෙකි. තරමක් ගුප්ත ගතිගුණ ඇති අඩුවෙන් මාධ්‍ය හමුවට එන, දැඩි ලෙස සාත්තර විශ්වාස කරන මෙම රාජ්‍ය නායකයා සැට විය එළඹුණ පසු සරළ ලෙස සිය සේවය තමන් විසින් ම දීර්ඝ කර ගනු ලැබුවේ මියෙන තුරාවට ම බලයේ සිටින බව පෙන්වමිනි. 


පසුගියදා ඔහු සිය දියණියගේ විවාහෝත්සවය පැවැත්වූයේ ෂැම්පේන් හා දියමන්ති වැනි සුඛෝපභෝගී වස්තු මැදයි. ඔහුගේ ආර්ථික කළමනාකරණය තුළ බුරුම ජනතාව දැඩි ලෙස දුප්පත් වී තිබේ. 


2009දී පැරේඩ් සඟරාව ලෝකයේ සිව්වන නරක ම ආඥාදායකයා ලෙස නම් කළේය. ලංකාවට දැන් සිටින රාජ්‍ය තාන්ත්‍රික මිතුරන් වන්නේ මෙවැනි අයයි.  


Comments

  1. මහින්ද වගේ මෝඩ රජේක්ට මේ වගේ ජුන්ටන් ඇර වෙන යාළුවෝ කොහේද.මොකෝ මේ මනුස්සයා රටක් කරන්න home work කරපු පොරක් නෙවෙයිනේ.ගල් අරක්කු බි ගෙන සෙල්ලක්කාර life එකක් ගෙවපු හාදයෙක් නේ.මිනිහාව ජනාධිපති කරලා මැන්ස්ගේ නිදහස සීමා කරලා ලංකාවේ මිනිස්සු මහින්දට ලොකු අසාධාරණයක්නේ කරේ.ඒ පව කරපු වරදට රටේ මිනිස්සුන්ටත් පඩිසන් දිලා.

    ReplyDelete
  2. අපිට ලාබෙට හාල් දෙන්නෙ මියන්මාරෙන් නේද. ඒවා ලාබෙට ගෙන්නල්ලා තම්බාගෙන කාල, සිද්ධාර්ත වගේ කතාව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප